කොල්ලුපිටිය පොලිසිය අසල දී සිරුරට ගිනි ඇවිළුණු පුද්ගලයකු (60) රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
සියයට හැත්තෑවක් පමණ පිළිස්සී ඇති ඔහු බේරා ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසිය ක්ෂණිකව පියවර ගත්තේය.
කොළඹ නගර සභාවෙන් ජල බවුසරයක් ද, ගිලන් රථයක්ද ගෙන්වා ඔහු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියට මේ වගේ දේවල් තව තව වැඩි වේවි (දිල්)
පවු. අද හුඟක් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ගිනිතියාගන්න තමයි (නි)
සසර කෙටිකර ගන්නට ඔහුට පින් මදිවා වගෙයි (නි)
මේක පුදුම වැඩක්නේ! (නි)
මේ මොනවද වෙන්නේ? (නි)
ඕකට තමයි කියන්නේ මිල ටිකක් වැඩි වුණත් කමක් නැහැ, හදිසි ගින්නකදී ප්‍රයෝජනය සඳහා ගිනි නිවන උපකරණයක් සෑම නිවසකම,ආයතනයකම,කාර්යාලයකම තිබිය යුතුයි කියලා. (නි)
මේකට හේතුව මොකද්ද දන්නේ නැහැ. මෙහෙම ඉබේ ගිනිගන්න මිනිස්සු වෙන රටවවල නම් ඉන්නවා. තවම හරියටම හේතුවක් නිශ්චිතව නැහැ. නමුත් මෙයා 70% ක් පිච්චිලා නම් ජීවිතය අවදානමේ නේද? (නි)
හිතේ තියෙන ගින්දර වලට පත්තු නොවී තිබුනොත් තමයි පුදුමේ. (නි)
සියයට හැත්තෑවක් පමණ පිළිස්සෙනතුරුත් ජල බවුසරය ඒමට ප්‍රමාද වුණාද? (නි)
ආර්ථික වර්ධන වේගයයි, ඒක පුද්ගල ආදායමයි ගැන කොච්චර කියෙව්වා වුණත් දවස ගානේ මේ දකින්නේ මොනවාද? (නි)
අද අපේ රටේ මිනිස්සු ගිනි තියාගෙන මැරෙන්න තරමට ආවේගී තත්වයට පත්වෙලා හමාරද? (නි)
කොහොමද මිනිහෙක් ගිනිගන්නේ? ගිනි තියාගෙනද? වෙන කවුරුන්හෝ එම පුද්ගලයාට ගිනි තබලද? එසේ නොමැති නම් වෙන ක්‍රමයකට ගිනි අරගෙනද? (නි)
ස්වයං ගිනිගැනීම් ගැන අපි අසා ඇත්තෙමු. මෙය එවැන්නක්ද? (නි)
දුර්ලභ මිනිස් ජීවිතයක් ලද අප වෙහෙසිය යුත්තේ සසර දුක නිවාගැනීමට මිස තාවකාලික දේ වෙනුවෙන් අප ලද ජීවිතය කෙටි කර ගැනීමට නොවේ.මෙම පුද්ගලයාගේ චේතනාවට හේතුව අප කිසිවෙකුත් තවමත් නොදන්නා නමුත් ඔහුට මේ සසර ගමනේ නැවතත් මෙවන් අනතුරකට ලක්නොවේවායි පතමු (නි)
මේක වුණේ කොහොමද? (නි)