IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කරුවලගස්වැව ප්‍රා සභාපති තාවකාලිකව අස්වෙයි

ප්‍රාදේශීය සභා සභාපති ධූරයෙන් අද (09) සිට  තාවකාලිකව ඉවත් වූ බව කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයාටත්,ආරක්ෂක ලේකම්වරයාට,පොලිස්පතිවරයාට මෙන්ම ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයාට සහ වයඹ පළාත් පාලන කොමසාරිස්වරයාටද  තීරණය දැනුම් දුන් බව වීරසිංහ මහතා සඳහන් කළේය.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා තම නිවසට පැමිණ පහර දීම  සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය විධිමත් ලෙස ක්‍රියාත්මක වී නොමැති බවත්,තමන් විසින් හෝ තම ඥාතියකු විසින් යම් කිසි ක්‍රියාවක් සිදු කළ හොත් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය මෙම අවස්ථාවේදී ඒක පාක්ෂිකව කටයුතු කර ඇති බවද නීල් වීරසිංහ මහතා පැවසීය.

තමා භාරයේ තිබු ප්‍රාදේශීය සභාවට අයත් සියළුම දේපොළ සභා ලේකම්වරයා වෙත බාර දුන් බව ද වීරසිංහ මහතා සදහන් කළේය.

 

RDS_3772---Copy

 

 

 



අදහස් (0)

කරුවලගස්වැව ප්‍රා සභාපති තාවකාලිකව අස්වෙයි

මොහාන් Friday, 10 October 2014 01:07 AM

මට නම් හිතාගන්න බැහැ ‍මොනවද මේ වෙන්නේ කියලා (නි)

:       0       0

සමීර සාලින්ද Friday, 10 October 2014 09:12 AM

බන්දුලට මම කරට කර වාදයකට ආරාධනා කරනවා. මම මගේ දුරකතන අංකය ඔබට දෙන්නම්. එන්න විවාදයකට (නි)

:       0       0

ලක්මාල් Friday, 10 October 2014 03:20 AM

වැරදි කලාම එ්කෙන් නිදහස් වෙන්න කරන වැඩ. ඕවට අහුවෙන මිනිස්සුත් ඉන්නවනේ. රටකට ගිය කලක් (නදී)

:       0       0

සමරනායක Friday, 10 October 2014 03:25 AM

තාවකාලිකව අස්වෙන්න පුළුවන් ආසියාවෙ ආස්චර්යය මේක. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 10 October 2014 03:28 AM

සභාපතිතුමෝ අස්වුණා කියල ගැලවෙන්නේ ලැබෙන්නේ නැහැ. (නදී)

:       0       0

මොහාන් Friday, 10 October 2014 03:59 AM

මෙතන යටින් යන වැඩ පිළිවෙලක් තියෙනවා වගේ. අහු වෙන්න එපා අදහස් පල කරන කොට. (නදී)

:       0       0

වීරසිංහ Friday, 10 October 2014 11:08 AM

බන්දුල හරියට දුවන නරි ෂවර් එකෙන් නාවන්න උත්සාහ කරනවා වගෙයිනේ! (නි)

:       0       0

සේන Friday, 10 October 2014 04:05 AM

මෙන්න නියම දේශපාලකයෙක්. (නදී)

:       0       0

ප්‍රනාන්දු Friday, 10 October 2014 04:07 AM

ඔය පැත්තේ විතරක් නෙමේ ඔය ප්‍රාදේශීය සභාවල ලොක්කෝ තමා වැලි ටික හාරන්නේ, හොරට කැළෑ කපන්නේ, වන සතුන් දඩයම් කරවන්නේ. තාවකාලිකව නෙමේ සදාකාලිකව ගෙදර යා යුතුයි (නදී)

:       0       0

නිමල් Friday, 10 October 2014 04:08 AM

තාවකාලිකව මොකටද? සදාකාලිකවම ඉල්ලා අස්වෙන්න. එ්ක තමයි ජනතාවට කළහැකි උතුම්ම සේවය (නදී)

:       0       0

චින්තක Friday, 10 October 2014 04:11 AM

රංග බණ්ඩාර විපක්ෂේ නේද ? මෙතුමා ආණ්ඩුවේ. විපක්ෂේ කෙනෙක් ආණ්ඩුවේ කෙනෙකුට ගහල දැන් ආණ්ඩුවේ එක්කෙනා කරගන්න දෙයක් නැතුව අස් වෙනවා. (නදී) මට නිකන් කරකැවිල්ල වගේ.

:       0       0

සඳුනි Thursday, 09 October 2014 03:25 PM

කලාතුරකින් දකින්න ලැබෙන ක්‍රියාවක් ....ඍජු ගති පැවතුම් සහිත දේශපාලනඥයෙක්. ඔබට ජය. (නදී)

:       0       0

තිස්ස නාගොඩ Saturday, 11 October 2014 03:48 AM

බන්දුල පෙරේරාගේ කතාව ඇත්ත. එයත් එක්ක මෙලෝ මිනිහෙකුට පුලුවන්ද එකට ඉන්න.මේ අය එක්ක ඉන්න කොට අනිකුත් මොලේ හොද කට්ටියගෙත් පිස්සු ඩබල් වෙනවා. (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 09 October 2014 03:49 PM

තාවකාලිකව අස්වුණා කියන්නේ, අස්වීමේ ලිපිය බාර නොගනීවී යන්නයි. යටි අදහසක් ඇතුවා වගේ (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 09 October 2014 04:54 PM

තාවකාලිකව අස් උනා කියන්නේ මොකක්ද? එහෙම කරන්නත් පුලුවන්ද ? අනේ මන්දා (නදී)

:       0       0

සංජීව Thursday, 09 October 2014 05:17 PM

එතකොට දැන් රංගේ මොකක්ද කියන්නේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 10 October 2014 05:32 AM

චින්තක මහත්තයෝ, ඒක තමයි සන්ධානයයි, යු එන් පි එකෙයි වෙනස. සභාපතිතුමාට බය හිතෙන්න ඇති. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 10 October 2014 02:08 PM

සමීර මල්ලි පිස්සු නටන්නේ නැතුව නැතුව රිලෝඩ් එකක් දාල ගැහැණු ළමයත් එක්ක පෙම් බසක් දොඩලා හිත සැහැල්ලු කර ගන්න. මේවයේ තියෙන ඒවා ගැන ඔයා ඔහොම හිතන්න ගියොත් ඉක්මනින් පිස්සන් කොටු යන්න වේවි.(නදී)

:       0       0

කුමුදිනි වත්සලා Thursday, 09 October 2014 05:35 PM

මහතාණෙනි, ඔබ මේ සමාජයට මිණි පහනකි. ස්තුතියි ඔබේ උතුම් ආදර්ශයට (නදී)

:       0       0

බමුණු Thursday, 09 October 2014 05:41 PM

ඉතින් මොකද තාවකාලිකව අස්වෙන්නේ. කාවද රවට්ටන්න හදන්නේ ඕවට රැවටෙන මුනිස්සු ඉන්න බව පලවෙනි අදහසින්ම පෙනෙනවා. අපට ඕගොල්ල හිටියත් එකයි නැතත් එකයි. (නදී)

:       0       0

ටෙනිසන් Thursday, 09 October 2014 05:57 PM

ආදර්ශවත් ක්‍රියාවක්.තමන් නිවැරදි නම්,අවංක නම් මෙවැනි ඍජු තීරණ ගන්න පුළුවන්. බලමු නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා (නි)

:       0       0

ඩයස් Friday, 10 October 2014 06:31 AM

බන්දුල මහත්තයත් අයින් වෙන්ඩද හදන්නේ. බන්දුල මහත්තයා පනින්ඩ හදන්ඩ නම් එපා. ඔබ තුමාත් ජනතාවට හරි වැදගත්. (නදී)

:       0       0

දීන් Friday, 10 October 2014 06:41 AM

එතකොට රංගේ බණ්ඩාරගේ හොටෙල් එකට ගහපු සභාපතිතුමාට බය හිතෙන්න ඇති. අනේ පවු ? (අ)

:       0       0

මොහාන් Thursday, 09 October 2014 07:06 PM

බලන්නකෝ හිනාව! (නි)

:       0       0

චමින්ද Thursday, 09 October 2014 07:11 PM

පොලිසියටත් අනාගතය ගැන යම්කිසි දෙයක් පෙනෙනවා වගෙයි. (නි)

:       0       0

ඇන්ටන් Thursday, 09 October 2014 07:42 PM

කලාතුරකින් දකින්න ලැබෙන දෙයක් මේක නම් (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 09 October 2014 07:44 PM

තාවකාලිකව අස්වීම කියන එක ඇහුවෙත් අදනේ !! ලෙඩ නිවාඩුද? එහෙම වෙන්නත් බැහැනේ. (නි)

:       0       0

බමුණු Friday, 10 October 2014 07:14 AM

"ඒක තමයි සන්ධානයයි, යු එන් පි එකෙයි වෙනස." අපටනම් කිසිම වෙනසක් නැහැ රටේ නීතිය නැති කලෙත් ඒගොල්ලා. (නදී)

:       0       0

ප්‍රභාත් Thursday, 09 October 2014 10:00 PM

තමන් විසින් හෝ තම ඥාතියෙක් හෝ යමක් කළොත්" ඒ කියන්නේ මෙයාලා හැමදාම නඩු දාගන්න අය කියන එකනේ. නේද? (නි)

:       0       0

සෑම් Friday, 10 October 2014 08:11 AM

එතකොට දැන් තිබෙන ප්‍රශ්නය මෙතුමා හෝ පවුලේ අය වැරදි කළවිට පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන එකද? ඔක්කොටම ඕනෑ රටේ නීතියට උඩින් යන්න (නි)

:       0       0

ආනන්ද Friday, 10 October 2014 12:41 AM

මොනවද දන්නෙ නැහැ දැම්ම නිවාඩු? (නි)

:       0       0

උපාලි Friday, 10 October 2014 01:06 AM

බයවෙන්න දෙයක් නැහැ. ඕක බාර ගන්නේ නැති බව දන්නවනේ. අනික 'තාවකාලික අස්වීම' කියල දෙයක් පළාත් පාලන අණ පනත්වලත් නැහැනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 197 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 389 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 757 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 880 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 675 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 631 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site