IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු නිලධාරීහු අතුරු කමිටුවල අයවැය වාර්තා ඉල්ලති

වසර අටකට පසුව නිලවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී පසුගිය වසර අට තුළදීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ලැබුණ මුදල් සහ ඒවාට සිදුවූ දේ සම්බන්ධයෙන් මෙතෙක් කල් කටයුතු කළ අතුරු කමිටු නිලධාරීන් කරුණු දැක්විය යුතුව ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු විධායක කමිටු සාමාජිකයන් අතුරින් දැනට සිටින ජ්‍යෙෂ්ඨතමයා වන නීල් පෙරේරා මහතා පවසයි. නීල් පෙරේරා මහතා මේ බව පවසා සිටියේ පසුගිය සෙනසුරාදා කොළඹ කි‍්‍රකට් සමාජ (සී. සී. සී.) ශාලාවේදී පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සාමාජික කී‍්‍රඩා සමාජවල නියෝජිතයන් අමතමිනි. කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව අනුව, විගණනය කරන ලද වාර්ෂික ගිණුම් වාර්තාව  සාමාජිකයන් අතර බෙදා හැරීමකින් තොරව, වාර්ෂික මහ සභා රැුස්වීමක් පවත්වන්නටත් බෑ. ඒත් දැන් අපි නිලවරණයක් තියන්න යනවා” මේ නිලවරණය පැවැත්වෙන්නට පෙර, පසුගිය වසර හය හතේදී කි‍්‍රකට් පාලක මණ්ඩලයයේ ආදායම් වලට මොනවා වුණාද කියා කවුරුන් හරි ප‍්‍රශ්න කරනවා නම් තත්ත්වය වඩාත් පැහැදිළි කරගත හැකියි” යයිද නීල් පෙරේරා මහතා පැවසීය. මේ වන විට 80 වැනි විය ඉක්මවා සිටින නීල් පෙරේරා මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩල විධායක කමිටුවට මුලින්ම තේරී පත්වූයේ 1958 දීය. ඉන් පසුව වසර ගණනාවක්ම කි‍්‍රකට් පාලක මණ්ඩලයේ විධායක කමිටු සාමාජිකයකු ලෙසත්, පසුව ලේකම් වරයකු ලෙසත් කටයුතු කර ඇති නීල් පෙරේරා මහතා දිවංගත ගාමිණී දිසානායක මහතා යටතේ සහ දිවංගත ටිරෝන් ප‍්‍රනාන්දු මහතා යටතේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ උප සභාපති තනතුරු හෙබවීය. පිට පළාත් වල කි‍්‍රකට් කී‍්‍රඩාව කඩා වැටිලා. කී‍්‍රඩකයන්ට පුහුණුවීම් කරන්නවත් පළමු පෙළ තරග තියන්න වත් සුදුසු කී‍්‍රඩාංගණ නෑ. ඒත් අපි දැවැන්ත කී‍්‍රඩාංගණ හදමින් යනවා. මේවා තේරුමක් නැති වැඩ” දෙයියන්ගෙ නාමෙට, තවත් නම් දැවැන්ත කී‍්‍රඩාංගණ හදන්න එපා. අපට  ඕනෑවටත් වඩා කී‍්‍රඩාංගණ තිබෙනවා. ඒ වෙනුවට පිට පළාත් වල සිටින කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට පුහුණුවීමේ පහසුකම් සලසා දෙන්න” යයිද පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු භාණ්ඩාගාරිකවරයකු මෙන්ම ගාමිණි දිසානායක මහතා සභාපතිව සිටි සමයේ වසර හයක පමණ කාලයක් ලේකම්වරයා ලෙසින්ද කටයුතු කළ නුස්කි මොහොමඞ් මහතා පවසා සිටියේ කි‍්‍රකට් අතුරු කමිටු වලින් අයවැය වාර්තා ප‍්‍රසිද්ධියට පත්කළේ හේමක අමරසූරිය මහතා සභාපතිව සිටි වසරක කාලය සඳහා පමණක් බවයි. මේ ගිණුම් වාර්තා විගණනය වෙනවාලූ. ඒත් එතැනින් එහාට මොනවා වෙනවාද කියා කිසිවෙක් දන්නේ නෑ. ඒත් කී‍්‍රඩා සමාජ නියෝජිතයන් හැටියට අප මේවා දැනගත යුතුයි” යයි සැරසන්ස් කී‍්‍රඩා සමාජයේ සභාපතිවරයාද වන නුස්කි මොහොමඞ් මහතා පැවසීය. අපට හොඳ නායකත්වයක් අවශ්‍යයි. ඒ නිසයි තිලංග වැනි කෙනෙක් අපට  ඕනෑ කරන්නේ....” මා ගාමිණි දිසානායක මහතා එක්ක වසර අටක නමයක කාලයක් වැඩ කළා. තිලංග එක්කත් වසර දෙක තුනක් වැඩ කළා. ඒ නිසා තිලංගට කරන්න පුළුවන් දේ මොනවාද කියා මා දන්නවා” යයි කී නුස්කි මොහොමඞ් මහතා... අතුරු කමිටු කියන්නේ අතීතයේ දෙයක්. ජාතික කි‍්‍රකට් සංගම් ඡුන්දයෙන් පත්වන නිලධාරීන්ගෙන් සමන්විත විය යුතු යයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාව දැනටමත් ප‍්‍රතිපත්ති නිවේදනයක් නිකුත් කරලාත් තිබෙනවා” යයිද වැඩිදුරටත් පැවසීය. අතීතයේ සිටම ශී‍්‍ර ලංකාවේ දක්‍ෂතම පිතිකරුවන් කී‍්‍රඩා කළේ කි‍්‍රකට් පොතේ ඇති පහර වලින් නොව, ඔවුන් සහජයෙන්ම ගෙන ආ, තමන්ටම ආවේණික වූ පිතිහරඹ රටාවකිනි. දුලිප් මෙන්ඩිස් සහ අර්ජුන රණතුංග යුගයේ සිට සනත් ජයසූරිය සහ දිනේෂ් චන්දිමාල් දක්වාත් පන්දු යැවීමේදී මෙන්ම පිතිකරුවන් දවාගැනීමේ උපක‍්‍රම දක්වාත් එය ශී‍්‍ර ලංකාවට අවේණික ක‍්‍රමයකි. එහෙත් දිගු කලක සිටම ශී‍්‍ර ලංකාවේ ජාතික කණ්ඩායම පුහුණුකරවීම සඳහා පුහුණුකරුවන් ගෙන්වනු ලබන්නේ  ඕස්ටේ‍්‍රලියාවෙනි. මේ සම්බන්ධයෙන්ද කි‍්‍රකට් සමාජ නියෝජිතයෝ අදහස් දැක්වූහ. කලකට ඉහතදී ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් පුහුණුකරුවන්ට ලෝකයේ වෙනත් රටවලින් කැඳවීම් ලැබුණ නමුත් මේ වන විට ශී‍්‍ර ලංකාව  ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරුවන්ගේ පිහිට පමණක් පතමින් අසරණ වී සිටින බව කි‍්‍රකට් පුහුණුකරුවකු වන සෙනරත් අල්විස් මහතා අදහස් දක්වමින් පැවසීය. අල්විස් මහතා බංග්ලාදේශයේ 13 න් පහළ කණ්ඩායම පුහුණු කරවීම සඳහා ශී‍්‍ර ලංකාවෙන් ගිය පුහුණුකරුවාය. ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් පුහුණුකරුවන්ට පිටරට යැවීමට සමත් වූ එකම සභාපතිවරයා තිලංග සුමතිපාල මහතායි” යයිද අල්විස් මහතා වැඩිදුරටත් පැවසීය. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන චන්දික හතුරුසිංහ මහතා මේ වන විට  ඕස්ටේ‍්‍රලියාවේ නිවුසවුත් වේල්ස් ප‍්‍රාන්තයේ සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරන අතර රුමේෂ් රත්නායක මහතා ආසියානු කි‍්‍රකට් සභාවේ පුහුණුකරුවකු ලෙසින් කටයුතු කරයි. ලබන වසරේ ජනවාරි මස 3 වැනිදා පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා තිලංග සුමතිපාල මහතා විසින් මෙම රැස්වීම කැඳවන ලදි. රැුස්වීම සඳහා දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් කී‍්‍රඩා සමාජ, දිස්ති‍්‍රක් සංගම්, පළාත් කි‍්‍රකට් සංගම් සහ ආයතනික කි‍්‍රකට් සංගම් වල නියෝජිතයෝ 80 කට වැඩි පිරිසක් සහභාගි වූහ. එහිදී ලැබුණ ප‍්‍රතිචාර මත මෙවර නිලවරණය සඳහා ඉදිරිපත් වීමට තමන් සූදානම් බවද තිලංග සුමතිපාල මහතා පැවසීය. රැස්වීමේ ප‍්‍රධාන මේසයේ අසුන් ගෙන සිටි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු නිලධාරීන් වමේ සිට... නීල් පෙරේරා, රවීන් වික‍්‍රමරත්න, තිලංග සුමතිපාල, මොහාන් ද සිල්වා සහ නුස්කි මොහොමඞ් යන මහත්වරු.          (ඡායාරූපය : ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු නිලධාරීහු අතුරු කමිටුවල අයවැය වාර්තා ඉල්ලති

සුමන මානන්දුව Monday, 28 November 2011 02:18 PM

අතුරු කමිටුවල අය වැය වාර්තාව විතරක් නොවෙයි ඒවා පරිහරණය කරපු අය ගැනත් සොයා බැලිය යුතුයි

:       0       0

හේමන්ත Monday, 28 November 2011 03:46 PM

කිරි රස දන්නෝ මේවා හදුණන්නෝ බත් රස දන්නෝ කෙත හදුණන්නෝ MONEY සර දන්නෝ ක්‍රිකට් කරන්නෝ මුකුත් නොදන්නෝ ක්‍රිකට් බලන්නෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 661 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 787 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1368 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 579 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1303 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 664 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site