කූරගල පුරාවිද්‍යා රක්ෂිතයෙන් සොයාගත් මානව අස්ථි කොටස් අදින් වසර 16,000ට පෙර විසූ මානවයකුගේ බව විද්‍යාත්මක කාලනිර්ණයට අනුව තහවුරු වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි. මේ බව තහවුරු කරගෙන ඇත්තේ එංගලන්තයේ කේම්බ්‍රිජ් හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයන්හි දී කරන ලද බීටා ඇනලටික් නම් කාලනිර්ණ ක්‍රමයෙනි. 2013 වර්ෂයේ මැයි මාසයේ දී කරන ලද කැණීමක දී මේ මානව සාධක හමුවී තිබිණි.
පහතරට වියළි කලාපයට හා තෙත් කලාපයට මැදින් පිහිටි අතර මැදි කලාපයට අයත්වන කූරගල ආසන්න බෙල්ලන්බැඳිපැලැස්සෙන් ද ප්‍රාග් ඓතිහාසික මානව සාධක හමුවී තිබිණි. බෙල්ලන්බැඳිපැලැස්සේ දී හමුවූ මානව අවශේෂ කාල නිර්ණය කිරීමේ දී ඒ මානවයා වසර 13,000ක් පැරණි බව තහවුරු විය. ඒ අනුව කූරගලින් හමුවූ ප්‍රාග් ඓතිහාසික මානව සාධක ඊටත් වඩා වසර 3000ක් අතීතයට දිව යයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට මීට වඩා අතීතයක් තියෙනවා. (ස)
මරදාන ගමගේ, ඔබ කිවුව දේ හරි (නි)
තම ඉතින් කාල නීර්ණය කරන්න එංගලන්තයට යව යව ඉන්නවා මිසක්, කොයි කාලේ කාල නීර්ණ යන්ත්‍රයක් ලංකාවේ හදයි ද දන්නේ නැහැ. (අ)
ඔයිට වැඩිය ඉතිහාසයක් ලංකාවට තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනාකල බව කවුරුත් දන්නවද ,,, මීට පෙර වැඩ සිටි කකුසඳ,, කෝණාගමන ,, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා මෙම භූමියට වැඩම කල බව උන් වහන්සේ දේශනා කලා ඉතින් අවුරුදු 13000 16000ක් කියන්නේ බොහොම මෑතනේ කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මීට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකට පෙරනේ (අ)
සමහර අදහස් දැක්කහම දුකයි (නි)
කූරගල බේරාගනු! (නි)
ලෝකයේ අනෙකුත් රටවල් වල මෙවැනි දේවල් සොයාගෙන තියනවා. ඒවා අවරුදු මිලියන ගානක් පැරණියි ඔවුනුත් කියනවා. මේකෙන් කියන්ඩ පුළුවන් අනෙකුත් රටවල් වගේම ලංකාවේ සංස්කෘතියත්, තාක්ෂණයත් ඉතිහාසයත් පොහොසත් රටක් කියලා (නදී)
මම ලංකාවට ගීය වෙලාවේ කුරගල මෙම ඇට සැකිල්ල බලන්න ඕන . (අ)
අසිට, අවුරුදු ප්‍රකෝටි ගණනකට පෙර මනුෂ්‍ය වර්ගයා සිටි බවක් ඔබ ඉගෙන ගත්තේ කාගෙන්ද? කකුසඳ, කෝනාගම, කාශ්‍යපලා මෙම භූමියට වැඩම කල බවක් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොන සූත්‍රයේද? බුදුන්වහන්සේට අපහාස කරන්න එපා.මෝඩ කතා කියන්න එපා. පාශානිභූත මිනිස් සරීර මීට වඩා බොහොම පැරණි ඒවා තවත් රටවල හම්බ වෙලා තියනවා. ඔවාගෙන් අපේ ඉතිහාසයක් කොහොමටවත් හෙලිවෙන්නේ නැහැ. මේ පුවතට ප්‍රතිචාර දක්වලා තියන සමහරු ඉතිහාසය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැහැ වගෙයි. තව ඒ මදිවට ඕවා පරෙස්සම් කරන විදිහ ගැන නිලධාරීන්ට තරවටු කරනවා (නදී)
හමුවූ වසර 13000 ක පැරණි අස්ථි කොටස් සුරක්ෂිතව තබා ගැනීමට වගබලා ගතයුතුයි. නිදා සිටින දරුවන් උස්සන කාලයේ වැඩි මිලකට වෙනත් රටවලට ඔය ටිකත් විකුණාවි (නදී)
රහතන් වහන්සේ නමකගේ හෝ භික්ෂූන් වහන්සේ නමකගේ වෙන්න බැරිද. එහෙම වුණානම් ආදාහනය කෙරෙනවා හැබැයි. මුත්තා කියන එක ටිකක් නම්බු මදි. පිළිවෙලට වලදාපු වැදගත් කෙනෙක්. (නදී)
ශ්‍රී ලංකවේ අතීතය හරිම වෙනස්. දැන් අපි කර තියාගෙන ඉන්නේ ඉන්දියාවේ බමුණු ලියපු බොරු. මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි. මෙම පරම සත්‍ය වටහා ගැනීමට පිරිසිදු සිව් හෙලයේ ලේ ඇති අපට හැකි වුවද භාරත සම්භවයකින් පැවතෙන බොහෝ සිංහලයන්ට නොහැකිය. අදට පවතින ඉතිහාසය යනුවෙන් පිළිගනු ලබන කෘතීම ඉතිහාසය බුද්ධඝෝෂ හා මහනාම යන භාරතයෙන් පැමිණි දුෂිත බමුණන් දෙදෙනා නිවැරදි හෙළ දීපවංශය සහ මහා වංශය යට ගසා ලියන ලද්දක් ඇසුරෙන් ජෝර්ජ් ටර්නර් නැමැති සුද්දා 1900 ගණන් වල ලියූවකි. මේ දේවල් ජනතාව තේරුම් ගන්න ඕනි. තවත් වැදගත් කරුණක් වන්නේ හෙළබිම පූර්ව බ්‍රග්මීය සෙල්ලිපි 1200 ට අධික ගණනක් තිබියදී (පිටපත් කල) ඉන්දියාවේ ඇත්තේ 32ක් පමණි. (නදී)
වහල් මානසිකත්වයකින් යුතු සමහරු සිංහලයා පැවතෙනුයේ විජය නැමැති දාමරිකයාගෙන් බව කිසිඳු හිරි කිතයකින් තොරව පිළිගනිති. එයිනුදු නොනැවතී එම මිත්‍යාව සනාථ කරනු වස් ඔවුනගේ ගුරුවරු (පර සුද්දන්) මෑත යුගයේ ලියා දුන් මෝඩ ඉතිහාසය වෙනුවෙන් වාද විවාද පවා කරති. සිව් හෙළය ගැන අබමල් රේනුවක්වත් නොදත් මොවුන් අපගේම වන තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ සිව් හෙළයේ කරදිය වළල්ලෙන් ඉන්දියාවට තල්ලු කර දැමීමට තැත් කිරීම කවර පුදුමයක්ද? (නදී)
බුදුවරු පහළවන්නේ දඹදිවයි, ඒ ගැන තිපිටක සුත්‍ර දේශනා අධ්‍යයනයෙන් පැහැදිලිව පෙනෙනවා. බුදුන් උපන් ලුම්බිණියේ මෑතක කල කැනීම් වලින් හමුවුන පුරාවිද්‍යා සාධක මෙය තවත් තහවුරු කරනවා. සුත්‍ර දේශනා සැම එකක්ම එය දෙසු තැන බොහොම නිවැරදිව දක්වා තිබෙනවා. ඒවා ලංකාවේ තැන නොවන බව කුඩා දරුවෙකුට පවා පෙනෙනවා. බුදුවරු ලංකාවේ පහල නොවන්නේ මෙය ඉතා කුඩා රටක් නිසයි. බුද්ධ භුමිය දඹදිව මධ්‍ය මණ්ඩලයයි. නමුත් පිරිසිදු දහම රැකෙන්නේ මේ ලංකාවේ බව දුටු බුදුරදුන් අන් කිසිම රටකට නොවැඩියත් මේ ලක් පොලවට තෙවරක්ම වැඩි සේක. මේවා දන්නේ නැති අනුවන දනන් කව්රුහරි මෝඩ කතාවක් කිව්වම එකේම එල්ලිලා බොරු ඉතිහාස ගොඩ නගනවා. ඒ පට්ටපල් බේගල් වලට බාදා වෙන ත්‍රිපිටකය, හෙළ මහා වංශය, දීප වංශය ආදී ඓතිහාසික ලේඛන පවා බොරු කියමින් සිහින ලොවක් ගොඩ නගනවා. බුදුවරු සතරනමක් ලංකාවට වැඩමකළ බවත්, උන්වහන්සේලාගේ බෝධි අංකුර වැඩ සිටවූ තැනුත් හෙළිකළේ මහා මිහිදු මහරහතුන්ය. මේ ඉතිහාසය විකෘති කරන්නේ මාර අවේශයෙන් පැටලවිලි ඇතිකරන්න හදන අනුවන පිරිසකුයි. (ස)
විජය යනු දාමරිකයෙක් නොවයි, ඔහු තරුණකමට දේශාන්තර සොයා ගිය ආර්ය රජකුමරෙක්. විජය සහ පිරිවර පැමිණීමත් සමග අපේ හෙළයන් සහ සුර්ය වංශිකයන් අතර බල අරගල ඇති වුනා. නමුත් පණ්ඩුකාභය රජු මේ සියල්ල එකතු කොට සිංහ - හෙළ ජාතියක් ගොඩනැගුව. සිංහල ජාතියේ නිර්මාතෘ පණ්ඩුකාභය රජුයි. හරියට ක්‍රි. ව . 1000 දී අර්තෙර් රජු ඇන්ග්ලෝ සක්සෝන් සහ රෝමානු ගෝත්‍ර එකතු කොට ඉංග්‍රීසි ජාතිය ගොඩනැගුව වගේ. සිංහල ජාතිය ශිෂ්ඨාචාරයක් ලෙස යලි සැකසුනේ මිහිදු මාහිමිගෙන් ලද මහා දායාදය සමගයි. අප අද කතාකරන සිංහල බස ඉන්දු ආර්ය බසක් වෙන්නේ මේ සම්භවය නිසයි, නමුත් එය පාලි, මගදී බසට වඩා වෙනස් වෙන්නේ හෙළ බස මිශ්‍ර වීම නිසයි. මේවා නොදත් සුළු පිරිසක් අද ඉතිහාසය වෙනස් කරමින් විකාරයක් ගොඩනගන්න ළදරු උත්සහයක් දරනවා. මහාවංශයටත්, සෙල් ලිපි වලටත්, ධර්මයටත් , ත්‍රිපිටකයටත් නිර්ධය ලෙස පහර ගහමින් මිත්‍යාවක් පතුරවමින් ඉන්නවා. රාවණ මිත්‍යාව නම් ඉන්දියානු බමුණන් ඉන්දියානුවන් තුල බුදුදහම සුරකින ලංකාව කෙරෙහි දැඩි වෛරයක් ඇති කිරීමට ලියපු රාමායනය නම් ප්‍රබන්ධය (කාව්‍ය) සරණ ගිය මෝඩ ජනයා තම උරුමයටම පහර ගහමින් සිටිති. (ස)
මේවා කියෙව්වට පස්සේ මාව කරකවලා අතහැරියා වගේනේ. ආයෙත් මට පාසල් යන්න හිතෙනවා (නි)
ඉතිහාසය ලිඛිත සාධක පදනම් කරගෙනයි සාකච්චා කරන්නේ.පුරාවිදයාවීදී ඊට වැඩි සාධක යොදා ගන්නවා. මේ සාධක වලින් පුළුවන් ඉතිහාසයේ නොලියවුණු,නොකියවුණු කතාවක් සාක්ෂි සහිතව හොයාගන්න.ඉතිහාස පොත් වල ලියවෙලා තියෙන සමහර කරුණු නිවැරදි නොවන වග පුරාවිද්‍යා පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. (ස)
මෙම සොයාගැනීම් වලින් තහවුරු වන්නේ අවස්ථාවාදවත්, ජාතිවාදයවත්, පටු පවිටු දේශපාලනයවත් නොව මේ භූමිය තුළ එදා ජීවත්වූ මිනිස් කොට්ඨාශයක් ගැනයි. (නි)
මේක මහා ලෝක පුදුමයක් නොවේ ලෝකේ හැම රටේම මෙවැනි දේ හෑරුවොත් ලැබේවි (නදී)
හොඳ සොයාගැනීමක් (නි)
කුරගල මුත්තා නම් රාවනා දැකලා ඇති (නදී)
අතීතයේ අපේ රට ලෝකයේ ප්‍රබලම රටක් වෙලා තියෙන්න ඇති (නි)
මේ හමුවන්නේ අපේ වැළලී ගිය අභිමානයයි (නි)
ප්‍රශ්ණයක් තමයි (නදී)
විජයට ආවඩන අයට කට උත්තර නැහැ කියනවද (නදී)
කුරගල, බෙල්ලන්බැඳිපැලැස්ස, පාහියන් ගල , බලන්ගොඩ බටදොඹ ලෙන ආදී විවිධ ස්ථාන වලින් හමුවූ අවුරුදු දහස් ගණනක් පැරණි අස්ථි වලින් අපේ ශ්‍රී ලංකාද්වීපයේ ඉතිහාස කතාව ගලපා ලියා ලෝකයට අභිමානයෙන් පෙන්වන්න පුළුවන් පරපුරක් දැන් බිහිවිය යුතුයි. වංශය කබල් ගාලා හරියන්නේ නැහැ. (නි)
අපට හැඟෙන අන්දමට ලංකාද්වීපයේ භෞතික හා ජෛව අනන්‍යතාවය අවුරුදු ලක්ෂ ගණනක සුවිශේෂීතාවයක් සමඟ ඉන්දියානු අර්ධද්වීපයෙන් වෙන්ව පැවතගෙන ආ බවයි සිතෙන්නේ. අපට ඉන්දියානු සම්භවයක් ඇතැයි පැරණි ඉතිහාසකරුවන් විශ්වාස කරන්න ඇත්තේ උතුරු ඉන්දීය ආගමික හා සංස්කෘතික බලපෑම නිසා විය යුතුයි. නමුත් සිංහලයා සතු ජාන ශක්තිය ඉන්දියානු ඥාතිත්වයකින් ආ දෙයක් නොව මේ භුමිය ජනාවාස කොටගෙන, මෙහි පරිසරයට ඉතාමත් සාර්ථකව අනුගතවූ මනුෂ්‍ය කොට්ඨාශයකින් අපට උරුමවූ දෙයක් බව පිළිගත හැකි සාධක දිනෙන් දින මතුවීම සිංහලයාගේ අනන්‍යතාවය වෙත එල්ල කරන ලද ආලෝකයක් කියා කිව හැකියි. (නි)
මේ අතීතය නේද සමහරු වළලන්න හැදුවේ? (නි)
ඉතා හොඳ සොයා ගැනීමක්. විජය ලංකාවට එන්න පෙර ජීවත් වූ කෙනෙක්ද? (නදී)
විද්වත් සාකච්ඡා සඳහා මුහුනු පොතේ (ෆේස්බුක්) ඉඩකඩ බැලට් බොක්ස් - ඔබේ මතයට ඉඩක්. https://www.facebook.com/groups/ballotbox/ ඔබේ අදහස් නිදහසේ කියන්න. අදම එකතු වෙන්න. (නදී)
ලෝකේ වටේ හිඟා කකා යමින් වන්සේ කබල් ගාන හැටි බලන්න අපුරුයි. (නදී)
නෑ, නෑ දිල්ෂාන්, ලංකාවේ විතරයි ආදි වාසීන් ඉඳලා තියෙන්නේ. (නදී)
මේ ගොල්ලන්ට වෙන වැඩ නැද්ද (නදී)
මේ හමුවන මූලාශ්‍ර එම කාලවකවානුවල අප භූමිය තුල මිනිස් කොට්ටාසයක් වාසය කල බවයි. ඹවුන් සිංහල යැයි එකවරම කිව නොහැක. ඒත් ඒ අපේ මුතුන් මිත්තන් බව නිසැකයි. එහෙත් මෙය අප අභිමානයට විනා ජාතියක් පහත් නොකට තැකිය යුතුයි (නදී)
වහාම අපගේ ඉතිහාසය වෙනස් කරන්න අදාල බලධාරීන් කටයුතු කළ යුතුයි (නදී)