IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කරුණාකරල මේ තැනට ගිහින් බලමුද?

2016-10-22-ent-17

2016-10-22-ent-12කරුණාකරල ඔබට අප යමක් කියන්නයි මේ සූදානම් වෙන්නෙ. කරුණාකරල ඊට සවන් දෙන්න පුළුවන් නම් හොඳයි. ඇත්තටම කරුණාකරල අපි මේ කියන්නෙ හදන්නේ හෝටලයක් ගැනයි. මේ හෝටලයේ නම තමයි කරුණාකරල කියන එක. එය සාමාන්‍යයෙන් හෝටලයකට යොදන නමක් නෙවෙයි. ඒ වගේ නමක් හෝටලයකට යෙදු පළවැනි අවස්ථාව මෙය වෙන්න පුළුවනි. ඒ වුණත් අමුතු විදියට හිතලා ඕනෑ දෙයක් වෙද්දෙන් කියලා දාපු නමක් නම් නොවෙයි. හොඳට හිතලා බළලා දාපු නමක්. සමන් ප‍්‍රියංකර නමැති සොඳුරු මිනිසා තමයි ඒ විදියට මේ හෝටලයට කරුණාකරලා කියන නම යෙදුවෙ. නාමයෙහි වෙනස වගේම හෝටලයත් වෙනස් කියලා තමයි ඔහු කියන්නෙ. ඒ නිසාම Centra Paradise park Jesu Nasarenu Mawatha තෝප්පු තොට, වයික්කාල යන ලිපිනයෙහි ස්ථාපිත වූ මේ කරුණාකරල හෝටලයට ගිහින් එහි ඇති වෙනස්කම් මොනවද කියලා බලන්න අපටත් හිතුණා.

මේ සංකල්පය වගේම නිර්මාණය බිහිකළ සමන් ප‍්‍රියංකර කවුදැයි කියා පළමුව අපි දැන ගනිමු. දශක තුනකට ආසන්න කාලයක සිට සමන් ජීවත් වන්නේ ජපානයේ. බිංදුවෙන් පටන්ගෙන අද වන විට වඩාත් සාර්ථකවූ ජපානයේ වෙසෙන මුල් පෙළේ ශ්‍රී ලාංකීය ව්‍යවසායකයෙකි. ජපානයේ ජීවිතය ගෙවා දැමුවද ඔහුගේ අධ්‍යාත්මය ඇත්තේ ශ්‍රී ලාංකීය භූමියේය. ඒ වගේම සිංහලකමටද ඔහු හරි ලෙංගතුය.

තාක්ෂණික ලෝකයේ පෙර ගමන්කරුවකු වන ජපානය වෙතින් බොහෝ හොඳදේ උකහා ගත් සමන් කරුණාකරල බිහි කළේ විශාල මුදලක් වැය කොටය. ඒ මගින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක පාලමක් තනා රටට විදේශ විනිමය ගෙන දීම ඔහුගේ ඉලක්කයයි. මේ කරුණාකරල ආරම්භ කොට තවමත් වසර ගණනාවක් නොවුවද අද වන විට එය වඩාත් සාර්ථක වී තිබෙන බවද කියන්න පුළුවනි.

ශරීරයට හිත සුව පිණිස වු ජපාන ආකෘතියේ ගෘහනිර්මාණ ශිල්පයට අයත් ක‍්‍රමද භාවිත කරමින් නිර්මාණය වූ කරුණාකරල සංචාරක පාරාදීසය නිමවී ඇත්තේ කබානා ක‍්‍රමයටය. එනම් වෙන් වෙන් වශයෙන් වු නිකේතන සමූහයක් ලෙසිනි. මේ එක කබානා එකක් පුංචි පවුලකට වුවද ප‍්‍රමාණවත් බව කිව හැකිය. ආයුර්වේද පංචකර්ම සහ ස්පා ප‍්‍රතිකාර අනර්ඝ මට්ටමින් ලබාදීම මෙහි ප‍්‍රධාන තේමාවවේ. මෙහි සේවයේ නියුතු දේශීය වෛද්‍යවරු දෙදෙනා ගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකිය. මා ඔයට සමීපව තනා ඇති කරුණාකරල පරිශ‍්‍රයෙහි ඇති නිදහස නිසාම අද මධු සමය සඳහා පැමිණෙන යුවළ අතරද බෙහෙවින් ජනප‍්‍රිය වී තිබේ.

ආයුර්වේද ප‍්‍රතිකර්ම සඳහා පැමිණෙන සංචාරකයන්ට සැපයෙන විශේෂිත ආහාර වට්ටෝරුවකි. ඊට අමතරව සාමාන්‍ය සංචාරකයන් සඳහා අන්තර්ජාතික ආහාර වට්ටෝරුවලට අනුව තමුන් කැමැති ආහාරයක් ඇණවුම් කළ හැකිය. නිදහස රිසියේ බුක්ති විඳගත හැකි කරුණාකරල වෙත පැමිණෙන සංචාරකයින් හට ඕනෑ නම් මීගමුව ශාන්ත මරියා දේවස්ථානය, අගුරුකාරමුල්ල පංසල, ලන්දේසි ඇළ, ලන්දේසි මුවදොර ආදී ස්ථාන දැක බලා ගැනීමට යාම සඳහා මෙන්ම මා ඔයේ බෝට්ටු සවාරියක් යාම සඳහා ද කළමනාකාරිත්වය අවකාශය සපයා ඇත. කරුණාකරල ඇවිත් මෙහි දිනක් ගතකර බලන්න. මේ පරිසරයේ ඇති කොහොඹ, බෙලි දිවුල් ඇතුළු තවත් ඖෂධීය ගස් වර්ග බොහෝමයකි. ‘‘අපි පංසලකුත් හදලා තියෙන්නෙ.’’

සාමාන්‍යාධිකාරී හේෂාන් කියන්නේ එහෙමය. අමල් මෙහි අධ්‍යක්ෂවරයෙකි. අපි මේ පළාතට ආලෝකයක් ගෙන දෙමින් මේ වගේ විදේශ විනිමය උපද්දවන තැනක් නිර්මාණය කළාට තවම අපට නිශ්චිතව විදුලි සබඳතා දීමට බලධාරීන් කටයුතු යොදා නැහැ. ඒ ගැන නම් අපි සිටින්නේ කනගාටුවෙන්.

ජපානය ජයගත් සමන් ප‍්‍රියංකර සහ අමල් පවසන්නේ එහෙමය.

ඒ කොයි හැටි වෙතත් කරුණාකරලා සංචාරක හෝටල භූමිය වෙත පැමිණෙන සංචාරකයන්ට මෙතැන දී අපූරු අත්දැකීමක් ලබාගත හැකි බව නම් කිව යුතුමය. බාහිර වටපිටාවේ දී මුහුණ දෙන බොහෝ සිදුවීම් නිසා ද්වේශය ඇති වී තිබේ නම් කරුණාව ඇති කර ගෙන ගත සිත සැහැල්ලූ කරගෙන යාමට මේ කරුණාකරලා හොඳම තැනකි. කොළඹට නුදුරුව මෙවැනි තැනක් තිබීම සංචාරක පිපාසයෙන් පෙළෙන එහි විවිධ රස සොයා යන සංචාරකයන්ට වඩාත් හිතකර අගනා නිම්නයකි. කරුණාකරල ඇවිත් යන්න එන්න කෑමක් කන්න. ඔය ආදී වචන අපේ ලෙංගතුකමට හුරුවූ අපේ ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරයට පමණක් උරුම වූ වදන්ය. මේ නාමය යෙදීමේ අරුමය ද එයමය. කරුණාකරල මෙතැනට ගියොත් ඔබට එය හෝටලයකට එහා ගිය අත්දැකීමක්ම වේවි.

 

සඳුන් ගමගේ

 

2016-10-22-ent-20
2016-10-22-ent-19
2016-10-22-ent-18
2016-10-22-ent-16
2016-10-22-ent-15
2016-10-22-ent-14
2016-10-22-ent-13
 



අදහස් (0)

කරුණාකරල මේ තැනට ගිහින් බලමුද?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 320 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 581 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 907 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1526 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 516 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 977 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39712 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 31 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site