කුරූණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න රුපියල් විසිපන්දහසක මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
පාසලේ ශිෂ්‍යාවක වන වෙනුෂා ඉමන්දි බණ්ඩාර ෆේස්බුක් වෙබ් අඩවියේ පාසල් නිල ඇඳුමෙන් පෙනී සිටි ඡායාරූපයක් නිසා විදුහල්පතිගේ තරවටුවෙන් පසුව සියදිවි නසා ගත්තැයි කියන සිද්ධියත් ඇය විසින් ලියන ලදැයි කියන ලිපියකුත් සම්බව්ධයෙන් පරීක්ෂණ පැවැත්වු ළමා හා කාන්තා කාර්යාංශය විදුහල්පති අධිකරණයට ඉදිරිපත් කළේය.
දෙපාර්ශවය වෙනුවෙන්ම නීතීඥවරු පෙනී සිටියහ.
දැරියගේ ලිපිය සම්බන්ධයෙන් විදුහල්පති අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව විදුහල්පති වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කියා සිටියහ.
පැමිණිල්ලට බලපෑම් නොකරන ලෙස විදුහල්පතිට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත් එසේ වුවහොත් ඇප අවලංගු කැර රිමාන්ඩ් කිරීමට සිදු වෙතියි ප්‍රකාශ කළේය.මාර්තු තුන්වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද ඔහුට නියෝග කැරිණී.
විදුහල්පතිට පක්ෂව හා විපක්ෂව කුරුණෑගල අදත් උද්ඝෝෂණ පැවැත්විණි.
(විදුහල්පතිට පක්ෂ වු පිරිස උද්ඝෝෂණයේ නියැලෙන අයුරු)
(විදුහල්පතිවරයාට විපක්ෂ පිරිස උද්ඝෝෂණයේ නියැලෙන අයුරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනුෂ ට කලින් මේ විදුහල්පති ගේ චරිතය ගැන කවුරුත් හොයා බැලුවොත් හොදයි (අ)
හොඳයි
අනේ මන්දා, ඇතුවත් බැරි, නැතුවත් බැරි ෆේස් බුක් (අ)
මමත් මේ ස්කොලේ.විදුහල්පති ළමයින්ට නරක විදියට බනිනවා.එදත් වුණේ එකමයි.පව්.(අ)
විදුහල්පති පස්සේ පන්නන්නේ නැතුව මේ වැඩේ කළේ කව්ද කියල හොයා බැලුවොත් නරකද (අ)
රුවාට අවවාද දුන් ආකාරය හරිද කියල . දෙනෝ දාහක් ඉදිරිපිට පරුෂ වචනෙන් අපහාස කිරීමක් අවවාදයක් වෙනවද? මේක බොහොම වැරදි ආදර්ශයක් විදුහල්පති කෙනකුට තරම් නොවන ආකාරයට හැසිරීම මේ අවාසනාවට එකම හේතුව විය හැක. දරුවන්ට කලින් ගුරුවරුනට මනා පුහුණුවක් ශික්ෂණයක් ලැබිය යුත්තේ මේ නිසාය. (අ)
විදුහල් පති වරයකු,ගුරුවරයකු,දෙමව්පියන්,වැඩිහිටියන් දරුවකුගේ වරදකට අවවාද කිරීම,දෝෂාරෝපනය කිරීම.සාමාන්‍යයි.එය දරාගන්නට මානසික ශක්තියක් නොතිබීම දුර්වල කමක්.වෙනුෂා දියණිය ඉබාගාතේ හැදෙන්නට ඉඩ දී ජීවිතය වරද්දා ගත්තාම ,දුක නමුත් වරද දෙමව්පියන්ගේමය.දෙරණ නාලිකාවේ සුපර් ස්ටාර් තරග වලට යවා ලජ්ජා බය නැති කොට ජීවිතය නැති කරගන්නා තැනට මග සැලසුවේ විදුහල්පති නොව දෙමාපියන්මය.මෙම සිද්ධියෙහි වරද තම අත තියාගෙන විදුහල්පති වරයාට දඩුවම් කරන්නට උත්සාහ කිරීමෙන් දෙමාපියන් වෙනුෂාව නැවත ඝාතනය කරනවා වැනි වැඩකි.(අ)
ගුරුතුමනි මින්මතු අවවාද දීම ගැන හිතන්නවත් එපා පේස්බුක් නොවෙයි අන්තර්ජාලයේ මොනවා බැලුවත් අපට කමක් නැත. පේස්බුක් එකේ ළමයාගේ පොටෝ එක තියන එක මේ අම්මලට මහා ලොකු දෙයක් . පේස්බුක් එක නිසා මිනිසුන්ට උන දේවල් මේ ගොන් අම්මල තාත්තල කියව නැහැ. (අ)
නැවත මෙවන් ඛේධවාවහක නැහැ එකමයි හොද (දී)
ලංකාවට ගියකළ (දී)
ළමයෙකුට අවවාදයක් දෙන පිළිවෙලක් තියනවා. විදුහල්පති ඒ විදිහට අවවාද කරනම් අදත් ඒ ළමය ඉන්නවා. (ත)
විදුහල්පතිට දැරියගේ විනය හෝ වෙනත් දෙයක් සම්බන්ධව ගැටලුවක් තිබේනම් කළයුතුව තිබුනේ ඇයට ප්‍රසිද්ධියේ අපහාස නොකොට ඇයගේ දෙමව්පියන් කැදවා මේ සම්බන්ධව දැනුම් දීමයි. (ත)
සිසුන්ගේ විනය විරෝධි වැඩ ගැන ගුරුවරුන් සෙවිල්ලෙන් සිටිය යුතුයි . දරුවන් පාසල් යැවීමේ මුලික අරමුණ විය යුත්තේ අධ්‍යයාපනය පමණක් නොව සදාචාර සම්පන්න පුරවැසියකු බිහිකිරීමයි . මේ අකාරයෙන් සිසුන්ගේ වැරදි වලට දඬුවම් කරන ගුරුවරුන්ට විරුද්දව අපරාධ නීතිය ක්‍රියාත්මක කළොත් , පාසල් වෙනුවට සිර ගෙවල් සැදීමට සිදුවනු ඇත . රටට දෙයියන්ගේම පිහිටයි . (අ)
විදුහල්පතිට දඬුවම් දීමෙන් දරුවන් හැදෙනවානම් ඒක හොදයි. එත් මේ කරන දෙයින් දරුවන්ට දෙන්නේ වැරදි ආදර්ශයක්. (අ)
අවවාද කරලා තියෙන වදිහ අන්තිම කැතයි (දී)
විදුහල්පතිට දඩුවන් දන්න
දැන් මොනවා කියලත් කරලත් වැඩක් නැහැ කොහොමත් දැන් ගුරුවරු ඕනවට වැඩි අලි ඔලුවන් ජිවත් වන්නේ එයාලගේ දරුවෝ මල් අනිත් දරුවෝ දරුවෝ නමේ (දී)
අදහස් දක්වන සමහර අය, මේ සම්බන්දයෙන් සියලු ඇත්ත තොරතුරු දන්නේ නැතිවයි කටයුතු කරන්නේ, ඇත්ත සොයාබල වගකීමෙන් කටුතු කරන්න (දී)
අත්ටටම මේ ප්‍රශ්නෙදි ඇගිල්ල දික් කරන්න ඕනේ කාටද? (දී)
පාසල් දරුවන්ට අවවාද දෙන්න ඕනේ අනිත් අයට නොදැනෙන ලෙසට ඉතාම පෞද්ගලිකව (දී)
විදුහල්පති වැරදි නෑ. ඔහු කළේ අවවාදයක් දීම පමණයි (ත)
මේ ළමයා සීමාව ඉක්මවා නිදහස භුක්ති විඳපු බවක් පේනවා. ඇත්තටම එය පාලනය කල යුත්තේ දෙමවුපියන්. නමුත් අම්මා ළමයා එක්ක කතා නොකරන බවත් පියාට ළමයා ගොඩක් ආදරේ බවත් ලියුමෙන් පෙනුනා.තාවකාලික ප්‍රේම සම්බන්ද මේ වයසට ඇතිවෙනවා.විදුහල්පති අවවාද කලාට කමක් නැහැ. නමුත් තිත්ත කුණුහරපෙන් ළමයින්ට බනින්න එයාට බැහැ. ගුරුවරු ළමයින්ට කතාකළ යුතු වන්නේ ශීලාචාර වචන.මැදහත් සිතින් බැලුවහම,මේ සිද්දියේදී දෙගොල්ලගෙම වැරදි තියන බව පේනවා. (අ)
ඔය විදුහල්පතිට සහයෝගය පලකරන අයගේ ෆේස්බුක් අඩවි තිබෙනවද කියා හොයල බලන්න. එම අඩවියේ ඔවුන්ගේ පින්තුරයකට හෝ පවුලේ කෙනෙකුගේ පින්තුරයකට නොහොබිනා පින්තුරයක් තාක්ෂණය මගින් ටැග් කර පල කෙරුවොත්,එය පිළිබදව නීතිය තදින් ක්‍රියාත්මක කර නොහොබිනා ලෙස හැසිරී ප්‍රචාරය වුනොත් එම පුද්ගලයා දරන මානසිකත්වය කුමක්ද කියා ඔවුන් තේරුම් ගත යුතුයි. පළමු වැරැද්ද එම ශිෂ්‍යයාවගේ පිතුරයට වැරදි පින්තුරයක් ආදේශ කරපු පුද්ගලයා අත්අඩංගුවට නොගැනීමයි. ඔහු මේ දරුවාගේ දිවි නසාගැනීමට මුලික වරදකරු වෙනවා. දෙවනුව එම දරුවා නොකරපු වැරැද්දකට දරුණු කැත වචන භාවිතා කර බැන්වදීමට විදුහල්පති ගේ පිළිවෙතයි. ඔතන විදුහල්පත්ගේ සහාය කරුවන් හිතන්න ඕනේ මගේ දරුවට මේ දේ වුණානම් කියලයි. (ත)
මාපියන් දරුවන් ගැන මිට වඩා හිතන්න හොයල බලන්න මේ දියණියට තම අවුරුදු 15යි මොන පෙස්බූක් ද ගුරුවරයෙක් අවවාද කළා කියල මෙවන් තීරණයන් ගන්න තරම් (අ)
පැමිණිල්ලට බලපෑම් කරන්නේ විදුහල්පතිට ආවඬන අය (අ)
බොහෝ මිනිසුන්ගේ මතුපිටින් පෙනේනේ සද්භාවය ඇතුලත නොතිබීම අපේ අවාසනාවයි! නුබලටත් දරුවන් සිටිනම් දෙවරක් සිතා බලන්න, ඔබේ දරුවටත් මෙවන් විපතක් උනානම් ඔබට දරාගත හැකිද කියා?? (අ)
මම විදුහල්පති වැරදි නෑ. ඔහු කළේ අවවාදයක් දීම පමණයි. (අ)
ඕනෙම කෙනෙකුට යම් පිරිසක් ඉන්නවා . එයාගෙන් යම්යම් වාසි තියෙන කම් පිරිසත් ඉන්නවා .(අ)
විදුහල්පතිවරයෙකු තරවටු කඝ පමණින් සිසුවෙකු සියදිවි නසාගන්නවා නම් එයට විදුහල්පතිවරයා කුමක් කරන්නද ? දැන් රටේ ඕනෑම නිවසක දෙමව්පියන් ළමුයින්ට තරවටු කරනවා. එහෙම තරවටු කළ පළියට දූපුතුන් සියදිවි හානිකරනවා නම් පියාව අත් අඩංගුවට ගන්නවාද? (දිල්)
විදුහල්පතිතුමාට ලොකු අසාධාරණයක් වෙනවා (දිල්)
දරුවාට අවවාද දුන් ආකාරය හරිද කියල . දෙනෝ දාහක් ඉදිරිපිට පරුෂ වචනෙන් අපහාස කිරීමක් අවවාදයක් වෙනවද? මේක බොහොම වැරදි ආදර්ශයක් විදුහල්පති කෙනකුට තරම් නොවන ආකාරයට හැසිරීම මේ අවාසනාවට එකම හේතුව විය හැක. දරුවන්ට කලින් ගුරුවරුනට මනා පුහුණුවක් ශික්ෂණයක් ලැබිය යුත්තේ මේ නිසාය. (අ)
කට පරිස්සම් කරගන්න දන්නේ නැති විදුහල්පති අපේ විදුහලට එපා.. (අ)
දරුවන්ට අවවාද කරන්න බැරි යුහයක්..(අ)
අනේ මංදන්න නැ මෙහෙම ගියොත් කොහොමද ළමයෙක් හදාගන්නේ .? (අ)
මෙතනින්ම පේනවා හරි කවුද වැරදි කවුද කියලා. (අ)
සදරණය ජයගන්නවා විදුහල්පතිතුමනි.අපි ඔබ සමගි. (අ)
දරුවකුගේ නරක දෙයක් දුටුවිට විශේශයෙන්ම ගැහුණු දරුවකුට අවවාද කිරීමට පෙර ගුරුවරයකු ඒ ළමයාගේ දෙමාපියන්ව දැනුවත් කිරීම මුලින්ම කළ යුතුය. (දිල්)
සිසුවෙකුට වැරැද්දකට දඩුවම් දෙන්න විදුහල්පතිට අයිතියක් තියෙනවා . එකට විදුහල්පතිට නඩු දන්නා ගියාම එක සමාජයට වැරදි ආදර්ශයක් . මොකද හැම ළමයෙක්ම මේ දේ පුරුද්දකට ගන්න පුළුවන්. (දිල්)
හැමවිටම දරුවන්ට ආදරෙන් කටයුතු කරන්න ඕන (දිල්)
මේ දැරිවියගේ දෙමව්පියන් මීට වඩා තම දරුවා ගැන සැලකිලිමත් වූවේ නම් මේ විපත සිදු නොවනු ඇත.විදුහල්පතිවරයාට පමනක් දෝෂෘරෝපනය කිරීමෙන් ඔවුනට ගැලවිය නොහැක.(දිල්)
මෙයාගේ මුණ දැක්කම පේනවා අවවාද කරන්න ඇත්තේ කොහොමද කියල? (අ)
ගුරුවරයකු දරුවකුට දඩුවම් කළා කියල මෙහෙම තීරණ ගන්න හොඳද (අ)
දරුවන් සම්බන්ද කටයුතු වලදී හැමෝම මීටවඩා බුද්දීමත්ව කටයුත් කරමු ඉල්ලීමකි (අ)
මේක විදුහල්පතිගේ වැරැද්ද නෙමේ වැරද්දක් හදාගන්න උපදෙස් දුන්නම එක මැරෙන්න හේතුවක් නෙමේ මේ ළමයි අවුරුදු 16 වෙනකන් ඉගෙන තියෙන්නේ මොනවද කියල සැකයක් එනවා මෙවැනි සිද්දි නිසා විදුහල්පතිතුමනි ඔබ වැරදි නැ සද අපි ඔබ සමගයි (අ)
විදුහල් පති තුමා හරි..අවවාද දෙන්න තම ඒ ගොල්ලෝ ඉන්නේ.අනිත් ළමයි ටික හරි එතුමාට හදා ගන්න ඉඩහරින්න (අ)
ළමයා යනු ළාමක මනසක් සහිත අයෙකි. විශාල පිරිසක් ඉදිරියේ ළමයාට බැන වැදීම, සහ දෙමාපියන්ද පාසැලට ගෙන්වා ළමයාට එරෙහිව පියවර ගැනීමට උත්සාහ කිරීම නිසා ළමයාට බලවත් මානසික පීඩනයක් එල්ල කර ඇත. එම නිසා ළමයා මෙම තීරණය ගෙන ඇති බව පෙනේ.සිය දිවි නසා ගන්නා ආකාර පිළිබදව මාධ්‍ය මගින් රාත්‍රී ප්‍රවෟත්ති විකාෂණ වලදී රටටම හොදට කියා දෙන අතර ළමයින්ගේ මනසට මේ මගින් නරක සංඥාවක් යයි. මෙහිදී විදුහල් පතිගේ රාජකාරිය ඉක්මවා කටයුතු කර ඇති බව පැහැදිලිය.ළමයින්ගේ පුද්ගළික ජීවිත වළට දෙමාපියන් හැරෙන්න පිටස්තරයින් ඇගිලි නොගැසිය යුතුය. (අ)