නිමල කොඩිතුවක්කු

දිවයිනට බලපා ඇති මහවැසි හේතුවෙන් දැදුරු ඔය, යෝධ වැව, තිස්ස වැව ඇතුළු ප්‍රධාන ජලාශ 16 ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ප්‍රධාන ජලාශ ආශ්‍රිතව සියයට 46.9 ක ජල ධාරිතාවයක් පවතින බව ද වාරිමාර්ග අධ්‍යක්ෂ ( ජල විද්‍ය හා අපදා කළමනාකරණ) එල්. එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මෙයට අමතරව මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 7 ක් වාන් දමන බවද ඔහු සඳහන් කළේය.

පවතින වැසි තත්ත්වය වැඩි වුවහොත් ගංගා සහ ජලාශ ආශ්‍රිත පහත් බිම්වල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.