ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපියක් රජයට භාරදී නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඊයේ (30) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා තමන් මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස් මහතාගෙන් පෞද්ගලිකවම විමසූ බවද එහිදී නෝනිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපියක් භාරදී නැතැයි ඔහු තහවුරු කළ බවද කීය.
එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගීවීමට ජනපතිවරයාත් සමග ඇමරිකාවේ නිව්යෝක් නගරයට ගොස් සිටියදී ඇතිවූ සිදුවීමක් නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.
සමුළුව අවසානයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදී ක්‍රිස් නෝනිස් මහතාට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයෙකු දැඩි සේ පහර දී ඇතැයිද වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහල තියෙන්නේ කාඩ්බෝර්ඩ් වීරයෙක් වගෙයි පෙන්නේ.(අ)
දොස්තර නෝනිස් මහත්තය වගේ උගත් මහත්තයෙකුට ගහපු කෙනාගෙ මොලේ පිරිල ඇත්තෙ ---වලින් වෙන්න ඇති. පව් මොන්ටිසෝරියකටවත් අරින්න. මෙවැනි අය නිසා ශ්‍රී ලංකාවම විනාශය කරාගෙනියනවා.ඕවට ඖෂධ ඉබේම ලැබේවි.දොස්තර නෝනිස් මහතාට ඉක්මන් සුවය පතමු.(අ)
නොහොබිනා අය දැන් ඕනවට වැඩිය ආණ්ඩුව තුළ ඉන්නවා. (ස)
පොලිසියේ අය කාන්තාවන්ට තඩි බාති, කෙල්ලෝ රස්තියාදු කොල්ලන්ට කනේ පාරවල් ගසති, ගරු මහජන නියෝජිතවරු තානාපති වරුන්ට පහර දෙති, (දිල්)
ඔහුට සිදුවූ සිද්ධිය ගැන අපිට දුකයි (නි)
හරිම අපල කාලයක් වගේ මේක නම්. (නි)
දේශපාලනයට පමණක් අධ්‍යාපන සුදුසුකම් නොබැලීම මෙයට ප්‍රධාන හේතුව නොවේද? (නි)
මීට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් දෙන්නේ නැද්ද? (නි)
ගහපු කෙනාගේ නම කියවුණා නේද එදා මාධ්‍ය සාකච්ඡාවේදි? (නි)
කවුද එයාට ගැහුවේ? මොකද්ද හේතුව? (නි)
අපි නෝනිස් වෙනුවෙන් සටන් කරමු. නෝනිස් අපිට වටිනවා (නි)
ඒක තමා මාත් බැලුවේ කවුද මේ කියලා. (නි)
නෝනිස් මහතාණෙනි, ඔබ රටට ණය නැති පුතෙකි. බුදු සරණයි!! (නි)
රියදුරලා මන්ත්‍රීරිලාවුණාම ඔහොම තමයි ...මමත් එතන සීන් එක වෙනකොට ..නමුත් කියන්න යන්නේ නැහැ ඒ ගැන(අ)
මෙවැනි අයට ඡන්දය දුන් අය ඔලුව අත ගා බලන්න මොනවත් අහු වෙනවද කියල . (අ)
මෙයට ගහල තියෙන්නේ සයන්නෙන් නමක් එන කෙනෙක්ලු. (අ)
කුජීතයි නේද ? (අ)
ජනතාව ඇත්ත තේරුම්ගත් දවසට සිදුවිය යුතු දේ සිදුවේවි (නි)
මෙවැනි දේශපාලකයින් ගැන ඊළඟ ඡන්දෙන් තීරණයක් ගන්න කියලා බුද්ධිමත් ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. (නි)
ඔබතුමා මේවා ගැන කලබල වෙන්න එපා. අපි දන්නවා ඔබතුමා බුද්ධිමතෙක් කියලා (නි)
සිදුව ඇති සිද්ධිය ගැන කණගාටුයි (නි)
ක්‍රිස් නෝනිස් මහතා ඇත්තෙන්ම වැදගත් මහත්මයෙක් (නි)
ක්‍රිස් නෝනිස් මහතා බුද්ධිමත් ගෞරවනීය පුද්ගලයෙකි. ඔහුගේ දෙමාපියන්ද ශ්‍රී ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ අභිමානනීය දෙපළකි. ක්‍රිස් නෝනිස් මහතාට සිදුවූ සිද්ධිය ගැන අසා කණගාටු වන අතර ,ඔහුගේ තිබෙන මහත්මා ගුණය තව තවත් කැපී පෙනෙනු ඇත (නි)
මටත් ආරංචි වුණා සිද්ධිය.දොස්තර මහත්තයා වැදගත් කෙනෙක් නිසා පහරකාගෙන ඉන්න ඇති. (නි)
මොනවද මේ කරන්නේ? මේ වැඩ රටේ නමටත් හොඳ මදි (නි)
මොකද දන්නෙ නැහැ එතැනටම ගිහින් ගැහුවේ?මෙතුමා හොඳින් වැඩකළ නිසා ඊර්ෂ්‍යා හිතුනද දන්නෙ නැහැ. (නි)
ආශ්චර්යවත් ගමනට එකතුරගෙන ඉන්න කට්ටියට මේ මොකද වෙලා තියෙන්නේ? (නි)
එයාම ගහගත්තා කියලා කියයිද දන්නෙ නැහැ (නි)
සමහර විට නින්දෙන් එයාම ගහගත්තද දන්නේ නෑ......... අස්චර්ය තමා මේ වේගෙන එන්නේ(අ)
මා ඉහත 'විදේශ සේවය කරන දොස්තර' කියා හැඳින්වුයේ උගත්, පරිනත ලංකාවට කීර්තියක් ගෙන දුන් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා මිස කොමිසුරු මහතාට නම් නොවේ. වෙනත් කෙනෙකුටය. (නදී)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන්නද ඒ අමාරුව. (ස)
දන්නෝ දනිත්. නොදන්නෝ නොදනිත්. අපි හැම දාම ඌ මට ගහනවා මට ඌ ගහනවා. බලනකොට අපිමයි ගුටි කන්නේ. (නදී)
පුදුමයක් විය යුතු නැත. මෙම සිදුවීම් ආශ්චර්යයේම කොටස්ය. ක්‍රිස් නෝනිස් මහතා හසල ලෙස උගත් දොස්තර මහතකු පමණක් නොව මහෞශධයකු බව ලොවටම පෙන්වුයේ ලංකාවට චෝදනා මුඛයෙන් කතා කල සි එන් එන් මාධ්‍ය සාකච්චාවේදීය. මෙතුමා පිළිතුරු දුන් ආකාරයෙන් උගත් මාධ්‍යවේදීන්ට පවා එය දිගටම පවත්වාගෙන යා නොහැකි විය. එමගින් ලංකාවට ඇති වුයේ මහත් කීර්තියකි. එය බලා සිටි ලාංකිකයෝ ප්‍රීති ගෝෂා නැගූහ. එපමණක්ද නොව, මෙතුමා එංගලන්තයේ නොටින්හැම් විශ්වවිද්‍යාලයේ බොක්සින් ක්‍රීඩකයෙකි. මෙතුමාට අපහාස කරපු පුද්ගලයා ලංකාවට කර ඇති සේවය කුමක්ද?මෙවන් අමනොඥයින් කල යුත්තේ මෙතුමා යන, එන දිශාවන් බලා එතුමාට වන්දනා කිරීමය. (නදී)
පුදුමයක් විය යුතු නැත. මෙම සිදුවීම් ආශ්චර්යයේම කොටස්ය. ක්‍රිස් නෝනිස් මහතා හසල ලෙස උගත් දොස්තර මහතකු පමණක් නොව මහෞශධයකු බව ලොවටම පෙන්වුයේ ලංකාවට චෝදනා මුඛයෙන් කතා කල සි එන් එන් මාධ්‍ය සාකච්චාවේදීය. මෙතුමා පිළිතුරු දුන් ආකාරයෙන් උගත් මාධ්‍යවේදීන්ට පවා එය දිගටම පවත්වාගෙන යා නොහැකි විය. එමගින් ලංකාවට ඇතිවූයේ මහත් කීර්තියකි. එය බලා සිටි ලාංකිකයෝ ප්‍රීති ඝෝෂා නැගූහ. එපමණක්ද නොව, මෙතුමා එංගලන්තයේ නොටින්හැම් විශ්වවිද්‍යාලයේ බොක්සින් ක්‍රීඩකයෙකි. මෙතුමාට අපහාස කරපු පුද්ගලයා ලංකාවට කර ඇති සේවය කුමක්ද?මෙවන් අමනොඥයින් කල යුත්තේ මෙතුමා යන, එන දිශාවන් බලා එතුමාට වන්දනා කිරීමය. (ස)
එංගලන්තයේ හයි කොමිසම මහා අද්භූත ස්ථානයකි. මෙහි සිටින්නවුන් වඩාත් කැමති 'තහනම්' සංවිධාන වල කෙරුමෝ සමග ඇයි හොඳයි කම් පැවැත්වීමටය. සිංහලයන් දුටු විට හොරෙන් බලා පසුව අහකම බලා ගනිති.දොස්තර කෙනෙක්ද මෙහි විදේශ සේවය කරන අතර විදේශ සේවා විභාගය සමත් හිටපු එකම කෙනත් නොබෝදා පන්නා ගත්තේය. (ස)
පන්තියේ මොනිටර් පන්තියේ කාටහරි ගහන්නේ අවවාද කරලා හදන්න බැරි වරදක් කෙරුවහම විතරයි. සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල වාර්තා කරලා තියෙන හැටියටනම් මොනිටර් හොඳටම බීල ඉඳල තියෙන්නේ. සාමාන්‍යයෙන් රටේ වෙන දේවල්වල හැටියට කාපු බීපු වෙලාවට කියන කරන දේවල් ගනන්ගන්න එපා කියල ලබන සතියේදී කැබිනෙට් ප්‍රකාශක නොකිව්වොත් තමයි පුදුමේ. (ස)
රටක් වටිනා, රාජ්‍ය තාන්ත්‍රික යන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් පෝෂිත, උගත් පිළිගත් රජය අධිරාජ්‍යවාදීන් විසින් යුද අදිකරණයට ගෙන යන වකවානුවක පලිහක් ලෙස සියලු දෙයට රජය වෙනුවෙන් මුහුණ දුන් මෙවැනි නිලධාරියෙකුට අතක් උස්සන්න තරමට හැකිවූ මන්ත්‍රීවරයාට මේ රජය යටතේ නොහැකි නම් වෙනත් රජයක් යටතේ හෝ රජ කාලේ දඩුවමකට යටත් කලයුතු බව ඉතා වගකීමෙන් කියමු. ඒ සඳහා අපි පෙළ ගැසෙමු. ඉහල නිලධරියෙකුට සලකන රජයේ ආශ්චර්ය මෙය නම් අහිංසක රට වැසියෙකුගේ අනාගත ඉරණම කුමක් විය හැකිද? (නදී)
එයාම ගහගත්තා වෙන්න බැරිද? ආ..ආ ... මට මොකුත් මතක නෑ. නැති නම් බටහිර කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. (නදී)
එහෙම සිද්දියක් උනානම් නෝනිස් මහතාට තිබුනේ එහෙ පොලිසියට දන්වන්නයි. එහෙම කලා නම්, අදීක්ෂණ මන්ත්‍රී හරි වෙන කාව හරි කියල ප්‍රස්නයක් නැහැ අත්අඩංගුවට ගන්නවනේ. එහෙම නම් පරීක්ෂණයක් කරලා දඩුවම් දෙන්න ගොඩක් දුරට ඉඩ තිබුනා. (නදී)
විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකුට බැරිද තමා යටතේ ඉන්න කෙනෙකුට පාරක් ගහන්න. ප්‍රාදේශීය දේශපාලකයින්ගෙන් අප නම් ඉගෙනගෙන තියෙන්නේ එහෙමයි. (නදී)
හදා ගන්න පාරක් දෙකක් ගැහුවම මොකද? වෙන මොනවා කියන්නද මම? (ස)
මේ වනාහි තවත් දේශපාලන හයිරම්කාරකමකි. වරද කුමක් වුවත් මානව හිමිකම් උල්ලංඝනය වී ඇත. තානාපතිවරු දේශපාලන පත්වීම් නිසා කිසිවක් කල නොහැක. (ස)
මෙයාට ගහලා තියෙන්නේ විදේශ අමාත්‍යාංශේ විදේශ ඇමැතිටත් ඉහලින් ඉන්න කෙනෙක්. (ස)
මේ ලංකාවේ මිනිසුන්ට ?මොකද වෙලා තියෙන්නේ ? ගියොත් එතන ඉවරයි. අසුචි තවරාගෙන ..? (ස)
අපි අසා ඇති ආකරාට නම් ක්‍රිස් නෝනිස් මහතා ඉතා වැදගත් මහත්මයෙක් වගේම රටට සේවයක් කරන මහතෙක්. අපි සිද්දිය හරිටම දන්නේ නෑ. එක දෙයක් කියන්ඩ පුළුවන් රටේ විනයක් හෝ නීතියක් නැති බව. (ස)
පුක්කුස වීරේ ලන්ඩන් ගේ කියමන මම අනුමත කරමි. ඇතැම් මහා කොමිසමේම අය සමග රෑට සප්පායම් වී පසුවදා උදයේ එය ඉස්සරහට පැමිණ කල කෝලාහල කරමින් වෙනම රාජ්‍යයක් සඳහා ඉල්ලීම් කරන කාලයකුත් තිබුණු බව මා අසා ඇත. (ස)
මේ වගේ අය පාර්ලිමේන්තුවට යවපු ඡන්ද දායකයෝ හා පදවි තානාන්තර දීලා ඉහලට යවපු පාලකයෝ දැන් මොකද කියන්නේ ? දැන් වත් ඇස් අැරපල්ලා. තැනකට යවනවා නම් වැදගත් කමක් ඇති අයව යවන්න ඕනා කියන පාඩම ඉගෙන ගන්නවා නම් හොඳයි. කවුරු කවුරුත් පස්සේ කෑ ගහලා වැඩක් නැහැ. (නදී)
ආශ්චර්යයේ එක 'මොනිටර්' කෙනෙක් රටක් වටිනා භාරත ප්‍රේමචන්ද්‍රව මහා දවල් දෙනෝ දාහක් ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කරා. තවත් මොනිටර් කෙනෙක් 'ජාති මාමක' ලෝපතල ලංකා පුත්‍රයෙක්ට අපහාස කරන්න ගොස් තම ඇඟේ අසූචි තවරා ගත්තා. (නදී)
මම නම් දන්නා තරමට ක්‍රිස් නෝනිස් මහත්තයා උගත්, රට වෙනුවෙන් බය නැතුව කතාකරන කෙනෙක්. (නි)
මෙවන් හොඳ මිනිසුන් රටට අවශ්‍යයි (නි)
ඉතා වටිනා රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. බුද්ධිමතෙක්. දක්ෂයෙක්. මේ සිද්ධියේදී හංගන්න ඕනෑ නැහැ කිසිමදෙයක්. (නි)
මොකකින්ද එයාට ගහල තියෙන්නේ. මල් වාස් එකකින්ද? (ස)
මේ ගහපු පුද්ගලයා ඉස්සර නම් වැඩ කරලා තියෙන්නේ ඩුබායි හි ශ්‍රී ලංකා එම්බසියේ රියදුරෙක් විදියට. එහිදී තමයි ප්‍රබල දේශපාලකයෙක්ව හඳුනාගෙන මෙතරම් දුරක් ආවේ. (ස)
ලංකාවෙ? (ස)
සාටකයේ හයියද කොහෙද? (ස)
එංගලන්තයේ ජිවත් වන අපිට වඩා , නන්දන පනාගොඩ එංගලන්තයේ තානාපති ගෙන දොඩවන්නේ , නුගත් කමත් නොදන්නා කමත් නිසාය , දශක කිහිපයකින් පළපුරුදු විදේශ තානාපති වරයෙක් එංගලන්තයේ අප දුටුවේ නැත , සියල්ල ආවේ දේශපාලන පවුල් සම්බන්ධතා සහ යහළු සමබන්ධතා මත පමණි , ක්‍රිස් නෝනිස් හොඳින් ඉංග්‍රීසි බස උච්චාරණය කිරීම ඉංගිරිසි නොදන්නා අයට ලොකු දෙයක් උනාට , මෙහි සිටිනා ජිවත්වන අයට එය ලොකු දෙයක් නොවේ , වැඩක් කල හැකි තානාපති නිලධාරියෙක් අවොත් වැඩි කලක් ඉන්නට නොදෙති , මොකද තානාපති කාර්යාලය මගින් හොරෙන් කරනා වෙළඳාම් වලට එය පහරක් බැවින් , මම මෙය ලිව්වේ ක්‍රිස් නෝනිස් ට පහර ගැසිමට නොවේ , එහෙත් සියල්ල සිදුවන ආකාරයත් , සමහරු නොදැන කඩේ යන ආකාරයත් බලන් සිටීමට නොහැකි බැවින් , කාට හෝ සිත් තැවුලක් වූවා නම් සමාවන්න , මම ලංකාදීපය දිනපතා කියව්වාට මම මේවට වැඩිය ලියන කෙනෙක් නොවෙමි. (ස)
අර බැගේජ් බෝයි කියන විරුදාවලිය ලැබූ හාදය නොවැයි තඩි බැව කියන්නේ ඔන්න ඔය කවුද හුරතලියෙකුට හාෆ් බේක් බීච් කිව්වා කියලනේ....(අ)