ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ඩීසීඩී හෙවත් ඩයි සයනයිඩිමයිඩ් රසායනය නැතැයි ද, ඒ ගැන නිවැරදිව පරීක්ෂා කිරීමට රසායනාගාර පහසුකම් ශ්‍රී ලංකාවේ නැතැයි ද කියන කතාව වැරදි බව ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය පවසයි.
කිරිපිටි හා අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් එම ආයතනය පැවැත්වූ පරීක්ෂණ සියයට සියයක් නිවැරදි බව ද එම ආයතනය පවසයි.
මෙම පරීක්ෂණ ගැන තාක්ෂණ ආයතනය පර්යේෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් මහජනයා දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ හතේ කාර්මික තාක්ෂණයේ දී බ්‍රහස්පතින්දා උදේ පැවැත්වීමට යයි.
ඇමැති පාටලී චම්පික රනවක, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය විමලධර්ම අබේවික්‍රම, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ලියනගෙදර සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරයෝ ද සහභාගී වීමට නියමිතය.
ඩීසීඩී යනු ගව මුත්‍රා නිසා තනබිම්වලට නයිට්‍රජන් අහිමිවීමේ පාඩුව පිරිමසා ගැනීම සදහා කිරි ගොවියන් විසින් යොදනු ලබන රසායනයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත් වෙනුවට තණකොළ කන එවුන්ට ගව මුත්‍රා රස දැනෙන්නේ නැතිකොට මහජනයා මක්කයි කොරන්නේ? (ස)
දියර කිරි උකු කිරීමට දමන්නේ පිටි කරන ලද ඌරු තෙල්. (අ)
කිසිම පරීක්ෂණයක් 100% හරි වෙන්නේ නැහැ. වරදින්න පුළුවන් කිසියම් ප්‍රතිශතයක් තියෙනවා.රටටම දැනගන්න මේකට භාවිතා කළ ක්‍රමය, උපකරණ සහ සම්මත සාම්පල මොනවද කියලා කියන්න පුලුවන්ද? (නි)
මොන ආයතන තිබුනත් මහජනයාට වස විස කවන එක නම් දිගටම සිදුවෙනවා. (නි)
100% සාර්ථක නැතුව නිගමන දෙන්නේ නැහැ. ඒකයි විද්‍යාත්මක ක්‍රමය. පිටිකිරි හදන රටවල පිටිකිරි පාවිච්චි කරන්නේ නැහැ (නි)
මේ වගේ රටක තමයි අපි ජීවත්වෙන්නේ! (නි)