(ඩී.ජී.සුගතපාල)
සොරකමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනිමට ගිය සැකකරු නිවසේ වහලට නැග බිමට පැන පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ වහලෙන් බිමට වැටි තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කළ බව ඉමදුව පොලිසිය පවසයි.
මෙසේ තුවල ලබා රෝහල් ගත කර ඇත්තේ පිලාන අමුකොටුකන්ද පදිංචි 35 හැවිරිදි සැකකරුවෙකි.
ඉකුත් අප්‍රේල් 28 වනදින රාත්‍රි දික්කුඹුරේ කුරුඳු වෙළඳ සලක් බිඳ කුරු සොරකම් කිරිම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු නිවසේ සිටින බවට ලැබුණ තොරතුරක් අනුව පොලිසිය නිවසට ගිය අවස්ථාවේ සැකකරු නාන කාමරයෙන් වහලට නැග බිමට පැන පලා යාමට උත්සාහ කල අවස්ථාවේ වහලෙන් බිමට වැටි ඇත.
බිමට වැටිමෙන් කකුල කැඩි තිබු සැකකරු පොලිසිය විසින්ම කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අද (17) සවස කරාපිටිය රෝහලට ගොස් සැකකරු පරික්ෂා කර බලා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියමිතව තිබින.
ඉමදුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක උදිත කුමාර,උප පොලිස් පරික්ෂකවරුන් වන බන්දුසේන සහ කරුණාදාස යන මහත්වරුන් විසින් වැඩදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ නිවහනේදී ෆ
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 60 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය න
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුරුඳු සොරා වහලෙන් වැටෙයි