IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කුරුම්බා කැඩු තරුණයා ඝාතනය කළැයි චෝදනා ලැබු විත්තිකරු නිදහස්

 

(මනෝප්‍රිය  ගුණසේකර)

කුරුම්බා ගෙඩි හතරක් කඩාගෙන බිව්වේ යැයි 17 වියැති තරුණයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයකු කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (15) නිදොස් කොට නිදහස් කළේය.

සිද්ධිය ඇසින් දුටු එකම සාක්කිකරුවකු හෝ නොමැති වීම හා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා සියළු චෝදනා වලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.

සිද්ධිය ඇසින් දුටු එකම පුද්ගලයා වන මියගිය තරුණයා සමඟ කුරුම්බා බීමට ගිය තරුණයා අතුරුදන් බව මීට පෙර අවස්ථාවක සිතාසි වාර්තාවක් අධිකරණට ඉදිරිපත් කළ වැලිකඩ පොලිසියේ කොස්තාපල් 92942 සෙනෙවිරත්න මහතා අධිකරණයට දැනුම් දී තිබිණි.

පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති වීම හේතූවෙන් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ රාජගිරිය ඔබේසේකරපුර මොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි එරාජ් ප්‍රනාන්දු මහතාය.

2008 දෙසැම්බර් මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ඔබේසේකරපුර මොරගස්මුල්ල ප්‍රදේශයේදී ලියනගේ පුබුදු සංජීව නමැති 17 වියැති තරුණයාට වෙඩි තබා බරපතල තුවාල කොට මරා දැමු බවට විත්තිතරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අතරතුර පළමු සාක්කිකරු වශයෙන් නම් කොට තිබු සිද්ධිය වු අවස්ථාවේ මියගිය පුබුදු සංජීව සමඟ කුරුම්බා කැඩීමට ගිය බව කියන අමිල ප්‍රසාද් නමැත්තා මහෙස්ත්‍රාත් අධිකරණ නඩුව විභාග කරන කාලයේදීම අතුරුදන් බව හෙළි විය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සිද්ධිය ඇසින් දුටු එකම සාක්කිකරුවකු හෝ නොමැති වීම හා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා සියළු චෝදනා වලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

 

 



අදහස් (6)

කුරුම්බා කැඩු තරුණයා ඝාතනය කළැයි චෝදනා ලැබු විත්තිකරු නිදහස්

Nihal Wednesday, 15 December 2021 03:47 PM

එතකොට මේ ළමයා මරපු කෙනෙක් නැද්ද?

:       1       33

කිරි පුතා Wednesday, 15 December 2021 04:20 PM

ආ.. ඒ තරුණයා වෙඩි තියාගෙන. අනේ අපොයි...!

:       1       20

සෙනවි Wednesday, 15 December 2021 04:44 PM

මාර නඩු තීන්දුවක් හාමුදුරුවනේ... ඇසින් නොදුටු මිනීමැරුම් තවත් රටවල වෙනවා. ඒත් ඒ චූදිතයින් නඩුවිභාගයේදී වරදකරු වෙනවා. මේක පූර්වාදර්ශයක් වෙලා සාක්කි නැති විදිහට ඉදිරියේදී මිනීමරන්න ඉඩ තිබෙනවා. මෙහෙම නඩුවිභාගයක් ඇසුවාටමයි ජීවිතේට!. මේ විනිසුරුවරයාගේ තීන්දුව ගැන කුමට කියම්ද?

:       1       21

kamal Wednesday, 15 December 2021 04:53 PM

සාක්කිකාරයා අතුරුදහන්. විත්තිකරුගේ නෑයින් කවුද දන්නේ නෑ...

:       1       18

Nuwa Wednesday, 15 December 2021 06:55 PM

ඒ කියන්නේ අපිට වුණත් පුළුවන් සාක්ෂි තියන්නේ නැතුව ඕනම ගේමක් දීලා ආතල් එකේ ඉන්න.. ඒක මරු.. ජයවේවා...!!!

:       0       3

fairoos Wednesday, 15 December 2021 08:06 PM

එතකොට නඩුභාණ්ඩ මුකුත් නැද්ද? වෙඩි තිබ්බ තුවක්කුවත් අරන් සාක්කිකරු අතුරුදන් වෙලා වෙන්න ඇති. එක රටක්.. වෙන නීතියක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 547 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 248 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 768 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 983 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 561 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 613 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site