කිලිනොච්චියේ පොදු වෙළඳපලේ කඩ සාප්පු සියයකට වැඩි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වීය. ඉතිරි වූයේ කඩ දෙක තුනක් පමනි.
දැනට ලැබී තිබෙන තොරතුරු වලට අනුව වෙළදසැල් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඒවායේ තිබූ සියලූ බඩු භාණ්ඩද සමග සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශව ඇත.
ගින්න ඇතිවූ අවස්ථාවේදීම කිලිනොච්චිය ප්‍රාදේශීය සභා ගිනි නිවීම් ඒකකය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබේ.
ගින්න ඇතිව තිබෙන්නේ රාති‍්‍රයේ වීම නිසාවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැති බව පොලිසිය පවසයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කබලෙන් ළිපට වැටුනා වගේ වැඩක්. පවු මේ මිනිස්සු. (නි)
මොනවා වුණත් මේවා මහා අපරාධ. මේ කඩ ඉබේ ගිනිගන්න නම් විදුලි කාන්දුවක් වෙන්න ඕනෑ, නැත්නම් කාගේ හරි කඩාකප්පල්කාරී වැඩක්. මොකක් හෝ යටි අරමුණක් ඇති. (නි)
ටකරන් කඩ දමාගෙන ඉන්නේ සුළු වෙළෙන්දෝ. හමුදාවෙන් කොච්චර උදවු කළත් අර විග්නේශ්වරන්ට හොඳක් පේන්නෙම නැහැ. දැන් මේ පින්තූර ලෝකෙට පෙන්නලා මොන බොරුවක් පතුරයිද දන්නේ නැහැ.ඒ වගේම ඔය පැත්තේ කට්ටිය රටවල් වලින් සරණාගත වීසා ඉල්ලන්නත් පටන් ගනියි. අපි නොදන්න කිලිනොච්චිය. (නි)
පුබුදු ඔබ නිවැරදි.... අපේ යුධ හමුදාව කොච්චර දෙයක් කරනවද කියල දැන් පේනවා නේද? විග්නේෂ්වරන් කොහෙද දන්නේ ? (බ)
මේවා හොඳ කඩ හදාගන්න කරපු උප්පරවැට්ටි. මේවටත් ගෙවන්න වෙන්නේ අපේ සල්ලි තමා. (බ)
පවු දෙයියනේ අහිංසක මිනිස්සු! (නි)
යුධ හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය නැත්නම් ඉතුරු කඩ ටිකත් ඉවරයි නේද? විග්නේශ්වරන්ට මේවා පෙනෙන එකක් නැද්ද? (නි)
කොහොම වුණත් පහුගිය කාලේ වපුරපු බීජ වල හැටියට රටම ගිනිගන්න දවස වැඩි ඈතක නැහැ. (නි)
උතුරේ සාමාන්‍ය ජනයාට අවශ්‍ය ෆෙඩරල් හෝ වෙනයම් දෙයක් නොව, රටේ සෙසු සමස්තයේ ප්‍රශ්නයම වන මුලික අවශ්‍යතාය. මුලික අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි ආණ්ඩු කෙසේ හෝ තම බලය රැකගනිති. මිනිස්සු හැමදාම දුක් විඳිති. දුක් විඳින්නේ සිංහලෙන් හෝ දෙමළෙන් නොවේ. මේ ගිනිගන්නා ටකරන් කඩපෙල අපට කියන්නේ ඔය ටිකමය. (නි)
දැන් ඔය පොලිසිය, හමුදාව එපා කියපු අයගේ කඩවල් නේද අපේ හමුදාව බේරාගත්තේ? (නි)
හරි විනාශයක් නේද? අවදානම ගැන කවුරුත් සැළකිල්ලෙන් සිටිය යුතුයි. (නි)
මේකේ වගකීමත් මහින්ද මහත්තයට ගන්න වෙයිද දන්නෙ නැහැ (නි)
ඔය දේ නම් හොඳකට නෙමෙයි. මට නම් සැකයි. කොහොමද කඩ සාප්පු 100 ක් එකවර ගිනිගන්නෙ. (නි)
පව් දුප්පත් මිනිසුන්! එදා වේල හොයාගෙන ජීවත්වෙන්න තිබුන දේපල (නි)
කොහේ හරි අටවාගන්නවා. කිසිම ප්‍රමිතියක් නැහැ. ගිනිගන්න එක අහන්න දෙයක්ද. (නි)
අනවසර වෙළදාම, ප්‍රමිතියක් නැති ඉදිකිරීම්... අහිංසක මිනිස්සුත් අමාරුවේ...!! (නි)
මේ ටකරන් මඩු වෙනුවට ස්ථිර හොඳ ගොඩනැගිලි සාදා දෙන්න, බිඳුණු හදවත් තුළ සංහිඳියාව කුළුගැන්වෙන්නත් එක්ක. සාලාවේ වැඩ පමාවුණාට කමක් නැහැ. (නි)
ලංකාවේ කවදාවත්ම අහලා තියෙනවද මේතරම් ගිනිගැනීම්? (නි)
මේක යම් කඩකප්පල්කාරී ක්‍රියාවක්දැයි සෙවිය යුතුයි (නි)
හැම එකක්ම වගේ මේකත් අහවල්ලුන්ගේ ගිණුමටද දන්නෙ නැහැ යන්නේ. මේකටත් කොමිසමක් දාලා තීරණයක් ගනියි (නි)
හොඳ වෙලාවට හමුදාවේ අය හිටියේ (නි)
සහෝදරයා සහෝදරිය, හරිම කණගාටුයි. අපිටත් ඔය වගේ කරදර වුණා, ගංවතුරෙන්. ගින්නකුත් අාවා සාලාවට. හිතට ධෛර්යය ගන්න මේ වෙලාවේ (නි)
විග්නේෂ්වරන් දැන් කියයිද දන්නෙ නැහැ හමුදාවේ සම්බන්ධයක් තියනවා කියලා. (නි)
මේ අයට ඉතින් කෝකටත් පිහිට වෙන්නේ අපේ වීරෝධාර හමුදා කොල්ලෝ. මේ අයට පෙනෙන්න බැරිත් අපේ කොල්ලෝ (නි)
ලංකා ඉතිහාසයේ කිසිම කාලයක මෙතරම් ගිනිගැනීම් සිදුවෙලා නැහැ. කඩ සාප්පු, ගෙවල්, කර්මාන්ත ශාලා, වනාන්තර අක්කර දහස් ගණනින්, හමුදා කදවුරු, වරාය, විශ්ව විද්‍යාල ,.... එක පිට එක ගිනිගන්නවා. සමහරවිට මෙය යම්කිසි පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් වීමටද පුළුවන්. රට ගිනිගන්නවට කැමති කට්ටියක් ඉන්නවනේ (නි)
සැලසුමක් නැතුව කඩ සාදා තිබෙන බව පේනවා. තාවකාලික කඩ වෙන්න ඇති. අනෙකුත් කඩහිමියන්ට මෙය අාදර්ශයක් (නි)