ප්‍රාදේශීය සභා සභාපති ධූරයෙන් අද (09) සිට තාවකාලිකව ඉවත් වූ බව කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයාටත්,ආරක්ෂක ලේකම්වරයාට,පොලිස්පතිවරයාට මෙන්ම ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයාට සහ වයඹ පළාත් පාලන කොමසාරිස්වරයාටද තීරණය දැනුම් දුන් බව වීරසිංහ මහතා සඳහන් කළේය.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා තම නිවසට පැමිණ පහර දීම සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය විධිමත් ලෙස ක්‍රියාත්මක වී නොමැති බවත්,තමන් විසින් හෝ තම ඥාතියකු විසින් යම් කිසි ක්‍රියාවක් සිදු කළ හොත් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය මෙම අවස්ථාවේදී ඒක පාක්ෂිකව කටයුතු කර ඇති බවද නීල් වීරසිංහ මහතා පැවසීය.
තමා භාරයේ තිබු ප්‍රාදේශීය සභාවට අයත් සියළුම දේපොළ සභා ලේකම්වරයා වෙත බාර දුන් බව ද වීරසිංහ මහතා සදහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාවකාලිකව අස්වෙන්න පුළුවන් ආසියාවෙ ආස්චර්යය මේක. (නදී)
බන්දුල පෙරේරාගේ කතාව ඇත්ත. එයත් එක්ක මෙලෝ මිනිහෙකුට පුලුවන්ද එකට ඉන්න.මේ අය එක්ක ඉන්න කොට අනිකුත් මොලේ හොද කට්ටියගෙත් පිස්සු ඩබල් වෙනවා. (අ)
සමීර මල්ලි පිස්සු නටන්නේ නැතුව නැතුව රිලෝඩ් එකක් දාල ගැහැණු ළමයත් එක්ක පෙම් බසක් දොඩලා හිත සැහැල්ලු කර ගන්න. මේවයේ තියෙන ඒවා ගැන ඔයා ඔහොම හිතන්න ගියොත් ඉක්මනින් පිස්සන් කොටු යන්න වේවි.(නදී)
බන්දුල හරියට දුවන නරි ෂවර් එකෙන් නාවන්න උත්සාහ කරනවා වගෙයිනේ! (නි)
බන්දුලට මම කරට කර වාදයකට ආරාධනා කරනවා. මම මගේ දුරකතන අංකය ඔබට දෙන්නම්. එන්න විවාදයකට (නි)
එතකොට දැන් තිබෙන ප්‍රශ්නය මෙතුමා හෝ පවුලේ අය වැරදි කළවිට පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන එකද? ඔක්කොටම ඕනෑ රටේ නීතියට උඩින් යන්න (නි)
"ඒක තමයි සන්ධානයයි, යු එන් පි එකෙයි වෙනස." අපටනම් කිසිම වෙනසක් නැහැ රටේ නීතිය නැති කලෙත් ඒගොල්ලා. (නදී)
එතකොට රංගේ බණ්ඩාරගේ හොටෙල් එකට ගහපු සභාපතිතුමාට බය හිතෙන්න ඇති. අනේ පවු ? (අ)
බන්දුල මහත්තයත් අයින් වෙන්ඩද හදන්නේ. බන්දුල මහත්තයා පනින්ඩ හදන්ඩ නම් එපා. ඔබ තුමාත් ජනතාවට හරි වැදගත්. (නදී)
චින්තක මහත්තයෝ, ඒක තමයි සන්ධානයයි, යු එන් පි එකෙයි වෙනස. සභාපතිතුමාට බය හිතෙන්න ඇති. (නි)
රංග බණ්ඩාර විපක්ෂේ නේද ? මෙතුමා ආණ්ඩුවේ. විපක්ෂේ කෙනෙක් ආණ්ඩුවේ කෙනෙකුට ගහල දැන් ආණ්ඩුවේ එක්කෙනා කරගන්න දෙයක් නැතුව අස් වෙනවා. (නදී) මට නිකන් කරකැවිල්ල වගේ.
තාවකාලිකව මොකටද? සදාකාලිකවම ඉල්ලා අස්වෙන්න. එ්ක තමයි ජනතාවට කළහැකි උතුම්ම සේවය (නදී)
ඔය පැත්තේ විතරක් නෙමේ ඔය ප්‍රාදේශීය සභාවල ලොක්කෝ තමා වැලි ටික හාරන්නේ, හොරට කැළෑ කපන්නේ, වන සතුන් දඩයම් කරවන්නේ. තාවකාලිකව නෙමේ සදාකාලිකව ගෙදර යා යුතුයි (නදී)
මෙන්න නියම දේශපාලකයෙක්. (නදී)
මෙතන යටින් යන වැඩ පිළිවෙලක් තියෙනවා වගේ. අහු වෙන්න එපා අදහස් පල කරන කොට. (නදී)
සභාපතිතුමෝ අස්වුණා කියල ගැලවෙන්නේ ලැබෙන්නේ නැහැ. (නදී)
කලාතුරකින් දකින්න ලැබෙන ක්‍රියාවක් ....ඍජු ගති පැවතුම් සහිත දේශපාලනඥයෙක්. ඔබට ජය. (නදී)
වැරදි කලාම එ්කෙන් නිදහස් වෙන්න කරන වැඩ. ඕවට අහුවෙන මිනිස්සුත් ඉන්නවනේ. රටකට ගිය කලක් (නදී)
මට නම් හිතාගන්න බැහැ මොනවද මේ වෙන්නේ කියලා (නි)
බයවෙන්න දෙයක් නැහැ. ඕක බාර ගන්නේ නැති බව දන්නවනේ. අනික 'තාවකාලික අස්වීම' කියල දෙයක් පළාත් පාලන අණ පනත්වලත් නැහැනේ. (නදී)
මොනවද දන්නෙ නැහැ දැම්ම නිවාඩු? (නි)
තමන් විසින් හෝ තම ඥාතියෙක් හෝ යමක් කළොත්" ඒ කියන්නේ මෙයාලා හැමදාම නඩු දාගන්න අය කියන එකනේ. නේද? (නි)
තාවකාලිකව අස්වීම කියන එක ඇහුවෙත් අදනේ !! ලෙඩ නිවාඩුද? එහෙම වෙන්නත් බැහැනේ. (නි)
කලාතුරකින් දකින්න ලැබෙන දෙයක් මේක නම් (නි)
පොලිසියටත් අනාගතය ගැන යම්කිසි දෙයක් පෙනෙනවා වගෙයි. (නි)
බලන්නකෝ හිනාව! (නි)
ආදර්ශවත් ක්‍රියාවක්.තමන් නිවැරදි නම්,අවංක නම් මෙවැනි ඍජු තීරණ ගන්න පුළුවන්. බලමු නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා (නි)
ඉතින් මොකද තාවකාලිකව අස්වෙන්නේ. කාවද රවට්ටන්න හදන්නේ ඕවට රැවටෙන මුනිස්සු ඉන්න බව පලවෙනි අදහසින්ම පෙනෙනවා. අපට ඕගොල්ල හිටියත් එකයි නැතත් එකයි. (නදී)
මහතාණෙනි, ඔබ මේ සමාජයට මිණි පහනකි. ස්තුතියි ඔබේ උතුම් ආදර්ශයට (නදී)
එතකොට දැන් රංගේ මොකක්ද කියන්නේ? (නි)
තාවකාලිකව අස් උනා කියන්නේ මොකක්ද? එහෙම කරන්නත් පුලුවන්ද ? අනේ මන්දා (නදී)
තාවකාලිකව අස්වුණා කියන්නේ, අස්වීමේ ලිපිය බාර නොගනීවී යන්නයි. යටි අදහසක් ඇතුවා වගේ (නදී)