IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කෝලිගේ ශතකයට දැක්වූ ප්‍රතිචාරයට කණගාටු වෙනවා

(යොහාන් භාසුර)

ඉන්දීය පිතිකරු විරාට් කෝලි 49 වැනි එක්දින ශතකය රැස් කිරීමට සුභ පතන්නේ දැයි මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දුන් ආකාරය පිළිබඳ තමන් කණගාටුවන බවත් එවැනි ප්‍රශ්නයක් එම අවස්ථාවේදී බලාපොරොත්තු නොවීම නිසා එවැනි දෙයක් සිදු වූ බවත් ශ්‍රී ලංකා පිළේ නායක කුසල් මෙන්ඩිස් අද (12) පැවසීය.

බංග්ලාදේශයට එරෙහිව තරගයට පෙර දිනයේ එම තරගය පිළිබඳව අදහස් දැක්වීමට පැමිණි අවස්ථාවේදී එවැනි ප්‍රශ්නයක් යොමු වේ යැයි තමන් නොසිතූ බවත් තමන් එහිදී දුන් පිළිතුර පිළිබඳව විවේචන එල්ල වෙද්දි පිළිතුර පිළිබඳ අවධානය යොමු කළ බවත් කුසල් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී කුසල් මෙන්ඩිස් එසේ පැවසීය.

 



අදහස් (4)

කෝලිගේ ශතකයට දැක්වූ ප්‍රතිචාරයට කණගාටු වෙනවා

විජිත් Sunday, 12 November 2023 03:56 PM

කෝලි කියන්නේ විශිෂ්ටයෙක්, ලංකාවට බොහෝ ආදරේ කරන, ඉතාමත් නිරහංකාර මහත්මයෙක් !!!අපේ මුවෙන් යම් වචනයක් පිටවුනාට පස්සේ එය නැවතත් මුව තුලට ඇදගන්න බැහැ වගේම ඒ වචනයෙන් දෙන හැඟීම අප අවට සිටින සියලුදෙනාටම දනවා අවසන්. උද්දච්ච කමට වචන පිටකලාට ඒ නිසා ඇතිවන ප්‍රතික්‍රියාවට පුළුවන් රටවල් දෙකක් ගිනිතියන්න. " ඇයි මම එයාට සුබ පතන්නේ ..? " කියන මහා ආඩම්බර එහෙත් " හිස් " උත්තරයට වඩා කොයිතරම් ප්‍රියමනාපද " ඒ වෙලාවේ " මෙහෙම කීවානම් ...." කෝ ..මට එයාව අල්ලාගන්න බැරිවුනානේ මේ කරදර අස්සේ .. ඉක්මනටම ගිහින් සුබපතන්න ඕනා.. ඒවගේ දක්ෂයෙක්ට සුබපතන්න අවස්ථාවක් ලැබීමම මම මොනතරම් වාසනාවන්තයෙක්ද කියලා හිතෙනවා.. අපිව හදන්නෙත් නසන්නෙත් කටමය කියලා අපේ පැරණි වහරකින් කියනවා නේද?

:       0       2

Prabha Sunday, 12 November 2023 07:46 PM

ඉතින් ඇත්තනේ කිව්වේ...!

:       2       0

Citizen Sunday, 12 November 2023 08:45 PM

අපි බංගලින්ට ක්‍රීඩා ගුණය ගැන කිව්වට... මේ වගේ අවස්ථා වලදීත් ඒ ගුණය පිරිහෙනවා. අනිවාර්යයෙන් සුබපතන්න තිබ්බා ක්‍රීඩකයෙක් විදිහට... නායකයෙක් හැටියට කුසල්ට ඉදි්රියට යන්න නම් මේ වගේ සුළු දේවල් පවා හිතන්න වෙනවා.

:       1       2

දිනෙත් Monday, 13 November 2023 01:42 AM

ඕක හරි බරි ගැහිලා උත්තර දෙන්න තරම් ප්‍රශ්නයක්ද? කෙටියෙන් කීවොත් තනිකරම කුහකකම. උද්දඡකම, මාන්නය... ඉතින් මේ වගේ අදහස් තියෙන අය ඉද්දී රට දිනයියෑ..!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 54 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 51 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 294 0

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 790 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 498 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 536 2

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39608 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25773 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 407 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site