IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කලාකරුවෙක් හැදෙන සිස්ටම් එකක් මේ රටේ නැහැ

2016-09-12-ent-28

2016-09-12-ent-27වර්තමානයේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රියැලිටි තරුවක් ලෙස සංඛ දිනෙත් හැඳින්වීම වරදක් නොවේ. සංගීත අධ්‍යයනය සිදුකරමින් එකිනෙකට වෙනස් වූ නිර්මාණ කිරීමට තැත් කරන සංඛ, වර්තමාන ගීතය හා කලාකරුවන් පිළිබඳ කළ විමසුමකදී මෙලෙස සඳහන් කළේය.

"මේ වෙනකොට මේ රට ඇතුළෙ සංගීත කර්මාන්තය තුළ අර්බුදයක් තියෙනවා. තමන්ගෙ රසයට අහන්න ඕන ගීතයක් තියෙනවා නම්, ඒ ගීතය කොහෙන්ද අහන්නෙ කියන එක ගැටලුවක් බවට පත්වෙලා. තෝරගන්න ඕන දේ සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් තියෙනවා. එයට වගකිව යුත්තේ ලංකාවෙ මාධ්‍යම තමයි. මේ තුළ වාණිජකරණය ලොකුවට තිබෙනවා.

කර්මාන්තයක් දියුණු වෙන්න වාණිජකරණය අවශ්‍යයි. එය මිනිසුන්ට බලපානවා නම් එතැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අහන්න පුළුවන් පිළිවෙළක්, විදිහක් තියෙනවා.

ජේම්ස් කැමරන් "ඇවෙටර්" කියලා චිත්‍රපටයක් කළා. ඒත් ඒ රටේ මිනිස්සු ඒ වගේ චිත්‍රපට කරන්න ගියේ නැහැ. ලංකාවෙ "අබා" කියලා චිත්‍රපටයක් හැදුණා. ඊට පස්සෙ ඒ වගෙ චිත්‍රපට දිගටම හැදුණා. ලංකාවෙ නිර්මාණයක් කළාම ඒකම කොපි කරන සෙට් එකක් ඉන්නවා. මම කියන්නෙ අපි මියුසික් කරන විදිහට එහෙම වෙන්න ඕන නැහැ. අපේ ප්‍රකාශනය තමයි ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම ඒ ප්‍රකාශනය හරි අවංක වෙන්න ඕන. ලංකාවෙ බහුතරයක් අවංක නෑනේ. කලාකරුවෙක් වෙන්න මුලින්ම තියෙන්න ඕන අවංකකම. අද ඒක නැහැ.

අවංක ප්‍රකාශයක් තියෙන්න ඕන. ඇයි මම මේ දේ කරන්නේ කියන අවබෝධය තියෙන්න ඕන. ඒකයි වැදගත්. මිය යන මොහොතේ ගත කළ ජීවිතය ගැන සතුටු වෙන්න පුළුවන් නම්, ඒක තමයි හොඳම දේ. අපේ රටේ සංගීත අධ්‍යාපනය අතිශය යාන්ත්‍රිකයි. ප්‍රා‘යෝගිකරණයට වැඩපිළිවෙළක් තිබිය යුතුයි. කලාකරුවෙක් හැදෙන සිස්ටම් එකක් මේ රටේ නැහැ. අපි ලෑස්ති ඒ දේ කරන්න."

 

2016-09-12-ent-26



අදහස් (0)

කලාකරුවෙක් හැදෙන සිස්ටම් එකක් මේ රටේ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 87 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 512 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 478 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1353 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7260 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 124 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site