IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘ක්‍රිස් නෝනිස්ට ගහලා‘

ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපියක් රජයට භාරදී නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඊයේ (30)  පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා තමන් මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස් මහතාගෙන් පෞද්ගලිකවම විමසූ බවද එහිදී   නෝනිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපියක් භාරදී නැතැයි ඔහු තහවුරු කළ බවද කීය.

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගීවීමට ජනපතිවරයාත් සමග ඇමරිකාවේ නිව්යෝක් නගරයට ගොස් සිටියදී ඇතිවූ සිදුවීමක්  නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

සමුළුව අවසානයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදී ක්‍රිස් නෝනිස් මහතාට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයෙකු දැඩි සේ පහර දී ඇතැයිද වාර්තා විය.



අදහස් (0)

‘ක්‍රිස් නෝනිස්ට ගහලා‘

සුගුනවති Wednesday, 01 October 2014 12:50 PM

රියදුරලා මන්ත්‍රීරිලාවුණාම ඔහොම තමයි ...මමත් එතන සීන් එක වෙනකොට ..නමුත් කියන්න යන්නේ නැහැ ඒ ගැන(අ)

:       0       0

අජිත් Wednesday, 01 October 2014 01:44 PM

මෙවැනි අයට ඡන්දය දුන් අය ඔලුව අත ගා බලන්න මොනවත් අහු වෙනවද කියල . (අ)

:       0       0

සමන්ති Wednesday, 01 October 2014 01:50 PM

ගහල තියෙන්නේ කාඩ්බෝර්ඩ් වීරයෙක් වගෙයි පෙන්නේ.(අ)

:       0       0

රූපවතී Wednesday, 01 October 2014 06:50 AM

මේ ලංකාවේ මිනිසුන්ට ?මොකද වෙලා තියෙන්නේ ? ගියොත් එතන ඉවරයි. අසුචි තවරාගෙන ..? (ස)

:       0       0

ඕමාර් Wednesday, 01 October 2014 02:07 PM

කුජීතයි නේද ? (අ)

:       0       0

නික් Wednesday, 01 October 2014 06:59 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන්නද ඒ අමාරුව. (ස)

:       0       0

දයාන් Wednesday, 01 October 2014 07:08 AM

දන්නෝ දනිත්. නොදන්නෝ නොදනිත්. අපි හැම දාම ඌ මට ගහනවා මට ඌ ගහනවා. බලනකොට අපිමයි ගුටි කන්නේ. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 01 October 2014 07:11 AM

පුදුමයක් විය යුතු නැත. මෙම සිදුවීම් ආශ්චර්යයේම කොටස්ය. ක්‍රිස් නෝනිස් මහතා හසල ලෙස උගත් දොස්තර මහතකු පමණක් නොව මහෞශධයකු බව ලොවටම පෙන්වුයේ ලංකාවට චෝදනා මුඛයෙන් කතා කල සි එන් එන් මාධ්‍ය සාකච්චාවේදීය. මෙතුමා පිළිතුරු දුන් ආකාරයෙන් උගත් මාධ්‍යවේදීන්ට පවා එය දිගටම පවත්වාගෙන යා නොහැකි විය. එමගින් ලංකාවට ඇති වුයේ මහත් කීර්තියකි. එය බලා සිටි ලාංකිකයෝ ප්‍රීති ගෝෂා නැගූහ. එපමණක්ද නොව, මෙතුමා එංගලන්තයේ නොටින්හැම් විශ්වවිද්‍යාලයේ බොක්සින් ක්‍රීඩකයෙකි. මෙතුමාට අපහාස කරපු පුද්ගලයා ලංකාවට කර ඇති සේවය කුමක්ද?මෙවන් අමනොඥයින් කල යුත්තේ මෙතුමා යන, එන දිශාවන් බලා එතුමාට වන්දනා කිරීමය. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 01 October 2014 07:11 AM

පුදුමයක් විය යුතු නැත. මෙම සිදුවීම් ආශ්චර්යයේම කොටස්ය. ක්‍රිස් නෝනිස් මහතා හසල ලෙස උගත් දොස්තර මහතකු පමණක් නොව මහෞශධයකු බව ලොවටම පෙන්වුයේ ලංකාවට චෝදනා මුඛයෙන් කතා කල සි එන් එන් මාධ්‍ය සාකච්චාවේදීය. මෙතුමා පිළිතුරු දුන් ආකාරයෙන් උගත් මාධ්‍යවේදීන්ට පවා එය දිගටම පවත්වාගෙන යා නොහැකි විය. එමගින් ලංකාවට ඇතිවූයේ මහත් කීර්තියකි. එය බලා සිටි ලාංකිකයෝ ප්‍රීති ඝෝෂා නැගූහ. එපමණක්ද නොව, මෙතුමා එංගලන්තයේ නොටින්හැම් විශ්වවිද්‍යාලයේ බොක්සින් ක්‍රීඩකයෙකි. මෙතුමාට අපහාස කරපු පුද්ගලයා ලංකාවට කර ඇති සේවය කුමක්ද?මෙවන් අමනොඥයින් කල යුත්තේ මෙතුමා යන, එන දිශාවන් බලා එතුමාට වන්දනා කිරීමය. (ස)

:       0       0

චාමික Wednesday, 01 October 2014 02:52 PM

ජනතාව ඇත්ත තේරුම්ගත් දවසට සිදුවිය යුතු දේ සිදුවේවි (නි)

:       0       0

නිමල් Wednesday, 01 October 2014 03:09 PM

මෙවැනි දේශපාලකයින් ගැන ඊළඟ ඡන්දෙන් තීරණයක් ගන්න කියලා බුද්ධිමත් ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Wednesday, 01 October 2014 07:23 AM

එංගලන්තයේ හයි කොමිසම මහා අද්භූත ස්ථානයකි. මෙහි සිටින්නවුන් වඩාත් කැමති 'තහනම්' සංවිධාන වල කෙරුමෝ සමග ඇයි හොඳයි කම් පැවැත්වීමටය. සිංහලයන් දුටු විට හොරෙන් බලා පසුව අහකම බලා ගනිති.දොස්තර කෙනෙක්ද මෙහි විදේශ සේවය කරන අතර විදේශ සේවා විභාගය සමත් හිටපු එකම කෙනත් නොබෝදා පන්නා ගත්තේය. (ස)

:       0       0

කිරි ගමරාල Wednesday, 01 October 2014 07:25 AM

පන්තියේ මොනිටර් පන්තියේ කාටහරි ගහන්නේ අවවාද කරලා හදන්න බැරි වරදක් කෙරුවහම විතරයි. සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල වාර්තා කරලා තියෙන හැටියටනම් මොනිටර් හොඳටම බීල ඉඳල තියෙන්නේ. සාමාන්‍යයෙන් රටේ වෙන දේවල්වල හැටියට කාපු බීපු වෙලාවට කියන කරන දේවල් ගනන්ගන්න එපා කියල ලබන සතියේදී කැබිනෙට් ප්‍රකාශක නොකිව්වොත් තමයි පුදුමේ. (ස)

:       0       0

අනුරාධ මෙල්බර්න් Wednesday, 01 October 2014 07:34 AM

රටක් වටිනා, රාජ්‍ය තාන්ත්‍රික යන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් පෝෂිත, උගත් පිළිගත් රජය අධිරාජ්‍යවාදීන් විසින් යුද අදිකරණයට ගෙන යන වකවානුවක පලිහක් ලෙස සියලු දෙයට රජය වෙනුවෙන් මුහුණ දුන් මෙවැනි නිලධාරියෙකුට අතක් උස්සන්න තරමට හැකිවූ මන්ත්‍රීවරයාට මේ රජය යටතේ නොහැකි නම් වෙනත් රජයක් යටතේ හෝ රජ කාලේ දඩුවමකට යටත් කලයුතු බව ඉතා වගකීමෙන් කියමු. ඒ සඳහා අපි පෙළ ගැසෙමු. ඉහල නිලධරියෙකුට සලකන රජයේ ආශ්චර්ය මෙය නම් අහිංසක රට වැසියෙකුගේ අනාගත ඉරණම කුමක් විය හැකිද? (නදී)

:       0       0

ලක්ෂිත Wednesday, 01 October 2014 07:39 AM

එයාම ගහගත්තා වෙන්න බැරිද? ආ..ආ ... මට මොකුත් මතක නෑ. නැති නම් බටහිර කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. (නදී)

:       0       0

සෙනරත් Wednesday, 01 October 2014 07:39 AM

එහෙම සිද්දියක් උනානම් නෝනිස් මහතාට තිබුනේ එහෙ පොලිසියට දන්වන්නයි. එහෙම කලා නම්, අදීක්ෂණ මන්ත්‍රී හරි වෙන කාව හරි කියල ප්‍රස්නයක් නැහැ අත්අඩංගුවට ගන්නවනේ. එහෙම නම් පරීක්ෂණයක් කරලා දඩුවම් දෙන්න ගොඩක් දුරට ඉඩ තිබුනා. (නදී)

:       0       0

බුද්ධි Wednesday, 01 October 2014 04:00 PM

ඔබතුමා මේවා ගැන කලබල වෙන්න එපා. අපි දන්නවා ඔබතුමා බුද්ධිමතෙක් කියලා (නි)

:       0       0

ධම්ම Wednesday, 01 October 2014 07:40 AM

විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකුට බැරිද තමා යටතේ ඉන්න කෙනෙකුට පාරක් ගහන්න. ප්‍රාදේශීය දේශපාලකයින්ගෙන් අප නම් ඉගෙනගෙන තියෙන්නේ එහෙමයි. (නදී)

:       0       0

හේමන්ත Wednesday, 01 October 2014 04:02 PM

සිදුව ඇති සිද්ධිය ගැන කණගාටුයි (නි)

:       0       0

සුනිල් Wednesday, 01 October 2014 04:04 PM

ක්‍රිස් නෝනිස් මහතා ඇත්තෙන්ම වැදගත් මහත්මයෙක් (නි)

:       0       0

පද්මිණි Wednesday, 01 October 2014 07:52 AM

හදා ගන්න පාරක් දෙකක් ගැහුවම මොකද? වෙන මොනවා කියන්නද මම? (ස)

:       0       0

රන්ජිත් Wednesday, 01 October 2014 07:52 AM

මේ වනාහි තවත් දේශපාලන හයිරම්කාරකමකි. වරද කුමක් වුවත් මානව හිමිකම් උල්ලංඝනය වී ඇත. තානාපතිවරු දේශපාලන පත්වීම් නිසා කිසිවක් කල නොහැක. (ස)

:       0       0

හරිශ්චන්ද්‍ර Wednesday, 01 October 2014 04:45 PM

ක්‍රිස් නෝනිස් මහතා බුද්ධිමත් ගෞරවනීය පුද්ගලයෙකි. ඔහුගේ දෙමාපියන්ද ශ්‍රී ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ අභිමානනීය දෙපළකි. ක්‍රිස් නෝනිස් මහතාට සිදුවූ සිද්ධිය ගැන අසා කණගාටු වන අතර ,ඔහුගේ තිබෙන මහත්මා ගුණය තව තවත් කැපී පෙනෙනු ඇත (නි)

:       0       0

සෑම් Wednesday, 01 October 2014 07:57 AM

මෙයාට ගහලා තියෙන්නේ විදේශ අමාත්‍යාංශේ විදේශ ඇමැතිටත් ඉහලින් ඉන්න කෙනෙක්. (ස)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Wednesday, 01 October 2014 08:01 AM

මා ඉහත 'විදේශ සේවය කරන දොස්තර' කියා හැඳින්වුයේ උගත්, පරිනත ලංකාවට කීර්තියක් ගෙන දුන් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා මිස කොමිසුරු මහතාට නම් නොවේ. වෙනත් කෙනෙකුටය. (නදී)

:       0       0

වසන්ත Wednesday, 01 October 2014 08:06 AM

අපි අසා ඇති ආකරාට නම් ක්‍රිස් නෝනිස් මහතා ඉතා වැදගත් මහත්මයෙක් වගේම රටට සේවයක් කරන මහතෙක්. අපි සිද්දිය හරිටම දන්නේ නෑ. එක දෙයක් කියන්ඩ පුළුවන් රටේ විනයක් හෝ නීතියක් නැති බව. (ස)

:       0       0

සු.කාරියකරවන ලන්ඩන් Wednesday, 01 October 2014 08:10 AM

පුක්කුස වීරේ ලන්ඩන් ගේ කියමන මම අනුමත කරමි. ඇතැම් මහා කොමිසමේම අය සමග රෑට සප්පායම් වී පසුවදා උදයේ එය ඉස්සරහට පැමිණ කල කෝලාහල කරමින් වෙනම රාජ්‍යයක් සඳහා ඉල්ලීම් කරන කාලයකුත් තිබුණු බව මා අසා ඇත. (ස)

:       0       0

මාපා Wednesday, 01 October 2014 08:14 AM

මේ වගේ අය පාර්ලිමේන්තුවට යවපු ඡන්ද දායකයෝ හා පදවි තානාන්තර දීලා ඉහලට යවපු පාලකයෝ දැන් මොකද කියන්නේ ? දැන් වත් ඇස් අැරපල්ලා. තැනකට යවනවා නම් වැදගත් කමක් ඇති අයව යවන්න ඕනා කියන පාඩම ඉගෙන ගන්නවා නම් හොඳයි. කවුරු කවුරුත් පස්සේ කෑ ගහලා වැඩක් නැහැ. (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 01 October 2014 08:15 AM

ආශ්චර්යයේ එක 'මොනිටර්' කෙනෙක් රටක් වටිනා භාරත ප්‍රේමචන්ද්‍රව මහා දවල් දෙනෝ දාහක් ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කරා. තවත් මොනිටර් කෙනෙක් 'ජාති මාමක' ලෝපතල ලංකා පුත්‍රයෙක්ට අපහාස කරන්න ගොස් තම ඇඟේ අසූචි තවරා ගත්තා. (නදී)

:       0       0

රන්ජිත් Wednesday, 01 October 2014 06:47 PM

මටත් ආරංචි වුණා සිද්ධිය.දොස්තර මහත්තයා වැදගත් කෙනෙක් නිසා පහරකාගෙන ඉන්න ඇති. (නි)

:       0       0

අමාලි Wednesday, 01 October 2014 08:22 AM

මම නම් දන්නා තරමට ක්‍රිස් නෝනිස් මහත්තයා උගත්, රට වෙනුවෙන් බය නැතුව කතාකරන කෙනෙක්. (නි)

:       0       0

කුමාර Wednesday, 01 October 2014 08:23 AM

මෙවන් හොඳ මිනිසුන් රටට අවශ්‍යයි (නි)

:       0       0

සදුනි Wednesday, 01 October 2014 08:29 AM

ඉතා වටිනා රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. බුද්ධිමතෙක්. දක්ෂයෙක්. මේ සිද්ධියේදී හංගන්න ඕනෑ නැහැ කිසිමදෙයක්. (නි)

:       0       0

තුශාර Wednesday, 01 October 2014 08:35 AM

මොකකින්ද එයාට ගහල තියෙන්නේ. මල් වාස් එකකින්ද? (ස)

:       0       0

අමර ලන්ඩන් Wednesday, 01 October 2014 08:36 AM

මේ ගහපු පුද්ගලයා ඉස්සර නම් වැඩ කරලා තියෙන්නේ ඩුබායි හි ශ්‍රී ලංකා එම්බසියේ රියදුරෙක් විදියට. එහිදී තමයි ප්‍රබල දේශපාලකයෙක්ව හඳුනාගෙන මෙතරම් දුරක් ආවේ. (ස)

:       0       0

මැණික් Wednesday, 01 October 2014 10:44 PM

මොනවද මේ කරන්නේ? මේ වැඩ රටේ නමටත් හොඳ මදි (නි)

:       0       0

සරත් Wednesday, 01 October 2014 08:47 AM

ලංකාවෙ? (ස)

:       0       0

ප්‍රදීප් Wednesday, 01 October 2014 08:48 AM

සාටකයේ හයියද කොහෙද? (ස)

:       0       0

රත්නසිරි Wednesday, 01 October 2014 11:57 PM

මොකද දන්නෙ නැහැ එතැනටම ගිහින් ගැහුවේ?මෙතුමා හොඳින් වැඩකළ නිසා ඊර්ෂ්‍යා හිතුනද දන්නෙ නැහැ. (නි)

:       0       0

දොන් සරත් ලන්ඩන් Wednesday, 01 October 2014 08:49 AM

එංගලන්තයේ ජිවත් වන අපිට වඩා , නන්දන පනාගොඩ එංගලන්තයේ තානාපති ගෙන දොඩවන්නේ , නුගත් කමත් නොදන්නා කමත් නිසාය , දශක කිහිපයකින් පළපුරුදු විදේශ තානාපති වරයෙක් එංගලන්තයේ අප දුටුවේ නැත , සියල්ල ආවේ දේශපාලන පවුල් සම්බන්ධතා සහ යහළු සමබන්ධතා මත පමණි , ක්‍රිස් නෝනිස් හොඳින් ඉංග්‍රීසි බස උච්චාරණය කිරීම ඉංගිරිසි නොදන්නා අයට ලොකු දෙයක් උනාට , මෙහි සිටිනා ජිවත්වන අයට එය ලොකු දෙයක් නොවේ , වැඩක් කල හැකි තානාපති නිලධාරියෙක් අවොත් වැඩි කලක් ඉන්නට නොදෙති , මොකද තානාපති කාර්යාලය මගින් හොරෙන් කරනා වෙළඳාම් වලට එය පහරක් බැවින් , මම මෙය ලිව්වේ ක්‍රිස් නෝනිස් ට පහර ගැසිමට නොවේ , එහෙත් සියල්ල සිදුවන ආකාරයත් , සමහරු නොදැන කඩේ යන ආකාරයත් බලන් සිටීමට නොහැකි බැවින් , කාට හෝ සිත් තැවුලක් වූවා නම් සමාවන්න , මම ලංකාදීපය දිනපතා කියව්වාට මම මේවට වැඩිය ලියන කෙනෙක් නොවෙමි. (ස)

:       0       0

චන්දන Thursday, 02 October 2014 12:34 AM

ආශ්චර්යවත් ගමනට එකතුරගෙන ඉන්න කට්ටියට මේ මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

වී. ජේ. එල්. Wednesday, 01 October 2014 08:55 AM

අර බැගේජ් බෝයි කියන විරුදාවලිය ලැබූ හාදය නොවැයි තඩි බැව කියන්නේ ඔන්න ඔය කවුද හුරතලියෙකුට හාෆ් බේක් බීච් කිව්වා කියලනේ....(අ)

:       0       0

බණ්ඩා Wednesday, 01 October 2014 08:57 AM

මෙයට ගහල තියෙන්නේ සයන්නෙන් නමක් එන කෙනෙක්ලු. (අ)

:       0       0

හේරත් Wednesday, 01 October 2014 08:59 AM

දොස්තර නෝනිස් මහත්තය වගේ උගත් මහත්තයෙකුට ගහපු කෙනාගෙ මොලේ පිරිල ඇත්තෙ ---වලින් වෙන්න ඇති. පව් මොන්ටිසෝරියකටවත් අරින්න. මෙවැනි අය නිසා ශ්‍රී ලංකාවම විනාශය කරාගෙනියනවා.ඕවට ඖෂධ ඉබේම ලැබේවි.දොස්තර නෝනිස් මහතාට ඉක්මන් සුවය පතමු.(අ)

:       0       0

බමුණු Wednesday, 01 October 2014 09:21 AM

නොහොබිනා අය දැන් ඕනවට වැඩිය ආණ්ඩුව තුළ ඉන්නවා. (ස)

:       0       0

සමීර Thursday, 02 October 2014 11:12 AM

සමහර විට නින්දෙන් එයාම ගහගත්තද දන්නේ නෑ......... අස්චර්ය තමා මේ වේගෙන එන්නේ(අ)

:       0       0

ගමගේ Thursday, 02 October 2014 02:28 AM

එයාම ගහගත්තා කියලා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සමීර Wednesday, 01 October 2014 09:59 AM

පොලිසියේ අය කාන්තාවන්ට තඩි බාති, කෙල්ලෝ රස්තියාදු කොල්ලන්ට කනේ පාරවල් ගසති, ගරු මහජන නියෝජිතවරු තානාපති වරුන්ට පහර දෙති, (දිල්)

:       0       0

වරුණ Wednesday, 01 October 2014 10:13 AM

ඔහුට සිදුවූ සිද්ධිය ගැන අපිට දුකයි (නි)

:       0       0

සන්ජික Wednesday, 01 October 2014 10:15 AM

හරිම අපල කාලයක් වගේ මේක නම්. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 01 October 2014 10:21 AM

දේශපාලනයට පමණක් අධ්‍යාපන සුදුසුකම් නොබැලීම මෙයට ප්‍රධාන හේතුව නොවේද? (නි)

:       0       0

ප්‍රේමරත්න Wednesday, 01 October 2014 10:26 AM

මීට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් දෙන්නේ නැද්ද? (නි)

:       0       0

රන්ජිත් Wednesday, 01 October 2014 10:37 AM

ගහපු කෙනාගේ නම කියවුණා නේද එදා මාධ්‍ය සාකච්ඡාවේදි? (නි)

:       0       0

සිරිසේන Wednesday, 01 October 2014 10:48 AM

කවුද එයාට ගැහුවේ? මොකද්ද හේතුව? (නි)

:       0       0

සම්පත් අබුඩාබි Wednesday, 01 October 2014 10:48 AM

අපි නෝනිස් වෙනුවෙන් සටන් කරමු. නෝනිස් අපිට වටිනවා (නි)

:       0       0

කසුන් Wednesday, 01 October 2014 10:50 AM

ඒක තමා මාත් බැලුවේ කවුද මේ කියලා. (නි)

:       0       0

ගයාන් Wednesday, 01 October 2014 11:34 AM

නෝනිස් මහතාණෙනි, ඔබ රටට ණය නැති පුතෙකි. බුදු සරණයි!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 896 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 418 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 911 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3304 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 598 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 231 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site