IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කොරෝනා යළි හිස ඔසවන ලකුණු

(සුජිත් හේවාජුලිගේ )

දිවයින පුරා කොවිඩ්  ආසාදිතයන් රෝහල් පද්ධතියට  දැනෙන  ආකාරයේ වැඩිවීමක් දක්නට ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

කොවිඩ්  ආසාදිතයන්ගේ වැඩිවීම සියයට 5ත් 7ත්  සංඛ්‍යාවක් බව පැවසූ  වෛද්‍යවරයා  මෙම තත්වය ඉතා සීඝ්‍රයෙන්  ලොකු වැඩිවීමක් දක්වා තල්ලු විය හැකි බවද  පෙන්වා දුන්නේය.

ජනතාව  පසුගිය නිවාඩු සති අන්තයේ  ගත කළ ආකාරය අනුව  මෙම අහිතකර  ප්‍රතිඵල ලැබී ඇති බවත් මෙහි නියම ප්‍රතිඵල දැකබලා ගැනීමට  තව  සතියක් දෙකක් ගත වනු ඇති බවත් ඔහු පැවසුවේය.

රටේ  සංචරණ සීමා ඉවත් කිරීමෙන්  ලැබුණු ප්‍රතිඵල ජනතාව අවභාවිතා කරමින් සිටින බව  පැවසූ අන්වර් හම්දානි මහතා  රට විවෘත කළේ  සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට මිස  විනෝද සවාරි යෑමට නොවන බවද පෙන්වා දුන්නේය.

වහාම සෞඛ්‍ය නීති වලට අනුගතව කටයුතු කරන්නැයි  තමා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් එසේ කටයුතු නොකළහොත් කොවිඩ්  පැතිරීම සීඝ්‍රවී අධ්‍යාපනය හා ආර්ථිකය  ඇතුළු සියලු ක්ෂේත්‍ර කඩාවැටිය හැකි බවත්  හෙතෙම පැවැසීය.

අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට  නිවෙස්වලින් පිටවීම  සීමා කරන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.

බොහෝ ජනතාව අද හැසිරෙන්නේ  රටේ මෙයට පෙර කිසිදු  දෙයක් ඇති නොවුණු ගාණට යැයි පැවසූ  වෛද්‍යවරයා කොවිඩ්  තත්වය ඉදිරියේදී වැඩි වුවහොත්  ඒ ඒ ප්‍රදේශ  හෝ අංශ (ආයතනවල ) පමණක් වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසුවේය.



අදහස් (1)

කොරෝනා යළි හිස ඔසවන ලකුණු

රුචිර Monday, 08 November 2021 10:11 AM

උපරිමය 50 දෙනෙක් කිව්වාට මේ දිනවල පැවැත්වෙන කඨින පිංකම් සඳහා බොහෝ දෙනෙක් සම්බන්ධ කරගන්න භික්ෂූන් වහන්සේලා කටයුතු කරනවා. ලවුඩ්ස්පීකර් දමා පන්සලට එන්න කියමින් ගම දෙවනත් කරනවා. ඒක මීළඟ කොරෝනා රැල්ලට ඉතාම හොඳ හේතුවක් වේවි..

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 83 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 60 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 9423 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1496 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 671 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1256 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1806 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site