පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයයේ ක්‍රිකට් කණ්ඩායමේ සිසුවකු පුහුණුවට නොපැමිණි බව කියමින් විෂය භාර ගුරුවරයා පහර දී ඇතැයි මව්පියෝ අද (23) පොලීසියට පැමිණිලි කළහ.
ඔහු බේරා ගැනීමට ගිය තවත් සිසුන් දෙදෙනකුට කොස්සෙන් ගසා ඇතැයි ද කියති.
බයිසිකලයෙන් වැටි වළලුකරේ තිබු අබාධයක් නිසා තම පුතා පුහුණුවට නොගිය බව මව්පියන් පොලීසියට කළ පැමිණණිල්ලේ සඳහන්ය.
මේ ශිෂ්‍යයා කොට්ටාව ධර්මපාලයේ සිටියදී ක්‍රිකට් ගැන දැක්වු දස්කම් නිසා පන්නිපිටිය ධර්පාලයට ඇතුළු කැරගෙන ඇතැයිද දැනගන්නට ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ගියේ ඔය ඉස්කොලෙට. දැන් ඔය ඉස්කෝලේ විදුහල්පති ඇතුළු ගුරුවරු හැසිරෙන්නේ ඒ ගොල්ලෝ ලෝකෙම ලොක්කෝ වගේ. (නදී)
විදුහලේ කටයුතුවලට මැදිහත්වීම පරිස්සමින් කරන්න. ඔබේ ළමයා කියනදේ නාහන මුරණ්ඩු ළමයෙක් වේවි. ඔබටම ඔහු කන්ට්‍රෝල් නැති වේවි. (නදී)
අපරාදේ මේ ළමය ක්‍රිකට් වලට දක්ෂනම් ආනන්දෙට ආවා නම් එච්චරයි. හොද දක්ෂ පුතෙක් කරාවි (නදී)
සේනාරත්න මොනවද මේ කියවන්නේ? (නි)
පුදුමාකාර දෙමාපියන් ඉන්න පුදුමාකාර දරුවන් ඉන්න විපරිත කාලයක් එළඹිලා තියෙන්නේ. (නි)
අපි යන කාලේ ඔහොම දේවල් අහන්නවත් ලැබුනේ නැහැ. කොතැනක හෝ පටලැවිල්ලක්. (නදී)
කියන තරම් ලොකු පහරදීමක් වෙන්න බෑ අත රතුපාට වෙච්ච විදියෙන්. අපි ගුටිකාපු විදියට ගුරුවරුන්ට මොනවා කරන්න ඕනෙද. එත් අපි එම ගුරුවරු එක්ක අදටත් යාලුයි (නදී)
ක්‍රිකට් කියන්නේ විනයක් ඇති ක්‍රීඩාවක්. මම අනන්තවත් ගුටි කාලා තියෙනවා. ඒත් පොලිසි ගිහින් ගුරුවරයෙකුට එරෙහිව කතා කරන්න තරම් පහත් තත්වයක් අපේ නම් නැහැ (නදී)
අපි පාසල් යන කලේ ඔහොම නෙවෙයි අපිට ගැහුවේ. නමුත් අපි ගෙවල් වලට කිවේ නැහැ. එදා ගුරුවරුගෙන් ගුටි කෑවට අපි හොද තැනක අද ඉන්නවා. අපේ ගුරුවරුන්ට හදවතින්ම ගරුකරනවා. !දැන් හැදෙන ළමයි කිසිම දැක්මක් නැහැ සමාජය පිරිහීමකට ලක්වෙලා. (නදී)
අනේ අපොයි! දැන් කාලේ ගුරුවරුත් තමන්ගේ තත්ත්වයත් ගෞරවයත් රැකගෙන ළමයින්ට නියම මඟපෙන්වීමක් දීලා ඒ අයව යහමඟට ගන්නවා නම් ඒක රටේ වාසනාව. එහෙම හොඳ ගුරුවරුන්ට එරෙහිව කවුරුත් චෝදනා කරන්නෙත් නැහැ. (නි)
ළමයිට දඩුවම් කරන්න ඕනෑ තමයි. විනයක් තියෙන්න ඕනෑ හැමදේකටම. ගෙදරින් සහ පාසලෙන් තමයි ළමයින්ගේ විනය හදන්න පුලුවන්. දෙමවුපියන් බුද්ධිමත් වෙන්න. පොලිසියට යන්න තරම් දෙයක් නොවෙයි මේ දේවල්. (නි)
මුලින්ම ළමයින්ට පුරුදු කරන්න ඕන ගුරු ගෞරවය කියන්නේ මොකද්ද කියල. (නදී)
පුහුණුවකට ආවේ නැහැ කියලා ළමයෙකුට දඬුවම් කරන්න තරම් ගුරුවරයෙකු පෙළඹේවිද? අනික නොපැමිණීමට හේතුව කියන්න ඇතිනේ. (නි)
ආනන්දේ විතරද ක්‍රිකට් තියෙන්නේ? ධර්මපාලෙනුත් අපි හදනවා හොඳ කොල්ලෝ.මෙතැන මොකක් හෝ දෙයක් තියෙනවා.අපි ධර්මපාලේ ක්‍රීඩාව වෙනුවෙන් අනන්තවත් දුක්විඳලා තියෙනවා.එදා ගුරුවරු අදත් අපි එක්ක දෙමවුපියන් වගේ ඉන්නවා.හේතුව අපි ගුටිකෑවත් ගුරුවරුන්ට හදවතින්ම ගරු කිරීම. (නි)
පුදුම ගුරුවරු (දී)