(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය කඳවුරට අයත් යාත්‍රාවක තිබි සොරා ගත් එස් එම් ජි ටි 56 ගිනි අවිය කඩුවෙල රනාල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් පිටුපස පාළු ඉඩමක සොහොන් කොතක් අසල සඟවා තිබියදී සොයා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම සොරකම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා ව්‍යාපාර හා කුරුඳු කර්මාන්තයේ යෙදෙන්නන් බව පොලිසිය කියයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් එම කඳවුරට අනුයුක්ත බල නැව් ඉංජිනේරු කාර්මිකයෙකු ඉකුත් 06 වෙනිදින පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත් කර තිබිණි.
එම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිදු කළ වැඩිදුර විමර්ශන වලදී ඉහත සැකකරුවන් දෙදෙනා මීටියාගොඩ , දිද්දැලිය වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් (05) අලුයම කල්පිටිය නාවික හමුදා කඳවුර අසලට පැමිණ තිබු අලු පැහැයට හුරු මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු හට සැකකාර ඉංජිනේරු කාර්මිකයා පි -232 යාත්‍රාවේ තිබූ අංක 4500302 දරන එස් එම් ජි / ටි 56 වර්ගයේ ගිනි අවිය සොරකම් කර ලබා දී ඇති බවට කල්පිටිය නාවික හමුදා කඳවුරේ සහකාර විනය ආරක්ෂාධිපති (වයඹ) පි පි එස් අයි පතිරණ මහතා කරන ලද පැමිණිල්ලකට සැකකාර ඉංජිනේරු කාර්මිකයා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන සිදු කළ වැඩිදුර විමර්ශන වලින්අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාරණ පනත යටතේ හා පොදු දේපල පණතේ වරදවල් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි ක්‍රියාවක් බවට ගෙනැවිත් ගිනි අවිය ගත්තු හොර ව්‍යාපාරිකයාට ලොකු දඩයකුත් ගහලා, බරපතළ වැඩ ඇතිව අවුරුදු 5කවත් සිර දඬුවමක් ලබා දෙන්න ඕනෑ. නීතියේ ප්‍රතිපාදන නැහැ කිය කියා තෙපර බාන්නේ නැතුව බලයේ ඉන්න එකාලා මේවා වෙනස් කරන්න ඕනෑ. එතකොට මේ වගේ දේවල් ඉදිරියේදී සිදු නොවෙන එකක් නැහැ. දඬුවම සැරයිනේ.