(සුජිත් හේවාජුලිගේ )
ඇතැම් පිරිස් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යුදහමුදාපති වරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
රටේ ආසාදිතයන් සංඛ්‍යාව 600ක් දක්වා සහ මරණ සංඛ්‍යාව 25 කට අඩු මට්ටමක් දක්වා රඳවා ගැනීමට හැකිවී ඇති බවත් මේ තත්ත්වය ළඟා කර ගැනීමට ජනතාව විශාල වශයෙන් කැපවීම් කළ බවත් ඔහු පැවසුවේය.
ඒකරාශී වීම තවදුරටත් වළක්වා ගත යුතු බව පැවසූ යුද හමුදාපතිවරයා ජනතාව උපරිම වශයෙන් සහය ලබා දුනහොත් ලබන මාසය වන විට කොවිඩ් ආසාදිතයන් තවත් අඩු කරගත හැකි වනු ඇති බවත් ප්‍රකාශ කළේය.
කොවිඩ් අඩුවෙනවාද වැඩිවෙනවාද යන කාරණය ජනතාවගේ හැසිරීම මත තීරණය වන බවද ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘කෝවිඩ් ව්‍යාප්තිය ජනතාවගේ ක්‍රියාකාරීත්වය මතයි‘‘
wahaldeepe Wednesday, 20 October 2021 01:02 AM
ඔයාලා දැන් අවුරුදු 2ක් විතර රටේ මිනිසුන්ව හිරකරලා වැඩකරන මිනිසුන්ගේ දාඩියෙන් පින් පඩි අරගෙන ප්‍රභූන් කියන පුද්ගලයින්ගේ කටු ලෙවකකා රට ජාතිය ආගම පාවලා දීලා දැන් මෙහෙම කතා කියන්න එපා.
Sriland Wednesday, 20 October 2021 02:20 AM
ලංකාවේ අමුතුම නීති තියෙන්නේ, පොඩ්ඩක් හිතලා බලන්නකෝ ලෝකයේ අනිත් රටවලට, ඒගොල්ලෝ කොරෝන තිබුනද කියලාවත් දන්නෙන්නෑ හොඳට වැඩ.
hesaWednesday, 20 October 2021 02:11 PM
ඔව් ඇයි ඒ..නීති පිලි පදිනව හරියට.. පලාතෙන් පලාතට යන්න තහනම්, සුපර් මාර්කට්ස්, ආයතන තුලට යන විට නම් මාස්ක් අඳින්නම ඕන, ගෙයින් ගෙයකටවත් 2 ක් හෝ 3 ක් ට වඩා යාම තහනම් වැනි නීති හරියට වෙනව.. කොරෝනා වසංගතයක් තියෙන බව දැනෙන්නෙ නැහැ තමා..
Nuwan Wednesday, 20 October 2021 11:28 AM
නිසි වෙලාවට හොඳ එන්නත් ගෙන්වන්න කියද්දීත් චීනාගේ ජරා එන්නත් හදිස්සි භාවිතයට අනුමැතිය දෙනකම් ජනතාවට බාස් පැණි පොවා පොවා හිටිය එක හරිද ?
hesaWednesday, 20 October 2021 03:18 PM
ලෝකයේ කවුරු හැදුවත් එන්නත ගැන විශ්වාස තියන්න බැහැ.. ආන්ඩුවත් එක්ක තියෙන වෛරය පිරිමහන්න, තමන්ගෙම සෞඛ්‍ය පාවා දෙන්නෙ ඇයි.ඔය කැස්ස, හෙමබ්රිස්සාවට වගෙ කො.මල්ලි තමා හරි..තව ඉඟුරු දෙහි එකට හොඳට තමිබල මී පැනි මුසු කරල බොනව අපි නිතරම සිරප් එකක් වගේ.. එන්නත පස්සෙන්ම යන කීදෙනක් මේ හෙල වෙදකම ගන්නවද රහසින්..
පිටිගල මිලානෝ Wednesday, 20 October 2021 11:33 AM
යුරෝපයේ සහ අනෙක් දියුනු රටවලත් හමුදාව කෝවිඩ් හමුවේ තාවකාලික රෝහල් ඉදිකිරීම, මෘත දේහ ප්‍රවාහනය, හදිසි අවශ්‍යතාව මත ආරක්ශක ඇදුම් කට්ටල ගෙන්වීම ආදී අත්‍යාවශ්‍ය කටයුතුවලට දායක වුන. අමුත් ඔවුන්ට කිසිම බලයක් දීලා තිබුනේ නැහැ කොව්ඩ් පිලිබදව මහජනයාට ප්‍රකාශ නිකුත් කරන්න. ඒ දේවල් සියල්ල කලේ ඒ ගැන මනා දැනීමක් ඇති වෛද්‍ය අංශයි . ඒ නිසයි ඉතාමත් භයානකව මේරටවල් පැතිරුනු කෝවිඩ් රෝගය වේගයෙන් මර්ධනය කරගත්තේ. ලංකාවේ සිදුවන්නේ බල්ලාගේ වැඩේ බූරුවා කිරීමේ සම්ප්රදායයි. පලපුරුද්දක් නැති නූගත් නායකත්වයක් යටතේ මෙසේ සිදුවීම නොවැලැක්විය හැකියි.
hesaWednesday, 20 October 2021 02:15 PM
ඒ කියන පලපුරුද්දක් නැති නූගත් බල්ලොයි, බූරුවොයි තමා ලංකාවේ හැම එකටම පාර ඉදන් කෑ ගහන්නෙ