ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ හතලිහක මුදලක් ලබා දීමට තමන් පොරොන්දු උවද එය ඉටුකිරීමට නොහැකි වීම ගැන බෙහෙවින් කනගාටුවන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි තරුණ සේවා සභාවේ ගම්පහ දිස්ත්‍රික් වාර්ෂික මාධ්‍ය හමුව අමතමින් පැවසුවාය.
කෙසේ වෙතත් ඒ වෙනුවට රුපියල් ලක්ෂ විසි එකහමාරක මුදලක් අනුමත කර ගත් බව ඇය කීවාය.
‘‘ අද මාධ්‍ය සාකච්ඡාවක් තියෙන බව දැනුම්වත්ව නෙමෙයි මෙතනට ආවේ. ගම්පහ දිස්ත්‍රික් තරුණ සම්මේලනයේදී මම පොරොන්දු වු ලක්ෂ 40 අනුමත කර ගැනීමට නොහැකි වීම ගැන මට ලොකු දුකක් දැනුනා.
මට ආසනයක් නැහැ. කොහොම උනත් ලක්ෂ විසි එක හමාර මුළු දිස්ත්‍රික්කයේම තරුණ, තරුණියන්ගේ වෘත්තීය පුහුණු කටයුතු සඳහා මම ලබා දෙනවා.
මගේ එකම ඉල්ලීම සුදුසු දරුවන් තෝරාගෙන වෘත්තීය පුහුණුව ලබා දෙන්න. ඒ සඳහා තරුණ දරුවන් යොමුකරන්න නිලධාරීන් උනන්දු වෙන්න.‘‘
ගම්පහ දිස්ත්‍රික් තරුණ කටයුතු අධ්‍යක්ෂිකා කුමුදුනී දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබු වාර්ෂික මාධ්‍ය හමුවට දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී විජිත දේවපක්ෂ, මීරිගම පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන බාර නිලධාරී නිමල් ජයවික්‍රම යන මහත්වරුන් ඇතුළු තරුණ සේවා නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බයිස්කෝප් එකක දෙබසක් ද ?(අ)
මන්ත්‍රී වෙන්න කලින් නම් හොඳ පෙනුමක් තිබ්බා පෙනුම ගොඩක් අඩු වෙන්න කලින් ඔය නොදන්නා දේශපාලනයෙන් ඉවත් වෙලා තමන් දන්න දේ කරන්න (නදී)
බොරු කීම භාෂා ප්‍රශ්නයක් නොවෙයි. නිළියක් වෙලා හිටියනම් බොරුව නාට්‍යය රඟ දක්වෙනතුරු පමණයි වලංගු වෙන්නේ. දේශපාලනය සදා කාලයටම නඩත්තු වෙන්නේ බොරුවෙන්. ඉතින් ඕක ඉගෙන ගන්නේ නැතුව අරයගෙ මෙයාගේ ඕන කමට මැති සබේට ඇවිල්ලා ඉල්ලන් කනවා. අනේ පව්! (නදී)
එක අතකට පබා නංගිට දොස් කියන්න බෑ. ඡන්දය දුන්න නිසානේ පාර්ලිමේන්තුවට ගියේ. මීට පස්සෙවත් තමන්ගේ වටිනා කතිරය කල්පනාවෙන් සලකුණු කරන්න බුද්ඩි මට්ටම අතින් ගම්පහ දිස්ත්‍රික් ජනතාව ඉදිරියෙන් ඉන්නේ. ආයේ මෙහෙම වුනොත් අර උෟරාගෙ තිත්ත අරින්න කරපු දේ මතක් වෙනවා (නදී)
දැන් තමයි බණ්ඩාරනායක මැතිනිය වගේ චරිතවල වටිනාකම කොතෙක්ද කියල තේරෙන්නේ එකම එක සමාන කම දෙන්නම ගම්පහ (නදී)
මොනවා කොරන්නද අපේම කරුමේ තමයි. ගම්පහ වැසියන්ට ජයවේවා! (නදී)
ආයෙත් නම් ගම්පහ මිනිස්සු මේ වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. කරගන්න දෙයක් කාලේ ඉවර වෙන්න කලින් කර ගන්න. (නදී)
අනේ ඉක්මනට පාර්ලිමෙන්තු මැතිවරණයක් තියන්නේ නෑනේ. ගම්පහ අය දැන්වත් තණකොල පුන්නක්කු අතහැරලා බත් කනවද දන්නේ නැහැ (නදී)
අපි මෙයාට ඡන්දෙ දුන්නේ මේ ආණ්ඩුවෙන්,,කල කෙනෙහිලි කම් නිසා ,,දැන් ආණ්ඩුවට දෙන්න ගිහින්,,මෙලෝ දෙයක් දන්නෙත් නෑ. කතාකර ගන්නත් බෑ. අාසනේකුත් නෑ, ටෙලියක් කරගෙන ඉන්නේ නැතුව, (ස)
මිනිපේ, ඔයා කන්නේ පුන්නක්කු නෙමේ නේද? (නදී0
ගම්පහ ජනතාව අයෙත් මේවගේ මෝඩකම් නොකරයි කියල මම සිතනවා. විවාහෙත් සුන් , දේශපලනෙත් සුන් දැන් රසිකයොත් සුන් .(අ)
ආහ් මාලිංක ඔයත් මෙයාට ඡන්දෙ දුන්න කෙනෙක්ද?(අ)
අපේ රටේ මිනිස්සු වටිනා ඡන්දෙ පාවිච්ච් කරන්නේ මේ වගේ පුද්ගලින් පත්කරන්න... හරියට පුංචි කෙල්ලක් දහම්පසලක කතාවක් කරනවා වගේ (අ)
ඕකට තමයි කියන්නේ කල කම් පලදෙනව කියලා. යු එන පී ඡන්ද අරන් පාර්ලිමේන්තුවට ගිහින් ඒ ජනතාව මුල කලා. දැන් ඡන්දෙ ලග නිසා වෙන්නැති කිඹුල් කදුළු හලන්නේ (නදී)
රුවනිත්, රංජිතුත් හරි කියලා මම හිතන්නේ. මෙයාගේ අැදුමෙනුත් එ්ක පේනවා. අරාබිකරේ අදින අැදුමක් නොවැ මේ ඇදගෙන ඉන්නේ. මිනීපෙට පිස්සු ද කොහෙද? (නදී)
අපේ ලංකාවේ ඉන්නේ මෝඩ මිනිස්සු. දේශපාලනය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති කොච්චර ඉන්නවද පාර්ලිමේන්තුවේ? ලංකාවට යන කලක්! (නි)
මේවාට තමයි කියන්නේ නියම කාටූන් කියලා. සමහරු දේශපාලනය ගැන දන්නා දෙයක් නැහැ. (නි)
ඔයාට ඡන්දෙ දීලා අපි කොච්චර කණගාටු වෙනවාද කියලා ඔයා දන්නේ නැහැනේ. (නි)
ඇයි අර සමහර නිලධාරීන්ගේ මූහුණු නිකන් කජු ලෙලි, ගොරක ලෙලි වගේ ඇදවෙලා, ඇඹරිලා ගිහින් තියෙන්නේ....? (නි)
මිනිපේ, භාෂාව ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න බැහැ.. රටක ජනතාව නියෝජනය කරන කෙනෙක්, රටේ අනන්‍යතාවය වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි කෙනෙක් වුණාම තමන්ගේ රටේ අනන්‍යතාවය වන භාෂව හරියට කතාකරගන්න බැරි නම් ඇති වැඩේ මොකක්ද? (නි)
බොරු කීම භාෂා ප්‍රශ්නයක් නොවෙයි. නිළියක් වෙලා හිටියා නම් බොරුව නාට්‍යය රඟ දක්වෙනතුරු පමණයි වලංගු වෙන්නේ. දේශපාලනය සදාකාලයටම නඩත්තු වෙන්නේ බොරුවෙන්. (නි)
මේ යන විදියට ඉදිරියේදී අරාබි බස අපිට වැදගත් වේවි වගෙයි (නි)
ඔය ටිකවත් අනුමත කර කරන්න යන සේවය අගය කරනවා (නි)
එහෙමවත් කියන එක ලොකු දෙයක්නේ! (නි)
එතරම් වත් නිහතමනිවීම ගැන අපි සැහීමකට පත්විය යිතු වෙනවා (අ)
සිංහල ටිකක් හොරයි වගේද? (නි)
මෙයට බැනලා වැඩක් නැහැ.තේරෙන්නේ නැති නිසානේ හිතෙන හිතෙන දේ කියන්නේ. කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා තේරුම්ගන්න බැරුව පිටඔපයට මනාප දුන් අයට මඩු වලිගෙන් තලන්න ඕනෑ. රටක පාර්ලිමේන්තුව කියන්නේ කෝලම් මඩුවක්ද? (නි)
මෙයාගේ යූ ටියුබ් වීඩියෝ දැක්කම අනේ මගේ දන්න සිංහලත් අමතක වෙනවා. (ස)
රුවනි, භාෂාවේ ප්‍රශ්නයක් නැහැ. ඒක ඈදලා ගන්න එපා. මේ කාන්තාව අවංක කෙනෙක් වගේ. (නදී)
දැන් තේරෙනවා ඇතිනේ නිකන් බොරු සෝබනේට කියන කතාවල ප්‍රතිපලේ. බැරි දේ නොකරන් අබරෝ කිව්වලු (නදී)
සිංහල කතා කර ගන්නවත් බැහැ. ජන්දේ දුන්න තරුණ අයට දෙයියන්ගේම පිහිටයි. ආයෙම පත් කරගන්න හොදයි. (නදී)
ඊළඟ මැතිවරණයේදී කතිරය ලකුණු කරනකොට අපිත් ඔබ තුමියට අපේ කනගාටුව ප්‍රකාශ කරන්න බලාපොරොත්තුවෙන් මේ ඉන්නේ. (නදී)
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විපාක දෙනවිට කළ පවුද එකතුවන බව මම නොදනිමි (නි)
රුවනි,හරියට සිංහල කතා නොකළා කියලා ප්‍රශ්නයක් නැහැ, වැඩ කරනවා නම්....ජෙහාන් නම් මෙයාට ගිය පාර ඡන්දෙ දීලා වගෙයි පෙනෙන්නේ (නි)
ඔබ කිවුව දේවල් ඇත්ත නම් දැන් ඔය ඉන්න තැන ඉන්න විදියක් නැහැනෙ? ඡන්දය ඉල්ලුවෙ ඉතින් අනිත් පැත්තෙ ඉඳලනෙ. (නි)
රඟපෑමේ හිටියා නම් ඔයතරම් දුකක් අද නැහැ නේද? (නි)
කට පියාගෙන ඉන්න තාක් මෝඩයාත් පණ්ඩිතයෙකි. අඩුම තරමින් කතා කරන්නවත් ඉගෙන ගත්තා නම් වටිනවා නේද? (නදී)
ඔබ තුමියට අපේ සුභ පැතුම්. (නදී)
අපිටත් දුකයි (නදී)
මෙයා දේශපාලනය ගැන මොනවද දන්නේ (නදී)
මේ වගේ අය පාර්ලිමේන්තුවට එවපු අය දැන් මොනවා හිතනවා ඇද්ද? (නදී)
නිලි කමේම හිටියා නම් හොඳා වගේ (නදී)
වාඩි වෙලා ඉන්න නිලධාරීන්ගේ මුහුණු බැලුවහම නම් කිසිම ප්‍රබෝධමත් ගතියක් නැහැ. ඔහොම ඉඳන් කොහොම තරුණ කටයුතු දියුණු කරයිද මන්දා. (නදී)
මෙයාගේ සිංහල වගේම තමයි ඉංග්‍රීසිත්. දෙකම හරියට බැහැ. නමුත් හොඳට අරාබි බස කතාකරනවා. (නදී)
දැන්වත් රට ගැන හිතන්න පුරුදු වන්න (නදී)
එයා අඩුම ගානේ සමාව හරි ගන්නවනේ. (නි)
අනුන්ගේ ඕපා දුප නෙවෙයි හොයන්න ඕනා රන්ජිත් රට ගැනයි. අවදියෙන් ඉන්න. ඔය වගේ නායිකාවෝ තමා රට හදන්න එන්නේ ඉස්සරහට. ආදර්ශවත් චරිත හැදෙන පරපුරට. දෙවියන්ගේම පිහිටයි අපේ මව්බිමට. (නදී)
මෙයාට ඔහොම නම් ඡන්දෙ දුන්න අයට කොහොම දුක ඇද්ද? (නදී)
ගිලෙන්න යනකොට පිදුරු ගහෙත් එල්ලෙනවා කියන්නේ ඕක තමා. (නි)
මිනීපෙට අමතක වෙලා වගේ මෙතුමිය මොන පක්ෂයෙන්ද කියලා පාර්ලිමේන්තුවට ආවේ. මතකද කළු අැදගෙන ගිහිල්ලා අනික් පැත්තට ගියා. අපේ මිනිසුන්ට තියෙන්න මාළුවාට තියෙන මතකයක් (නදී)
සිංහල බෑ, ඉංග්‍රීසිත් බෑ, දේශපාලනයත් බෑ, රංගනයත් බෑ. පුළුවන් වුර්තිය කරගෙන ඉන්න තිබුනනේ. ගම්පහ ජනතා පැතුමට ජයවේවා. (ස)
මෙලෝ රහක් නැහැනේ. (ස)
මිනිපේ, භාෂාවේ ප්‍රශ්නයක් නැත්තේ මොකද ? සිංහල භාෂාව හරියට බැරි කෙනෙක්ව, පාර්ලිමේන්තුවට එවපු අයටයි ගහන්න ඕනේ. (නදී)
නිලදාරිතුමා ප්‍රබෝදයෙන් ඉන්නේ කොහොමද (නදී)
නමේ විදියට වැඩ නැහැ (නදී)