(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල මහ නගර සභා ඉතිහාසයේ එක් දිනක කාලයක් පමණක් නාගරික මන්ත්‍රී ධූරය හෙබැවූ ප්‍රථම පුද්ගලයා බවට පත් වෙමින් වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අබ්දුල් සත්තාර් මහතා විය.
කුරුණෑගල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ නාගරික මන්ත්‍රී ගාමිණී පෙරමුණගේ මහතා එම පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පසුව හිස්වූ මන්ත්‍රීධූරය සඳහා පත් කරන ලද අබ්දුල් සත්තාර් මහතා ඊයේ ( 17) එම තනතුරේ දිවුරුම් දීමෙන් එම වාර්තාව පිහිටුවීය.
හිටපු නගරාධිපතිවරයෙකුද වන ගාමිණී පෙරමුණගේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හෙලිකොප්ටරය ලකුණ යටතේ ඉදිරිපත් වීම හේතුවෙන් ඔහු පොදුජන පෙරමුණු සාමාජිකත්වයෙන් ඉවත් කර තිබේ.
මෙරට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන වල නිල කාලය අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් පසුව අවසන් වන බැවින් අබ්දුල් සත්තාර් මහතාට නාගරික මන්ත්‍රී ධූරය දරන්නට වන්නේ දිනක් වැනි ඉතා කෙටි කාලයකි.
මන්ත්‍රීවරයකු විදියට දිවුරුම් දීමෙන් පසුව සත්තාර් මහතා ඊයේ දිනයේ නගරාධිපති සුමේධ අරුණශාන්ත මහතාගේ (සජබ) ප්‍රධානත්වයෙන් පවත්වන ලද කුරුණෑගල මහ නගර සභාවේ අවසන් සැසි වාරයටද සහභාගි විය.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මීට පෙර සිවු වාරයක්ම කුරුණෑගල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇති අබ්දුල් සත්තාර් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතෙකු ලෙසද සැලකේ.
ගාමිණී පෙරමුණගේ මහතාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල නාගරික මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ රජිත් ජයවර්ධන සහ බන්දු ජයසේකර යන දෙදෙනාද ඉදිරි මැතිවරණය සඳහා එම පක්ෂයෙන් තරඟ නොකිරීම හේතුවෙන් පක්ෂයෙන් ඉවත් කර තිබේ. ඔවුන් දෙදෙනා ස්වාධීන කණ්ඩායමක් යටතේ මැතිවරණයට ඉදිරිපත්ව සිටිති.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුරුණෑගල පුංචි මන්ත්‍රී වාර්ථාවක් තබයි