ෆේස්බුක් සිදුවීමක් හේතුකොටගෙන සිසුවියක සියදිවි නසාගැනීම හේතුවෙන් විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරයාමෙන් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ කීර්තිනාමයට අපහාසයක් වී ඇති බව කියමින් විදුහලේ දෙමාපියෝ සහ ආදි සිසුහු දෙදහසක් පමණ අද විරෝධතාවක් පැවැත්වූහ.
ෆේස්බුක් සිදුවීමක් හේතුකොටගෙන සිසුවියක සියදිවි නසාගැනීම හේතුවෙන් විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරයාමෙන් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ කීර්තිනාමයට අපහාසයක් වී ඇති බව කියමින් විදුහලේ දෙමාපියෝ සහ ආදි සිසුහු දෙදහසක් පමණ අද විරෝධතාවක් පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතනදි කීර්ති නාමය නැතිවුනේ විදුහල්පතිගෙ සංවරයක් නැති කට නිසා බව ඉතා පැහැදිලියි. දරැවට කරැණාවන්තව කථා කළා නමී මෙවැනි අවාසනාවන්ත දෙයක් සිදුවීම වළක්වා ගන්න තිබුනා. (දී)
චමල් සහ සෑම්. මම හිතන්නෙත් ඔබ සිතු ලෙසිනුයි. ගැහැනියක වශයෙන් මම ලජ්ජා වන්නේ ඒ ළමයාගේ පියා දරුවාගේ කන්‍යාභාවය ඔප්පු කරන්නට සහතික සකස් කරන්නට යොමුවීමය. එය මියගිය දරුවාට කල අපහාසයක් ලෙසිනුයි මම දකින්නේ. (දී)
විදුහල්පතිලට හමුදා පුහුණුව දීමේ ප්‍රතිපල තමයි අද අපේ දරුවන් අත් විදින්නේ ඉදිරියේදී මීට වඩා විනාසයක් වෙන්න ඉඩ තියෙනවා (දී)
මේ උද්ඝෝෂණයෙන් වුනේ අපකීර්තිය ඩබල් වුන එකයි (දී)
නිහාල්, අන්න ඒක අද කෑගල්ලේ සිදුවෙලා තියෙනවා. අම්මා යාළුවාව ගෙදර නවත්තගන්න එපා කිව්වා කියලා වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක් ගෙල වැළලාගෙන මිය ගිහින්. (දී)
ළමයගේ දුර්වලකම(දෙමව්පියන් හා සමාජයේ වරදින්) යටපත් වී විදුහල්පතිගේ දුර්වලකම ඉස්මතු වීම(දී)
මේක නම් හරිම මෝඩ වැඩක්. මේ විදුහල්පතිට සපෝට් අය මේ වගේ මෝඩ නම් ඉතුරු හරිය හිතා ගන්න පුළුවන්. පෙරුමාල් කියන දේ හරි. අපකීර්තිය ඩබල් උනා. ඒක මේ අයට තේරුම් ගන්න මොලයක් නෑ.(අ)
පැතුම්,ඔබට බොහොමත් ස්තුත්යි ඒ ප්‍රවෘත්තිය ප්‍රකාෂකළාට.මම එය නොදැනයි මගේ අදහස ප්‍රකාශ කලේ. (අ)
තිලක බණ්ඩා. ඩුබායි. ඔය කියන විදිහට අපේ රටේ දරුවන් නම් ජිවිතේ නැති කරගෙන නැහැ. ඒ කොහොම උනත් එක අපේ රටේ වරදක් නොවෙයි. ඔබ වගේ සිතුවිලි තියෙන කට්ටිය ළමයින් නරක කරන නිසයි. (අ)
කව්ද මේවාට වග කියන්න ඕනේ (දී)
මේවා මහා පොලොව නුහුලන අපරාධ (දී)
මේ කුලී කරුවන් . අමු පොල්පිති හමුදාවක් වහාම කැඳවන්න. (දී)
සම්පුර්ණ වගකීම විදුහලේ බාරගන්න ඕනේ දෙකක් නෑ මිනිහට යහතින් ඉන්න දෙන එකක් නෑ ඒ දරුවා පින නිසා මල දරුවා පිනට වෛර කරමින් මියගියේ (අ)
මේ ළමය දිවි නසා ගන්න කලින් , සහ ප්‍රින්සිපල් සම්බන්ධ සිද්ධිය වෙන්න කලින් , මරණය සහ කදී ගිය ප්‍රේම සම්භන්දය ගැන නොයෙක්තු දේ ෆේස් බුක් එකේ ලිය තියනවා. ළමය ට විශාදය තිබිල තියනවා. අම්ම සමග ප්‍රශ්න තිබිල තියනවා. ඒ නිසා මේ සිදුවීමට විදුහල්පති ආසන්න හේතුව වුනත් එකම හේතුව විය නොහැකි. මම මේ විදුහල්පති ගේ පැත්ත ගත්ත නොවේ. ළමයාගේ පැත්තෙනුත් අඩු පාඩු තියනවා. මේ වගේ සිද්ධි නිසා ලංකාවේ හැම ගුරුවරයෙක් ම ළමයින් ගේ වැරදි දැකල නොදැක්ක වගේ හිටියොත් මොකද වෙන්නේ. නැටුම , විලාසිතා විතරක් මදි. ජීවිතේට මුණ දෙන හැටිත් ගෑනු දරුවන් ඉගෙන ගන්න ඕන. (අ)
අපකිර්තිය පාසලට විතරක් කියල උද්ගෝෂණය කරන්න පෙළබුනට අද පාසල් තුලදී පොදුවේ සිදුවෙන සිදුවීම් හෙට අනාගත දරුවා පාසලට යවනවද එපාද කියන හැගීම ඉස්මතුවෙන්නේ නැතිද. මෑත ඉතිහාසසයේ පාසල් වල වූ සිද්දීන් ඉතාමත් කණගාටු දායකයි!අද ගුරුවරයා/විදුහල්පති කියලවත් ශිෂ්‍යයා කියල වත් බේදයකින් තොරව පොදුවේ පාසල් පද්දතිය තුල අපිරිමිත ලෙස විනය කඩකිරීම් සිදුකර පොදුවේ පාසල් සංස්කෘතියටම හානි කරවීමට කව්ද උද්ගෝෂණය කරන්නේ???(අ)
මේක වැරදි ආදර්ශයක් ගුරුවරු මින් පස්සේ ළමන්ට කැමති දේවල් කරන්න ඉඩ දී ලා පොතට සිමා උනොත් හරි කියලද කියන්නේ? විදුහලට හා ළමන්ට ආදරේ ආය උද්ගෝෂණය කළේ (අ)
ගැහැණු දරුවෙකුට අම්මගේ ආදරේ නොලැබෙනවා කියන්නේ මේ වගේ ප්‍රතිපල ලබා ගැනීමක් තමා. ඉන්ටෙර්නෙට් එකේ එයාගේ ලිපිය දමල තියනවා හැමෝම බලන්න.ළමයට අපහාස කළා කියන ය දන්නවද කුරුණෑගල නගරය පුරා මේ ළමයාගේ ලිපිය කොපි ගහල බෙදා හැරිය. ඒ කියන්නේ නැවතත් ළමයව මාරුව මේ මෝඩ දෙමාපියෝ.වැඩි විස්තර ඕනිනම් දෙවෙනි මාසේ 16 ඉරිදා ලංකාදීප බලන්න. (අ)
ෆේස් බුක් නතර කරන්න ඕනේ....එය සමාජ හානියක්.(නදී)
මරුණ ගැහැණු ළමය ෆෙස් බූක් ෆොටෝ එකේ ඇඳන් හිටිය ඇඳුම දිහා බැලුවාම තේරෙනවා වයසට වඩා මෝරලා කියා. (අ)
දරුවන් හදාගැනීම සහ ආරක්ෂා කර ගැතීම දෙමාපියන්ගේ වගකීමක්. ඒක හරියට ඉටු නොකර ප්‍රශ්නයක් උනාට පස්සෙ කාටවත් ඇගිල්ල දික් කරල වැඩක් නෑ. ප්‍රශ්ණයේ එක පැත්තක් විතරයි මාධ්‍ය මගින් පෙන්වන්නේ. (අ)
ඒ ළමය ටිකක් සීමාව ඉක්මවා ගිය බවක් නම් පේනවා . ඒක නිසා තමයි මේ වගේ දෙයක් වත් දරා ගන්න බැරුව ගියේ .(දී)
මැරුණු ළමයාට අපහාසයක් පාසලට කීර්තියක් මොකද්ද මේ විකාර ඒතනින්ම කීර්තිය ඉවරයි නේද ?
ඒ ළමයා කියනවානම් විදුහල්පති 100% වග කියන්න ඕනේ කියලා තව මොකද්ද කිර්ති නාමයට හානි උනා කියන්නේ (දී)
ඔය මොනවා කලත් , තමා නිසා වටිනා ජිවිතයක් විනාස උනා. යටි හිතට බොරු කරන්නබැහැ . නිතරම අර ළමයාගේ මුණ මෙවිල පේනකොට ප්‍රින්සිපල්ට ජීවිතය එපා වෙයි බන්දුල ඔයාට මල්ල අමතකවෙයි , එකත් අරන් යන්න , (දී)
විරෝධතාව ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා ඇති.. අපු කට්ටියව ටැග් කරලා.. (දී)
විහිලුත් දැකලා තියෙනවා මෙහෙම දැකලා නැහැ (දී)
මෙන්න විහිලු මේ විනෝද සමයමද (දී)
විදුහල්පති දරුවන්ට කතා කරන්නේ අසභ්‍ය වචනයෙන් කියල ඕනෑම කෙනෙක් දන්නවනේ. ඉතින් තව මොනවා කතා කරන්නද? (දී)
විදුහල්පතිලට හමුදා පුහුණුව දීමේ ප්‍රතිපල තමයි අද අපේ දරුවන් අත් විදින්නේ ඉදිරියේදී මීට වඩා විනාසයක් වෙන්න ඉඩ තියෙනවා. (දී)
සමහර දරුවන් කන්න නැතිව ජීවිතේ විනාස කර ගන්නවා.සමහර දරුවන් සපත්තු දෙකක් ගන්න නැතිව ජීවිතේ විනාස කර ගන්නවා.සමහර දරුවන් පරුස වචන අහන්න බැරිව ජීවිතේ විනාස කර ගන්නවා.ඇත්තටම අපේ රටට මොකක්ද මේ වෙන්න යන්නේ?(දී)
විදුහල්පති කට්ටියව සල්ලි දීල අරන් වගේ (දී)
චමල් මාත් එකඟයි වයසාට වඩා පැහිලා (දී)
මැරුන ලමයාට අපහස කරන්න එපා. ඒ ලමයගේත් වැරදි ඇති. ඒවා අවවාද දීල හද ගතැයුතුව තිබු දේවල්නේ.ඒයා සමහර ළමයින්ට කතා කරන්නේ කොලහලයකදී පාවිච්චි වෙන වචන වලින්. වැරදි කලත් හැම ලමයටම ඒ වචන හරි යන්නේ නැහෙ. දැන් ඉතින් කුලියට ගත්ත මිනිස්සු ටිකක දාලා බේරෙන්න බලනවා වගේ. (දී)
මේ විදුහල් පතිට දැන් රෑට නරක හීන පේනවා ඇති. අර මරුන ළමය කතා කරනවා ඇතිනේ. (දී)
ඒ ළමයාගේ නුගත් කමින් සමාජයට දී ඇත්තේ නරක ආදර්ශයක්. ප්‍රශ්නය දෙමවුපියන්ට පවසුවානම් මීට වඩා හොඳට වැරදිකරුට දඩුවම්දී ප්‍රශ්නය නිරාකරණය කරගන්න තිබුනා.කාටත් අපකීර්තියක් නෑ. හෙට අම්ම බැන්නා කියල ළමයෙක් ගෙලවලදා ගත්තොත් මොකක්ද තත්වය. (දී)
විදුහලට අපහාස කල විදුහල්පතිටවැහි නැති හෙනයක් පහත්වේවා ! (දී)
මෝඩ මිනිස්සු (දී)
නම රැක ගන්න නම් ඒ විධියට කටයුතු කරන්නත් ඕනේ. අපේ මිනිස්සු බය නැතුව හත් පොලේ ගාගන්නේ වහාම ඒවා හෝදන්න මිනිස්සුත් වතුර බාල්දිත් එක්ක දුසිම් ගණනනින් සුදානමින් ඉන්න නිසා.(දී)
මේ වගේ මෝඩ වැඩ නතර කරන්න (දී)