කතරගම බුත්තල මාර්ගයේ ධාවනය වන ඇතැම් බස් රථ වලින් වල් අලියන්ට ආහාර දීමට පුරුදු වීම නිසා අඩු ගණනේ අලි ඇත්තු දෙතුන් දෙනෙක් නිතරම වාගේ පාරට වී සිටිති.
කෑම නොදෙන වාහනවලටද මෙම සතුන් පහර දෙතියි කියති.වාහන පහළොවකට පමණ පහරදී ඇතැයි ද දැනගන්නට ඇත.
ඌව සහකාර වනජීවී අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා කියනුයේ අලින්ට කෑම නොදෙන ලෙස බස් රථ හිමියන් දැනුම්වත් කළත් එය බීරී අලින්ට විණා ගායනා කිරීමක් බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම දෙන්න එපා කියලා කිව්වට මේ හිඟන්නා කියන අලියා කෑම දෙනකන් පාර අවහිර කරගෙන ඉන්නවා . කෑම දුන්නට පස්සේ තමා අයින් වෙන්නේ.ඒක නිසා පාරේ යන්න කෑම දෙන්නම වෙනවා. දැන් එයාගෙන් පුරුදු වෙලා තව අලි දෙන්නෙක් මේ වැඩේ කරනවා. ඒ අය හිඟන්නා වගේ නෙමෙයි සමහර වෙලාවට වාහන වලට ගහනවා. (නි)
හරි ජොලි අප්පා එ්ක පට්ට වැඩේ නේ . (ස)
දැන් ඉතින් මොකද කරන්නේ? (නි)
සමහර අදහස් වලින් හැඟවෙන්නේ ඒ අයගේ දැනුමේ තරමයි. (නි)
හොඳම වැඩේ තමයි අලින් සඳහා ආපන ශාලා විවෘත කරන එක (නි)
ඔයාලා කොහොම කිව්වත් මමත් ඔය ප්‍රශ්නයට මුහුණ දීලා තියෙනවා. කෑම දුන්නේ නැත්නම් ඔය අලි අපේ වාහන වලට ගහනවා. එහෙම නැත්නම් මඟ හරස් කරනවා. කරන්න තියෙන හොඳම දේ තමයි අලි වැටක් ගහන එක (නි)
අපි දැන් පාරවල් හදන්න දක්ෂයෝනේ. මේ පාර තව අඩි පහක් උස්සලා දෙපැත්තේ සිරස් බැමි බැන්ඳා නම් අලින්ට පාරට එන්න බැහැ. මංකඩ හදා අලින්ට පාර මාරුවෙන්න දෙන්න පුළුවන්.සංචාරක ව්‍යාපාරයටත් හොඳයි. (නි)
සිරි , මේක අලි එහා මෙහා යන පාර. මේකට අලි වැටක් දමන්න බැහැ. අභය භුමියේ අලින්ට කන්න දෙන්න වාහන නතරකරන අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. අලි ගම්වදින්න හේතුවත් මෙහෙම කෑම පුරුදු කිරීමයි. මේක දකින කවුරුවත් කැලේ ඉන්න වල්සතුන්ට කන්න දෙන්න යන්න එපා හොඳේ. එහෙම කලොත් ඉල්ලන් කන්න වෙනවා ළඟදීම. (නදී)
විදුලි වැටවල් වලට වඩා පතොක් වැටවල් ලාභ නැද්ද? ඕනෙම පරිසරයක වැඩෙන මේ ගස් විදුලි වටට වැඩිය ආරක්ෂා කාරී නැද්ද? (නදී)
විදුලි වැට කඩා දැමීමට අලින් දැන් පුරුදු වී ඇත. එඅම නිසා ඉතාම අඩු වියදම් සංකල්පයක් ලෙස කැලය වටා ජේ.සී.බී මගීන් ත්‍රිකෝණාකාර අගල් කැපීම මගීන අලි ඒම වැලක් විය හැකිය (නදී)
දැන් අර බස් එකෙන් එලියට වෙලා බෙල්ල දික් කරගෙන යන නිල් කමිසය ඇඳපු කෙනා බලන්න. මොන තරම් අවධානයක් ද ගන්නේ ? මොනවා හරි වුනාම අන්තිමට ආණ්ඩුවටයි අලියාටයි අලියාගේ ආච්චිලා සීයලාටයි එක්ක බනින්න කට්ටිය ඉඳීවි. (නදී)
මහා සද්දන්තයෙක්නේ.මෙයා කුලප්පු වුණොත් එහෙම පොඩිපහේ විනාශයක් නෙමෙයි වෙන්නේ. (නි)
පිටිගල මල්ලි, ඔය කියන හරියේ අලි වැට තියෙනවා, හැබැයි අහළ පහළ ගම්වල උදවියත් ලොකු වරදක් කරනවා. තමන්ගේ හරක් රංචු කැලෑවට යන්න පුළුවන් විධියට අලි වැටේ කම්බි පහත් කරනවා. එම අවසරයෙන් වන අලි පාරට එනවා. මෙහෙම කෑම දෙන නිසා උන් ආපසු කැලයට යන්න කැමති නැහැ. (නි)
අලින්ගේ වනය රැකදෙන්න. වනයේ කෑමට දේවල් නැති නිසා තමයි අලි ගමටත් පාරටත් ඇවිල්ලා ඉන්නේ (නි)
අපේ සමහරුන් නීති රීති තිබුනාට ඒවා පිළිපදින්නේ නැහැනේ. දවසක හොඳ පාඩමක් ඉගෙනගත්තම කළ වරද තේරේවි. එවිට ප්‍රමාද වැඩියි.වෙන්න තිබෙන දේවල් සියල්ල සිදුවී අවසානයි. (නි)
තව තවත් වල් අලින්ට කෑම දීලා කනවෝ කනවෝ කියමු. (නදී)
මෝඩ රියදුරන්ට තේරෙන්නේ නැත්නම් වල් අලින්ට තේරේවිද? හැමතැනම දැන් ඉන්නේ බීරි අලි තමා. (නි)
හරි. දැන් කෑම දෙන එක නැවැත්වුවා කියමු. ඊළඟට මොකද වෙන්නේ? කෑම දෙන එකවත් නතර කරන එකවත් නෙමෙයි දැන් කරන්න තියෙන්නේ. අලින්ට පාරට එන්න බැරි වෙන්න යමක් කළයුතුයි. නැත්නම් අලින්ගේ අඩවිය මැදින් ඇති පාරවල් වසා දැමිය යුතුයි. (නි)
මේ අන්දමට වන අලින්ට කෑම දෙන්නේ දිනපතා යන එන මඟී බස් රථවලින් නොව, වන්දනා සහ විනෝද චාරිකා යන බස් වලිනුයි. උඩවලවේ වැව පහුවුණාම විදුලි වැට අයිනේ ගැවසෙන අලි රංචුවට කෑම දෙන්නෙත් ඔය වගේ එන අයම තමයි. ඒක නිසා මේ වරදටත් දඬුවම් කරන්න පුළුවන් නීතියක් වන ජීවී එකෙන් හදන්න ඕනෑ. නැත්නම් මේක නතර කරන්න බැහැ. (නි)
මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ බස් හිමියන්ගේ බුද්ධි මට්ටමේ ප්‍රශ්නයක් නිසා. නැත්නම් කියන දේ තේරෙන්නේ නැද්ද? (නි)
මිනිස් ඝාතන වෙනකම් ඉන්නේ නැතුව බැරිද මේ හිඟන්නාව වෙනත් පළාතක වන උද්‍යානයකට ගිහින් දමන්න? (නි)
සමහර අදහස් දැක්කහම හිතෙනවා එයාලා ළඟම ඇති රෝහලට ගොස් ඔලුව පරික්ෂා කරගත්තොත් හොඳයි කියලා (නි)
රටේම අලි ටික දැන් නම් ඉන්නේ පාරේ තමයි .. යන එන මං නෑ.. මට දුක රටේම ඉන්න මි හරක් ටිකත් හෙට අනිද්දට පාරට වැටෙයිද කියලයි ..(අ)
සියලුම මාර්ග සහ ගම වටා විදුලි වට සවිකිරීම තමා කාලින අවශ්‍යතාවය වන්නේ.(දිල්)
මෙය පමණක් නොව පුද්ගලික බස් වලට කියන හැම දෙයම එහෙමනේ. මේ සතුන් තුන්දෙනා අල්ලලා නැවත එන්නෙපා කියල ගිහින් දැම්මොත් ටික කලකට වත් ප්‍රශ්නය විසදේවි (නදී)
සත්තුත් පවු මිනිස්සුත් පවු! (නි)
අලි ඔක්කොම කුලප්පු වෙලා වගේ (නදී)
කවදා වෙනතුරු පාරට ඇවිදින් බලා ඉඳීවිද දන්නෙ නැහැ (නි)
වරක් මා දැක්කා ඇමතිතුමෙකුත් ජීප් එකක නැඟලා අලින්ට විහිළු කරමින් යනවා මේ පාරේ. (නි)
වල් අලින්ට ආහාර දීමෙන් ඔවුන්ට දීර්ඝකාලීන අයහපතක් සිදුවෙන බව ඇත්ත. ඒ වුණාට අපේ සිංහල බෞද්ධ සමාජයේ තිරිසන් සතෙකුට ආහාරයක් දීලා ඒක කන හැටි දැකීම ඉතාම මානසික සතුටක් ගෙනදෙනවා. අපි පොඩි කාලේ හුනන්ට ඉරට්ටේ ගහලා බත් දෙනවා,වෙලේ ඉන්න මාළුන්ට පාන් දෙනවා.ඉතුරු වූ ආහාර කාක්කෙකුට හරි පුසෙකුට, බල්ලෙකුට කන්න පුළුවන් වෙන විදියට හොඳට අනලා එළියේ තැනක පිරිසිදුව තියනවා.මේකත් ඒ සංස්කෘතියේම දිගුවක්. මොකද මේ අලින්ට මිනිස්සු කන්න දෙන්නේ මුකුත් ලාබයක් බලාගෙන නොවෙයිනේ. (නි)