IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කිලෝ 300 කැස්බෑව මරා ගන්න බැරි වෙයි

(රොමේෂ් මධුෂංක සහ ඉන්දිකා රාමනායක)

යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේදි කිලෝ 300 කට ආසන්න බරකින් යුතු දුර්ලබ වර්ගයේ විශාල කැස්බෑවෙකු රැගෙන යමින් සිටි පුද්ගලයකු  අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

කොට්ඨාස අපරාධ අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව නාවන්තුරෙයි ප්‍රදේශයේ මාර්ගයක කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවකු  අදාල කැස්බෑවා  කුඩා ලොරි රථයකින් පවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

කැස්බෑවා යහපත් සෞඛ්‍ය තත්වයේ සිටීම හේතුවෙන්අද (12) දින යාපනය අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයන් යටතේ වනජීවි කාර්යාලයේද සහය ඇතිව නැවත මුහුදටම මුදා හැරීමට යාපනය පොලීසිය පියවර ගෙන ඇත.

අදාල කැස්බෑවා ඉතා දුර්ලබ ගනයේ අයෙකු වන අතරම ඉතා විශාල වන බවටද වාර්ථා වෙයි. මෙම කැස්බෑවා අධික මිලකට විකිණීම සඳහා රැගෙන යාමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවට දිසා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.

අත්අඩංගුවට ගත් සැකකරු නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකු වන අතර සැකකරු කුඩා ලොරි රථයද කුලීපදනම මත ලබාගෙන කැස්බෑවා රැගෙන ගොස් ඇති බවටද අනාවරනය වී ඇත.

 



අදහස් (1)

කිලෝ 300 කැස්බෑව මරා ගන්න බැරි වෙයි

පිටිගල මිලානෝ Sunday, 12 December 2021 02:55 PM

බෙන්තොට පාලම පැත්තට යනකොට කැස්බෑ බයිට් ඕන තරම්. තංගල්ල අම්බලන්තොටින් එහාට මුවමස් බයිට් කැමති ආකාරයකට සකසා ඇත. කවුද මේවා අල්ලනවා කියන්නේ?

:       4       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 172 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 172 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 262 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 893 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 807 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 881 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 423 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site