වන අපරාධ මැඩීමේ අරමුණින් නියමුවන් රහිත ගුවන් යානයක් ගුවනට නංවා තොරතුරු ලබා ගැනීමට වනජීවී දෙපාර්මේන්තුව සැරැසේ.
කොටි සංවිධානය සමඟ යුද්ධය පැවැති සමයේ කොටි අඩවිය උඩින් පියාසර කැර කොටි රහස් සාර්ථක ලෙස හමුදාවට සොයා දුන් මෙම යානය කේලමා යනුවෙන් ද හැදින්වේ.
වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා උඩවලවේදී මෙම යානය ගුවන්ගත කිරීමේ මංගල අවස්ථාවට සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඇමතිතුමාට බල බල හරි ඉන්න පුලුවන්නේ(දිල්)
අක්ෂි කිව්වා වගේ මේවා ප්‍රසිද්ධියේ කරන දේවල් නොවේ.ඔත්තු බලන අය ප්‍රසිද්ධියේ ඔත්තු බලන්නේ නැහැ.(දිල්)
මේවා කරන්න ඕන හොඳ වැඩ. ඒ උනත් රහසේම කලානම් තමයි හොඳ. හොරු ටික කුදලා ගන්න තිබුන යස අගේට. මේවට මංගල ගමන් දා ගෙන දේශපාලකයෝ ලකුණු දාගන්න යන එක තමයි ගොන් කම. (අ)
ගස් ටික කපල ගන්නේ නැතුව හොර පාරේ විකුණන වද කියල බලන්නද ? (අ)
ඕක දාල කාව හරි ඇල්ලුවත් දඬුවම් දීමක් නැහැ නේද? නිකම් බොරුවට මිනිස්සු රවටනවා. (අ)
"කේලම් යාවිලු සුළන්ගේ පාවී - ඇමති අනුහසින් අහසට පියඹා - කේලම කිව් කේලම් අහලා - නොදෙයි ඇමති තුම හොරුන්ව පාවා...."(නදී)
කැළේ කපන්නේ අපි නෙවෙයි. දේශපාලුවෝ තමා ඔය සේරම හොර වියාපාර කරන්නේ. ඉතින් මොකටද ගුවනින් ගිහිල්ල බලන්නේ.(නදී)
බොරු සෝබන වැඩක් මේක. අපිව රවටන්න කරන උප්පරවැට්ටියක්. කැලෑ කපන්නේ , ගන්ජා වවන්නේ වනජීවී එක දැනුවත්ව. මේ ගොල්ල බොරු ප්‍රසිද්ධියක් දීල මේ කරන්න හදන්නේ අපිව ගොනාට අන්දවන්න. වනයේ වෙන අකට යුතුකම් හොයන්න ගුවන් හමුදාවට භාර දෙන්නේ නැතුව මේ කරන්නේ බොරුවක්.(නදී)
ඔන්‍න ඇමතිතුමෝ ඕක යන එන වෙලාවල් ගෝලයන්‍ට නම් කියන්‍න එපා. (නදී)
අහන්න සතුටියි. නිතරම කංසා වගා උඩවලවේ කැලයෙන් අසුවන නිවුස් යනකොට මම කිහිප වතාවක් මෙම අදහස ලංකාදීපයේ මෙම කොටසින් යෝජනා කළා මාස 6-8 ට උඩදී. කංසා වගාවට එරෙහිව ගත් වැදගත් පියවරක්.(නදී)
පේන විදියටනම් අඩු පියාසර උසක් තියන කේලමා කරම් කාර්යක්ෂම එකක් නෙවෙයි. එහෙම උනොත් නම් වෙන්නෙ "අපි දැන් මග ටග් ගාල මාරු වෙන්න" කියල කැලෑ පාළුවන්ට කලින් දන්වන එක.(නදී)
එතකොට ඇමති තුමා ගේ මිනිසුන්ට පණිවුඩ අරින්න පුළුවන් පොලිසිය එන බව(දී)
මේක රහසේ කරන්න ඕනේ වැඩක්නේ? මොකක්ද මේ කරන්නේ..පත්තරෙත් දාලා ඕක එනකල් කැලෑ පාළුවෝ බලන් ඉදීවී නේද? ඇමතිතුමා සෙල්ලම් කරනවා වගේ කේලමා එක්ක? (දිල්)
පරිසරය සුරකින එක වන ජීවී දෙපාර්තමේන්තුවට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එය අපි හැමෝගෙම වගකීමක්. (අ)
නියම කේලමා අපරාදේ කියන්න බැහැ රටට වැඩදායි කේලමේක් දැක්කමයි (දී)
සාක්කුවට බර වැඩිද මන්ද? එයාලගෙම කට්ටිය කැලේ කපද්දී ! මෙන්න නරි නාඩගම්. (දී)
දුරස්ථ පාලකය ඇමති තුමා අතට දෙන්න.(දී)
හොද අදහසක් , සුබ පතනවා , සාර්ථකව දිගටම කරගෙන යන්න ලැබෙන්න කියලා (දී)
හොඳ දේවල් වෙනවානම් කේලම් වුනත් හොඳයි.කේලම් අහලා හරි අපේ වන සම්පත බේරා ගන්න. (දී)
නියමය් අගය කල උතු දෙයක්. සොභා දහමේ ආශීර්වාදය ඔබ තුමන්ට (දී)
මේ වගේ දෙයක් කරන්නත් ඇමතිලා එක්ක මංගල අවස්ථාවක් ඕනෙද? පිස්සු නැත්නම් ශෝක් කිවලු. මේ වගේ පිස්සු වැඩ නිසය් ලංකාව තවම එක තැන තියෙන්නේ (දී)