මේ රටට එතනෝල් හා මත්පෙති ගෙන්වන දේශපාලනඥයන් කැලණියේ සිටින්නේයැයි ද, එවැනි දේශපාලනකයන් සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලන්නේ යැයි ද කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා කියයි.
ඔහු එසේ කීවේ කැලණියේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
රණවීර මහතා ප්‍රකාශ කළ තවත් දෑ පහත වීඩියෝවෙන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපතිතුමනි, ඔබතුමා දන්නවා ඇතිනේ 'සාපේක්ෂතාව' කියන එක. ඉතින් ඔබතුමාත් එක්ක ගත්තහම සාපේක්ෂව වැඩි නැඹුරුව කාටද කියලා අපි ඔක්කොම දන්නවා. හැබැයි අපි ඔබතුමාට නම් 'නිරපේක්ෂවම' ගරුකරනවා ඔබ හුදකලාව ගෙනියන සටන ගැන (නි)
මේ දැන් කැලණියේ ලොක්කගේ බන ඇහුවා විත්රයි. එදිරියට පුතාගේ බණත් අහන්න වේවි. (නදී)
හරි අපැහැදිලි ප්‍රශ්නයක්. දැන් මේ ගොල්ලන් එතනෝල්, මත්කුඩු ගෙන්වීම නවත්වා දෙන්න කියන්නේ රටේ නායකයාටද ? එතකොට අපිට පිළිගන්න වෙනවා ඔහු දන්නවා මේවා ගෙන්වන්නේ කව්ද කියල එහෙමද? එතකොට රටේ ආරක්ෂක අංශයක්, පොලිසියක් තිබෙන්නේ ජිල් බෝල ගහන්නද? එහෙමත් නැතිනම් රටේ නායකයාගේ විදානයෙන් තොරව පොලිසියට කටයුතු කරන්න බැරිද? (නදී)
කාට කිවුත් වැඩක් නැහැ. කොමිස් හැමෝටම බෙදෙනවා. උඩ සිට පහලට. (අ)
ඔන්න මහත්තයෝ.... ඔයාලගේ අරක්කු ඔයාලටම ගහනවා ... අර චුටිමල්ලි කියනවා වගේ , මට දැන් පෙනෙන්නේ නැති තැන්වලිනුත් හිනා යනවා.... (අ)
හොරු තියාගන්න එපා.(හේ)
ඔය කවුරුත් එකයි. කට්ටිය එකට බදාගෙන කාල ජරා වැඩ කරලා දැන් එකී නෙකාට දෝෂාරෝපණය කර ගන්නවා . ආණ්ඩුව පැරදෙනවා කියල දැණුනු ගමන් මේ ජරා දේශපාලකයින් ඔක්කොම අනිත් පැත්තට පනිනවා . එතකොට ඒ පැත්තේ කට්ටිය මේ හොරු ටික පාවඩ දල පිලිගන්නවා. ඒවගේම තමයි බලයට එන්න ඉන්න කට්ටියත් බලයට ආව කියල කවදාවත් බලයේ හිටපු අය කරපු වැරදි වලට දඩුවම් දෙන්නේ නැත. එය අපිට පසු ගිය ඉතිහාසය අධ්‍යනය කලවිට වටහාගන්න පුළුවන්. එහෙම වෙන්නේ මේ දෙගොල්ලොම ඉතා හොද ගජ මිතුරන් . ජනතාව මේ ඇත්ත කවද තේරුම් ගනියි ද .(අ)
කැලේ මාරු කරාට පුල්ලි මාරු වෙන්නේ නැහැ. (අ)
චුලෝදර මහෝදර (අ)
බන්දුල පෙරේරා අද ඔය කියන කතාව අනෙක් අයටත් කියන දවස වැඩි ඇතක නෙවෙයි.
වැඩේ පටන් අරගෙන වගේ ජයවේවවා! දැන් හොඳ හොඳ කතා අහගන්න පුළුවන්(අ)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
මේවා කියන්න ඕනෑ මහජනතාවටයි (නි)
කොතනද වැරදුනේ ...? (නි)
ඌවේ ජන්දෙන් පස්සේ විශාල පිරිසක් විපක්ෂයට පනින්න බලාගෙන ඉන්නවා. කොයිපැත්ත ආවත් හොඳට මඩ ගහලා එලවලා දාන්න තියෙන්නේ. ජයවේවා ප්‍රසන්න රණවීර සභාපතිතුමනි! අපි ඔබ සමඟයි. (නි)
පොදු පෙරමුණේ කිසිම කෙනෙකුට අවවාදයක්, විනය පරීක්ෂණයක් තිබ්බා කියල අපි නම් අහල නැහැ. මුලදීම හදා නොගත්ත නිසා දැන් අමාරුයි. ඇට්ටර වෙලා. ඉදිරියේදී හොඳ..හොඳ..කතා අහන්න.. .අපි බලාපොරොත්තු වෙනවා (නදී)
ඔය කතා කරන කට්ටිය මීටකලින් එතුමාට උදවු කළේ නැද්ද? අනේ මන්දා! (නි)
මොකද මේ එකම කට්ටිය දෙපැත්ත බෙදිලා? (නි)
මට පේන විදියට දෙගොල්ලම දෙපැත්තේ රෙදි ප්‍රසිද්ධියේ හෝද ගන්නවා. හොඳයි, හොඳයි අපි ප්‍රේක්ෂකයෝ විදියට බලාගෙන ඉම්මු. (අ)
රජයෙන් පනින්න බලන් එන්න හැමෝටම වෙන්නේ ඔය දෙයම තමයි. (අ)
කොල්ලා මාතරින් ගත්ත ගෙදර විතරක් ලක්‍ෂ 480යි. ඉන්දියාව වුණා නම් සනුහරේ පිටින් හිරේ.එලවලා දාන්න ඕන රටිනුත් මත් අප්ප පුතාලා. (අ)
pasanna ranaweප්‍රසන්න රණවීර මහතනනි, කැළණියට කුඩු,එතනොල්,මත් ද්‍රව්‍ය ගෙනෙන දේශපලකය ඔබ හොදින් දන්නව කියනව. ඈයි නම නොකියන්නෙ. බයද?පොලිස් මද්‍ය ප්‍රකශකත් කියල තියන මේ අයගෙ නම් ගම් දෙන්න. සොය බලනව,අත්අඩංගුවට ගන්නව කියල.(අ)era mahathanani, kelaniyata kudu,ethanol,math dravya genena deysapalakaya oba hondin dannawa kiyanawa. aei nama nokiyanne. bayada?poslis madyaprakasakath kiyalathiyana mey ayage namgam denna. soyabalanawa,athadanguwata gannawa kiyala.mey pal hounta oba bayada?.
අපි දන්නවා කවුද අපේ රටට "එක්ස්ටසි" ගෙන්වන්නේ කියල (නදී)
මේ කතාව අහල මට දෙකොනින්ම හිනා. ඔබ කාටද කියන්නේ පියවර ගන්න කියලා. හලෝ ඕක මහජනයාට කියන්න (නදී)
කැලණිය දෙන්නෙක්ම ම අදහස් ප්‍රකාශ කරලා තියනවා. බලමු මොකද වෙන්නේ කියලා. (නදී)
රජ ගෙදර සුරතලාට කවදද දඩුවම් කරන්නේ. ඒක උනොත් ඉර බස්නාහිරින් පායයි (නදී)
මණ්ඩලේ කචල් (නදී)
ඔන්න දැන් තමා බළලා මල්ලෙන් පැනලා තියෙන්නේ. (නදී)
සත්‍ය ප්‍රකාශයක් ජනාදිපති තුමනි වහාම පියවරක් ගන්න (නදී)