IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ක්‍රිකට් පුහුණුකරු විකට් කඩා ගනී

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයයේ ක්‍රිකට් කණ්ඩායමේ සිසුවකු පුහුණුවට නොපැමිණි බව කියමින්  විෂය භාර ගුරුවරයා පහර දී ඇතැයි මව්පියෝ අද (23) පොලීසියට පැමිණිලි කළහ.

ඔහු බේරා ගැනීමට ගිය තවත් සිසුන් දෙදෙනකුට කොස්සෙන් ගසා ඇතැයි ද  කියති.

බයිසිකලයෙන් වැටි වළලුකරේ තිබු අබාධයක් නිසා තම පුතා පුහුණුවට නොගිය බව මව්පියන් පොලීසියට කළ පැමිණණිල්ලේ සඳහන්ය.

මේ ශිෂ්‍යයා කොට්ටාව ධර්මපාලයේ සිටියදී  ක්‍රිකට් ගැන දැක්වු දස්කම් නිසා පන්නිපිටිය ධර්පාලයට ඇතුළු කැරගෙන ඇතැයිද දැනගන්නට ඇත.

pan-1 pan-2h



අදහස් (0)

ක්‍රිකට් පුහුණුකරු විකට් කඩා ගනී

කාන්ති Wednesday, 24 September 2014 06:35 AM

පුදුම ගුරුවරු (දී)

:       0       0

වීරප්පන් Tuesday, 23 September 2014 03:19 PM

අනේ අපොයි! දැන් කාලේ ගුරුවරුත් තමන්ගේ තත්ත්වයත් ගෞරවයත් රැකගෙන ළමයින්ට නියම මඟපෙන්වීමක් දීලා ඒ අයව යහමඟට ගන්නවා නම් ඒක රටේ වාසනාව. එහෙම හොඳ ගුරුවරුන්ට එරෙහිව කවුරුත් චෝදනා කරන්නෙත් නැහැ. (නි)

:       0       0

බුද්ධික Tuesday, 23 September 2014 04:20 PM

ළමයිට දඩුවම් කරන්න ඕනෑ තමයි. විනයක් තියෙන්න ඕනෑ හැමදේකටම. ගෙදරින් සහ පාසලෙන් තමයි ළමයින්ගේ විනය හදන්න පුලුවන්. දෙමවුපියන් බුද්ධිමත් වෙන්න. පොලිසියට යන්න තරම් දෙයක් නොවෙයි මේ දේවල්. (නි)

:       0       0

සේනානායක Tuesday, 23 September 2014 04:34 PM

මුලින්ම ළමයින්ට පුරුදු කරන්න ඕන ගුරු ගෞරවය කියන්නේ මොකද්ද කියල. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 23 September 2014 11:39 PM

පුහුණුවකට ආවේ නැහැ කියලා ළමයෙකුට දඬුවම් කරන්න තරම් ගුරුවරයෙකු පෙළඹේවිද? අනික නොපැමිණීමට හේතුව කියන්න ඇතිනේ. (නි)

:       0       0

නිමල් Tuesday, 23 September 2014 10:14 AM

මමත් ගියේ ඔය ඉස්කොලෙට. දැන් ඔය ඉස්කෝලේ විදුහල්පති ඇතුළු ගුරුවරු හැසිරෙන්නේ ඒ ගොල්ලෝ ලෝකෙම ලොක්කෝ වගේ. (නදී)

:       0       0

නලින් Wednesday, 24 September 2014 12:43 AM

ආනන්දේ විතරද ක්‍රිකට් තියෙන්නේ? ධර්මපාලෙනුත් අපි හදනවා හොඳ කොල්ලෝ.මෙතැන මොකක් හෝ දෙයක් තියෙනවා.අපි ධර්මපාලේ ක්‍රීඩාව වෙනුවෙන් අනන්තවත් දුක්විඳලා තියෙනවා.එදා ගුරුවරු අදත් අපි එක්ක දෙමවුපියන් වගේ ඉන්නවා.හේතුව අපි ගුටිකෑවත් ගුරුවරුන්ට හදවතින්ම ගරු කිරීම. (නි)

:       0       0

සේනාරත්න Tuesday, 23 September 2014 10:32 AM

විදුහලේ කටයුතුවලට මැදිහත්වීම පරිස්සමින් කරන්න. ඔබේ ළමයා කියනදේ නාහන මුරණ්ඩු ළමයෙක් වේවි. ඔබටම ඔහු කන්ට්‍රෝල් නැති වේවි. (නදී)

:       0       0

ගාමිණී Tuesday, 23 September 2014 10:36 AM

අපරාදේ මේ ළමය ක්‍රිකට් වලට දක්ෂනම් ආනන්දෙට ආවා නම් එච්චරයි. හොද දක්ෂ පුතෙක් කරාවි (නදී)

:       0       0

සේරම් Tuesday, 23 September 2014 11:36 AM

සේනාරත්න මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 September 2014 11:38 AM

පුදුමාකාර දෙමාපියන් ඉන්න පුදුමාකාර දරුවන් ඉන්න විපරිත කාලයක් එළඹිලා තියෙන්නේ. (නි)

:       0       0

මානගේ Tuesday, 23 September 2014 12:24 PM

අපි යන කාලේ ඔහොම දේවල් අහන්නවත් ලැබුනේ නැහැ. කොතැනක හෝ පටලැවිල්ලක්. (නදී)

:       0       0

සෙනරත් Tuesday, 23 September 2014 12:54 PM

කියන තරම් ලොකු පහරදීමක් වෙන්න බෑ අත රතුපාට වෙච්ච විදියෙන්. අපි ගුටිකාපු විදියට ගුරුවරුන්ට මොනවා කරන්න ඕනෙද. එත් අපි එම ගුරුවරු එක්ක අදටත් යාලුයි (නදී)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 23 September 2014 01:02 PM

ක්‍රිකට් කියන්නේ විනයක් ඇති ක්‍රීඩාවක්. මම අනන්තවත් ගුටි කාලා තියෙනවා. ඒත් පොලිසි ගිහින් ගුරුවරයෙකුට එරෙහිව කතා කරන්න තරම් පහත් තත්වයක් අපේ නම් නැහැ (නදී)

:       0       0

සිල්වා Tuesday, 23 September 2014 01:47 PM

අපි පාසල් යන කලේ ඔහොම නෙවෙයි අපිට ගැහුවේ. නමුත් අපි ගෙවල් වලට කිවේ නැහැ. එදා ගුරුවරුගෙන් ගුටි කෑවට අපි හොද තැනක අද ඉන්නවා. අපේ ගුරුවරුන්ට හදවතින්ම ගරුකරනවා. !දැන් හැදෙන ළමයි කිසිම දැක්මක් නැහැ සමාජය පිරිහීමකට ලක්වෙලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 347 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 176 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 418 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1454 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 375 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 168 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site