අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ආධාරකරුවකු බව කියන ව්‍යාපාරිකයකුට පහර දී තුවාල සිදු කළැයි සැකපිට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද (28) නියෝග කළාය.
ඒ රණවීර මහතා මෝසමක් ගොනු කරමින් නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට බාර වීමෙන් අනතුරවය.
කැලණිය කදුරුකැටියේ පදිංචි ක්‍රිස්ටි රෝයි පෙරේරා ඉකුත් 23 වැනි දින කිරිබත්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියම කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි ....හොදයි ....
ඉස්පිරිතාලේත් හිටියනේ නේද? හරි හරි .... මට හිතුනා ඇයි මේ කියලා. (නි)
ආයේ කතා දෙකක් නැහැ. අපි දන්නවා ඇත්ත (නි)
මාරයිනේ.ලක්ෂයක ශරිරයක්..... (නි)
ප්‍රාදේශීය සබැ මන්ත්‍රීවරු කාට හරි ගහපු ගමන් ඉස්පිරිතාලේ ගිහින් මට ගැහුවා කියලා දවස් දෙකක් ඉන්නවා. මේක දැන් අලුත් පිළිවෙතක්. ගුටි කාපු එකා පොලිස් කුඩුවේ. ගහපු මන්ත්‍රී හොස්පිටල් එකේ. තමන්ම ගස් බැඳ ගන්න ලංකාවේ ඔලුව පෙලෙන්න ගුටි කාලා , මට ගැහුවේ නැහැ කියන ලංකාවේ , මේවා සුළු දේවල් (නි)
කැලණියේ අසාධාරණයට එරෙහිව යන්න කොන්දක් තිබුනේ එයාට විතරයි. (නි)
මාර වැඩේ ..ගුටිකෑවේ සභාපති තුමා ,දැන් අත්අඩංගුවට ගන්නෙත් රිමාන්ඩ් කරන්නෙත් සභාපති තුමා