ශ්‍රී ලංකා කි‍්‍රකට් අතුරු කමිටුව මේ මස 14 වැනිදා විසුරුවා හැරීමට බලාපොරොත්තු වන බව කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ”ලංකාදීප”යට පැවැසීය.කි‍්‍රකට් නිලවරණයේ සියලූ කටයුතු ලබන දෙසැම්බර් 15 වැනිදාට පෙර පවත්වා අවසන් කිරීමටද කී‍්‍රඩා අමාත්‍යාංශය මේ වනවිට තීන්දුවක් ගෙන ඇතැයි ද අමැතිවරයා පැවසීය.දැනට අපි හිතාගෙන ඉන්නේ දෙසැම්බර් 15 වැනිදා නිලවරණය පවත්වන්න. දිනය ප‍්‍රකාශ වූවාට පසු දින 21ක් තුළදී නාමයෝජනා කැඳවා අවසන් කරන්නත් අප බලාපොරොත්තු වෙනවා.” යයිද කී‍්‍රඩා ඇමැතිවරයා ලංකාදීපයට පැවසීය.ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ඡන්දයෙන් තේරි පත්වූ නිලධාරි මණ්ඩලයක් වෙනුවට අතුරු කමිටුවක් කි‍්‍රයාත්මක වන්නේ වසර 2004 මාර්තු 24 වැනිදා සිටය.අවසන් වරට පත්කරන ලද වත්මන් කි‍්‍රකට් අතුරු කමිටුව කි‍්‍රයාත්මක වන්නේ පසුගිය ජුලි 4 වැනිදා සිටය. කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපති උපාලි ධර්මදාස මහතාත් ඔහුගේ සොහොයුරකු වන කි‍්‍රකට් අතුරු කමිටුවේ හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතාත් එළඹෙන කි‍්‍රකට් නිලවරණයේදී කි‍්‍රකට් ආයතනයේ සභාපතිධුරයට තරග වදින බව ඔවුන්ගේ ආධාරකරුවෝ ප‍්‍රකාශ කළහ.ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා මීට පෙර අවස්ථාවකදී ”ලංකාදීපය”යට ප‍්‍රකාශ කර තිබුණේ කි‍්‍රකට් නිලවරණයක් කැඳවුවහොත් තමා සභාපතිධුරයට නිසැකවම තරග වදින බවයි. වත්මන් කි‍්‍රකට් අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ එහි ලේකම් ධුරය දරන ප‍්‍රකාශ් ෂාෆ්ටර්, සිදත් වෙත්තමුණි හා නිමල් පෙරේරා (භාණ්ඩාගාරික) යන මහත්වරුන්ය. අන්තර් ජාතික කි‍්‍රකට් සභාව මෑතකදී ගත් තීරණයකට අනුව රටක ජාතික කි‍්‍රකට් සංගමය ඡන්දයෙන් පත්වන නිලධාරීන්ගෙන් සමන්විත විය යුතුය. දැනට අතුරු කමිටු කි‍්‍රයාත්මක වන රටවල කි‍්‍රකට් පාලක මණ්ඩල සඳහා නිලවරණ පැවැත්වීමට 2012 දෙසැම්බර් 31 දා දක්වා අන්තර් ජාතික කි‍්‍රකට් සභාව කල් දී තිබේ.කි‍්‍රකට් නිලවරණය යළි කැඳවන ලෙස ඉල්ලා කී‍්‍රඩා සමාජ කිහිපයක් මෑතදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට උපදෙස් දුන්නේ අදාළ පාර්ශව එක්ව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බවයි.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කි‍්‍රකට් නිලවරණය දෙසැම්බරයේදී