(කුෂාන් ජයවර්ධන)

කලාවැව ජලධාරිතාවය තව දුරටත් ඉහළයාම හේතුවෙන්  හදිසි වාන් දොරටු දෙක අද පස්වරු 7.00 වනවිට අඩි 04ක් බැගින් තවදුරටත් විවෘත කළ බව ජලාශය බාර ඉංජිනේරුවෝ පවසති.

කලාවැව සමස්ථ ජලධාරිතාවය මේ වන විට අක්කර අඩි 87037 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ජලාශයෙ ධාරිතාව⁣ය ඉක්මවා 103.04% ක අගයක් ගෙන ඇත.

පවතින වර්ෂාවත් සමඟ මේ වනවිට වැවට එක්වන ජල ප්‍රමාණයද තත්පරයට ඝන අඩි 7390 ක් දකවා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට කලාවැව පිටාර ගැලිම ද තවදුරටත් සිදුවෙමින් පවති.

පවතින මෙම තත්වය අනුව ජලාශයේ ජල මට්ටම කලමණාකරණය සඳහා වාන් දොරටු විවෘත කර ඇත.

එමඟින් තත්පරයට ඝන අඩි 2640 ක ජල ප්‍රමාණයක් මේ වනවිට කලාඔයට මුදා හැරෙයි