අන්තර් ජාතික ක‍්‍රිකට් සභාවට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රිකට් විනිසුරුවන් පත් කිරීමේ දී තමන්ට අසාධාරණයක් සිදු වූ බවට ක‍්‍රිකට් විනිසුරුවන් තිදෙනකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට කළ පැමිණිල්ල විභාග කිරීම ආරම්භ කර තිබේ. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට වග උත්තරකරුවන් කල් ඉල්ලා සිටි බව එම කොමිෂන් සභාවේ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පසුගිය ජනවාරි 16 වැනිදා මුලින්ම කැඳවීම් ලබා තිබුණේ එවකට ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධුරය දැරූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති උපාලි ධර්මදාස මහතාය. අන්තර් ජාතික ක‍්‍රිකට් විනිසුරුවන් වන ගාමිණී දිසානායක, රෝහිත කොට්ටච්චි හා මොරිස් ඩිලා ද සිල්වා යන මහත්වරු මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලකින් කියවුණේ අන්තර් ජාතික ක‍්‍රිකට් සභාවට 2011 වසරේ දී ශ්‍රී ලංකාවෙන් ක‍්‍රිකට් විනිසුරුවන් නම් කිරීමේ දී තමන්ට අසාධාරණයක් සිදු වූ බවත් එමගින් සිය මානව හිමිකම් කඩවී තිබෙන බැවින් එක් අයකුට රුපියල් මිලියන පහ බැගින් වන්දි මුදලක් ද ලබාදීමට නියෝග කරන ලෙසත්ය. ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළින් සිටින විනිසුරුවන් නොසලකා හරිමින් රුචිර පල්ලියගුරු මහතා ඊට නම් කිරීම, ඒ සම්බන්ධයෙන් පැවැති සම්මුඛ පරීක්ෂණය විෂය පිළිබඳව දැනුමක් නොමැති අයකු ලවා මෙහෙයවීම, විනිසුරු ශ්‍රේණිගත කිරීමේ ප‍්‍රතිඵල ලේඛනය ප‍්‍රසිද්ධකර පසුව වෙනස් කිරීම, එවකට ක‍්‍රියාත්මක වූ ක‍්‍රිකට් විනිසුරු කමිටුව හා ක‍්‍රිකට් අතුරු කමිටුව ඒ සම්බන්ධයෙන් කළ පැමිණිලි නොසලකා හරිමින් ක‍්‍රියා කිරීම ඇතුළුව තවත් අතුරු කරුණු ගණනාවක් පිළිබඳව මෙම විනිසුරුවන් විසින් මානව හිමිකම් කොමිසමට සිය පැමිණිල්ලෙන් දක්වා තිබුණි. එවකට ක‍්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ කෙන් ද අල්විස් ලේකම්වරයා ලෙස කටයුතු කළ සුදර්මා ද සිල්වා එහි සාමාජිකයන්ව සිටි පර්සි පෙරේරා, ශ්‍රීනාත් සිල්වා, සම්මුඛ පරීක්ෂණය මෙහෙය වූ නිලධාරි උපාලි ගමගේ, ක‍්‍රිකට් ආයතනයේ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ඈෂ්ලි ද සිල්වා එවකට විනිසුරු කමිටුවේ වැඩබලන කළමනාකරු ලෙස කටයුතු කළ නිශාන්ත වඩුගේ, ක‍්‍රිකට් ආයතනයේ වැඩබලන විධායක අජිත් ජයසේකර හා එවකට ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ උපාලි ධර්මදාස යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් ඔවුන් එම පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට ගොනුකර තිබුණි. එම පැමිණිල්ල පිළිබඳව සලකා බැලූ මානව හිමිකම් කොමිසම මීට පෙර අවස්ථා කීපයක දී වගඋත්තරකරුවන්ට ලිඛිතව කරුණු දක්වන ලෙස දැනුම්දීම් කර තිබූ බව ද වාර්තාවේ.
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කි‍්‍රකට් විනිසුරුවන්ගේ පැමිණිල්ල මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට