කැරම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පුහුණුවීමට හා තරගාවලි පැවැත්වීමට සුදුසු ස්ථානයක් නොමැතිවීම නිසා ලෝක ශූරතා දිනාගත හැකි කී‍්‍රඩාවක් වන කැරම් කී‍්‍රඩාවේ තත්ත්වය එන්න එන්නම පිරිහෙමින් පවතින බව කැරම් සංගම් නිලධාරීහු පෙන්වා දෙති. කොළඹ රීඞ් මාවතේ තුරඟ තරග පිටිය අසළ ගොඩනැගිල්ල නවීකරණය කිරීම නිසා එහි පවත්වාගෙන ගිය කැරම් සංගම් මූලස්ථානය එතැනින් ඉවත් කර ගැනීමට කැරම් සම්මේලන නිලධාරීන්ට සිදුවිය. එහෙත් ඒ හේතුවෙන් කැරම් තරගාවලි පැවැත්වීමට සහ පුහුණුවීම සඳහා ස්ථානයක් සොයා ගැනීමේ ගැටළුවෙන් නිලධාරීන් මෙන්ම කී‍්‍රඩක ක්රීඩිකාවෝද අපහසුතාවට පත්ව සිටිති. කැරම් සම්මේලනය ඉකුත් වසරවලදී මාසයකට තරගාවලියක් බැගින් සංවිධානය කළ නමුත් මෙම වසරේදී ප්‍රධානතම තරගාවලි හතරක් සංවිධානය කිරීමේ අවස්ථාව අහිමිව ගිය බව සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. ශ්‍රේණිගත කිරීමේ තරගාවලි වන රේන්ජර්ස් තරගාවලිය, සම්මේලන තරගාවලිය, සමස්ත ලංකා කනිෂ්ඨ තරගාවලිය සහ ආධුනික තරගාවලිය පැවැත්වීමට නොහැකි වූයේ තරගාවලිය පැවැත්වීමට නිසි ස්ථානයක් නොමැති වීමෙන් බව සම්මේලන නිලධාරීහු කියති. ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් 24 වැනි ‘සම්මේලන කුසලාන’ තරගාවලිය ජනවාරී මස පැවැත්වීමට සුදානම් වනු ලබන්නේ මාස හතරක නිහඬතාවකින් පසුවය. එම තරගාවලිය සඳහා මේ වන විටත් අයැදුම්පත් කැඳවනු ලැබ ඇත. වෙනත් ක්‍රීඩා මෙන් නොව කැරම් ක්‍රීඩා කිරීමට චෙස්, ස්නූකර් වැනි කී‍්‍රඩා පැවැත්වෙන ස්ථාන වැනි නිදහස් පරිසරයක් අවශ්‍ය බවද ඔවුහු පෙන්වා දෙති. ඒ සඳහා කී‍්‍රඩා අමාත්‍යංශයේද සහයෝගය ඇතිව, මාසිකව කුළී ගෙවීමේ පදනම මත මහරගම ප්‍රදේශයේ ස්ථානයක් ගැනීමට කැරම් සම්මේලනය කටයුතු යොදා තිබේ. එහෙත් බොහෝ කී‍්‍රඩකයන් රැකියා නිමවීමෙන් පසුව කැරම් කී‍්‍රඩාවේ නිරත වන හෙයින් කොළඹ ප්‍රදේශයෙන් පිටත පිහිටි මධ්‍යස්ථානයක පුහුණුවීමට සහ තරගාවලිවලට සහභාගිවීමේ දුෂ්කරතා පවතින බවද ජාතික සංචිතයේ කී‍්‍රඩක ක්‍රීඩිකාවෝ පවසති. කොළඹ කැරම් සංගම් මුලස්ථානය පැවැති කාලයේ සෑම දිනකම පුහුණුවීමේ අවස්ථාව තිබු බවත්, එම අවස්ථාව අහිමි වීමෙන් පුහුණුවීම් කටයුතු අඩාලව තිබෙන බවත් ඔවුහු පවසති. මේ අතර වසර 2012 දී 6 වැනි ලෝක කැරම් ශූරතාවලිය පැවැත්වීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකාවට අන්තර්ජාතික කැරම් තරගාවලි රැසක් පසුගිය වසරේදී පැවැත්වීමේ අවස්ථාව හිමි වුවද, ලෝක කැරම් තරගාවලියක් සංවිධානය කිරීමේ අවස්ථාව මෙරටට හිමි වන්නේ පළමු වතාවටය. ලෝක ශූරතා කැරම් තරගාවලිය එළැඹෙන වසරේ ඔක්තෝබර් මසදී පැවැත්වීමට නියමිතය. අවසන් වරට 2008 වසරේ ප්‍රංශයේ පැවැති 5 වැනි ලෝක කැරම් ශූරතාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලාංකීය කී‍්‍රඩා ඉතිහාසයේ ලෝක ශූරතාවක් හිමිකර ගත් තෙවැනි අවස්ථාව ලෙස එය සැලකේ. ලෝක කැරම් ශූරතාවලිය පැවැත්වෙන්නේ සිවු වසරකට වරකි. තරගාවලියට රටවල් 20 කින් පමණ කී‍්‍රඩක ක්‍රීඩිකාවෝ සහභාගිවෙති. කැරම් කී‍්‍රඩාවේදී ශ්‍රී ලංකාවට අභියෝගයක් වන එකම රට ඉන්දියාව ලෙස සැලකූව ද මේ වන විට බංග්ලාදේශය සහ මාලදිවයින ද ශ්‍රී ලංකාවට අභියෝගයක් වෙමින් පවතී. ලෝක ශූරතාව දිනා ගැනීමෙන් පසුව අන්තර්ජාතික කැරම් තරගාවලිවලදී ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව සිටියි. පසුගියදා මැලේසියාවේදී පැවැති ලෝක සම්මේලන කුසලාන කැරම් තරගාවලියේද ශ්‍රී ලංකාවට හිමි වුයේ අනුශූරතාවයයි.
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැරම් සම්මේලනය පාරට වැටීමෙන් කී‍්‍රඩාවේ තත්ත්වය බලා ඉඳිද්දී පිරිහෙයි