IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කුවේටි ගිය බිරිය හාම්පුතාත් එක්ක ආවාට සැමියා ගෙට ගිනි තියලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුවේට්හි ගෘහ සේවිකාවක ලෙස සේවය කළ බිරිඳ  ඇය සේවය කළ නිවෙසේ හිමිකරු වන අසූ හැවිරිදි පුද්ගලයාද කැඳවාගෙන පැමිණ  නිවෙසේ නවාතැන් ලබා දීම ගැන හටගත් ආරවුලක් දුර දිග යෑමෙන් සැමියා අද අලුයම නිවෙසට ගිනි තබන ලදැයි කියන සිද්ධියකින් බිරිඳ ,එම කුවේට් ජාතිකයා සහ 76 හැවිරිදි  පුද්ගලයකු පිළිස්සුම් තුවාල ලබා බිබිල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව බිබිල පොලිසිය පවසයි.

නිවෙසට ගිනි තැබූ බව කියන  පුද්ගලයා ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුවට ගැනීමට සොයන මෙම පුද්ගලයා මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවක රියදුරකු බව පොලිසිය කියයි.

බිබිල පොලිසියේ නිලධාරී කණ්ඩායමක් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් නිවෙසට සහ එහි තිබූ බඩු මුට්ටුවලට දැඩි ලෙස හානි සිදුවී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (4)

කුවේටි ගිය බිරිය හාම්පුතාත් එක්ක ආවාට සැමියා ගෙට ගිනි තියලා

රංබොඩ Monday, 01 April 2024 02:17 AM

අත පය හතර තියෙන පිරිමි තමන්ගේ බිරිඳ මැදපෙරදිග කුළීී වැඩ කරන්න යවනකොට එහෙම වෙනවා. ඒ කාන්තාව අරාබි මනුස්සයා එක්කම ආපුු එක විතරයි වෙනස. මේවට කාන්තාවන්ට විතරක් බැනලා වැඩක් නෑ.

:       2       10

රූපිකා වීරසිංහ Monday, 01 April 2024 04:47 AM

අනේ මෙහෙමත් ගොන් රජෙක්. තමන්ගේ ගෑනි විදෙස් ගතවී ගෙදරක නැවතී ඉන්නකොට මොනවා වෙන්න ඇද්ද? තමන්ගේ නොහැකියාව නිසා ගෑනි රට යවලා හම්බ කරන්න හොඳයි... ඒ ගෑනිට රැකියාව දුන්නු මිනිහා ආවාම නරකයි. දැන් ඉතින් ඒ ගෑනි හාම්පුතා සමග ආපසු ගියොත් මොකද වෙන්නේ..? ගෑනි රට යවලා නිවාසවල බැලමෙහෙවර කිරීමට ඉඩදෙන ඔක්කෝටම හොඳ පාඩමක්...

:       4       12

සමිත සේනක අලුත්ගමගේ. Monday, 01 April 2024 12:11 PM

" නොරට ගිය බිරිය ඔහු සමගින් එකට .. දිවි ගෙව් සැටි කියන්නට ටීකා කුමට .. සැමියගෙ සිත් සතන් ගිනි ඇවිළුණු කලට .. පිදුවා බිරිඳ සමගින් ගිනි දෙවි නමට .. "

:       2       16

උවයිමා Monday, 01 April 2024 08:24 PM

අනේ අනේ මෙහෙම ගොන් හරකෙක්. ඇය රට යවන්න හොඳ නම් මෙය සුළු සිද්ධියක් පමණයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 32 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 525 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1237 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 164 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 86 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


ජනපති ජුලී චන්ග් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 838 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38400 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site