‘ක්වායි ගගේ පාලම’බි‍්‍රජ් ඔන් රිවර් ක්වායි’ සිනමා කෘතියේ එන ඓතිහාසික ලී පාලම නැවත වරක් කැළණි ගඟ හරහා ඉදි කිරීමට විදුලි බල මණ්ඩලය සැරසේ.
දෙවන ලෝක යුධ සමයේ බුරුමය අත්පත් කරගෙන සිටි (අද මියන්මාරය) ජපාන හමුදා අත්අඩංගුවේ වූ බි‍්‍රතාන්‍යය ජාතික යුද සිරකරුවන් පිරිසක් වටා මෙම චිත‍්‍රපටය ගෙතී ඇත.
චිත‍්‍රපටයේ රූගත කිරීම් කටයුතු බොහෝමයක් සිදුවූයේ බුරුමයේ නොව ශී‍්‍ර ලංකාවේ බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.මෙම රූගත කිරීමේ කටයුතු සිදුවූයේ 1956 - 1957 අතර කාලයේදීය.
එසේ රූගත කළ දර්ශනයන් අතරට චිත‍්‍රපටය අවසානයේ වන ලී පාලමක් මතින් ජපන් සොල්දාදුවන් පටවාගත් දුම්රියක් යන විටදී පාලම පුපුරුවා හැර දුම්රිය පහළින් ගලා යන ගංගාවට ඇද දමන ඓතිහාසික ජවනිකාවද ඇතුළත්ය.
මෙම ජවනිකාව දෙවරක් රූගත කිරීමට චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ ඬේවිඩ් ලීන්ට සිදුවූ බව සඳහන්ය.පළමුවර කැමරාකරුට දර්ශනය පටිගත වන බව අධ්‍යක්ෂකවරයාට දැන්වීමට නොහැකිවීම නිසා නිකරුණේ පාලම විනාශ කෙරී ඇත.ඉන්පසු නැවත වරක් පාලම ඉදිකර රූගත කර තිබේ.
කැළණි ගග හරහා මෙම පාලම ඉදිකෙරුණේ කිතුල්ගල ප‍්‍රදේශයේදීය.අද දවසේ එහි ඉතිරිව කොන්කී‍්‍රට් කණු කිහිපයක් පමණකි.
අද දිනයේ කිතුල්ගල ප‍්‍රදේශය ජල ඔරු කී‍්‍රඩාවේ (වෝටර් රාෆ්ටින්ග්) යෙදීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් අතර ප‍්‍රකටය.ඔවුන් නිසා රජය පසුගිය වසරේ උපයාගෙන ඇති ආදායම ඩොලර් ලක්ෂ 200(රුපියල් කෝටි 262.24) ක් පමණවේ.
නමුත් විදුලි බල මණ්ඩලයේ ජල විදුලි ව්‍යාපෘතියක් නිසාවෙන් ඉදිරියේදී මෙසේ ජල ඔරු ක්‍රිඩාවේ යෙදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි පැවසේ.
විදුලි බල මණ්ඩලය පාලම යළි ඉදිකිරීමට සැරසෙන්නේ ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් ජල ඔරු කී‍්‍රඩාවේ යෙදීමට නොහැකිවීම නිසා කිතුල්ගල ප‍්‍රදේශයට අහිමිව යන සංචාරක ආකර්ෂණය යළිත් එම ප‍්‍රදේශයට දිනා දීමේ අරමුණ ඇතිවය.
‘‘පාලම තිබුණු තැනම ගොඩනගන්න අපට පුළුවන්‘‘ යැයි පවසන්නේ ව්‍යාපෘතිය සම්බන්ධ ප‍්‍රධාන ඉංජිනේරු කමල් ලක්සිරිය.
‘‘අද දිනයේ එතැන පාලමක් නැහැ.කොන්කී‍්‍රට් කණු ටිකක් විතරයි තියෙන්නේ.නමුත් පාලම තිබුණේ කොහොමද කියලා අපි රූසටහන් වගේම ඡායාරූප ආධාරකරගෙන සොයාගෙනයි තිබෙන්නේ.ඒවායේ තියෙන විදිහටම පාලම ඉදිකරන්න අපට පුළුවන්‘‘ යැයි ඔහු වැඩිදුරටත් කියන්නේය.විදුලිබල මණ්ඩලයේ ජල විදුලි ව්‍යාපෘතියට අනුව කිතුල්ගලට කිලෝමිටර ගණනක් ගඟ ඉහළින් වේල්ලක් ඉදිකෙරෙනු ඇති අතර එම වේල්ල නිසාවෙන් ජල ඔරු කී‍්‍රඩාවේ යෙදීමට ඔබින්නේයැයි හදුනාගෙන ඇති දියවැල් 17 ක් විනාශව යනු ඇතැයි සඳහන්ය.
ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට ශී‍්‍ර ලංකා ජල ඔරු පදින්නන්ගේ සංගමය දැනටමත් කටයුතු කර තිබෙන අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙයින් පහර වදින්නේ තමන්ට පමණක් නොව ප‍්‍රදේශයේ ජල ඔරු ක්‍රීඩා කිරීම සදහා පැමිණෙන සංචාරකියන්ට සේවා සැපයීමෙන් දිවි සරි කරගන්නා ජනතාවටත් බවය.
‘‘මෙතන ජල ඔරු කී‍්‍රඩාවේ යෙදීමට පහසුකම් නැත්තන් සංචාරකයෝ එන්නේ නැහැ.‘‘ යැයි එම සංගමයේ ලේකම් පි‍්‍රයන්ත පුෂ්පකුමාර පවසන්නේය
‘‘සංචාරකයින්ගෙන් පාලම බලන්නය කියලා මුදල් අයකරගත්තත් ඒකෙන් ලොකු ආදායමක් බලාපොරොත්තු වෙන්න බැහැනේ.ඒ වගේ දෙයක් නොවේ අපට ඕනේ.පාලම හදන එක කිසිම වැඩකට නැති දෙයක්‘‘ ඒ ඔහුගේ අදහසයි.
එසේනමුත් ඩොලර් ලක්ෂ 820 (රුපියල් කෝටි 1079.284 ) ක වියදමක් දරා පිහිටුවෙන ජල විදුලි ව්‍යාපෘතිය අත්හැරදැමීමට විදුලි බල මණ්ඩලය සූදානම් නැත.දැනටමත් වේල්ලේ සිට ජලය ගෙන යනු ඇති උමං මාර්ගයන් ලහිලහියේ ඉදිවෙමින් පවතී.
පාලමක් ඉදිකළා යැයි කියා පෙර තිබූ සංචාරක ආකර්ෂණය කිතුල්ගලට දිනාගත හැකිවනු ඇතැයි ප‍්‍රදේශවාසීහුද නොසිතන්නෝය.
තත්ත්වයට පිළියමක් ලෙස උදය කාලයේ පමණක් හෝ වේල්ලේ වාන් දොරටු ඇර ගඟ පහළට ජලය ගලා යෑමට සළස්වන බවට විදුලි බල මණඩලය ප‍්‍රකාශ කර ඇතත් එයින් කිතුල්ගල පෙර තිබූ දියවැල් නිර්මානය කළ නොහැකි බව විශේෂඥයින්ගේ මතයයි.
අනෙක් අතට රාතී‍්‍ර කාලයේ වාන් දොරටු සම්පූර්ණයෙන්ම වසා දැමිමට සිදුවන බව විදුලි බල මණ්ඩලයම පිළිගෙන තිබේ.මෙනිසා ජල ඔරු ක්‍රිඩාව සිදුවන ගඟ ප‍්‍රදේශය රැයේදී සම්පූර්ණයෙන්ම වියැළෙනු ඇත.
සංචාරකයන් මේ සම්බන්ධයෙන් දරන්නේ හොඳ නරක යන දෙකම මුසු අදහස්ය.ඇතැමෙක් ක්වායි ගගේ පාලම නැවත ඉදිකිරීම දැක බලා ගැනීමට ඉතා කැමැත්තෙන් පසුවෙති.තවත් අය කිතුල්ගල ජල ඔරු ක්‍රීඩාවේ පෙර පරිදි නිරත වීමට නොහැකි වනු ඇතැයි දුක්වෙති.උදෑසනට පමණක් ජලය ඇති රැය වන විට ජලය නැති තැනක ජල ඔරු ක්‍රීඩාවේ යෙදී ඵලක් නැතැයි ඔවුහු කියති.
(ඡායාරූප - ඒඑෆ් පී ප්‍රංශ පුවත් සේවය)












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් මේ චිත්‍රපටිය තුන් වතාවක් බැලුවා. (නි)
කැළණි ගඟේ ලක්ෂපාන,පොල්පිටිය පිටවන ජලය මඟින් තව විදුලි බලාගාරයක් හදන එක හොඳයි. (නි)
මේකෙන් සංචාරකයෝ ගොඩක් විනෝද වුණා. ඒත් මෙහෙම ගියොත් ඒ පැත්තේ සංචාරක ව්‍යාපාරයට සෑහෙන පහරක් වදීවි. (නි)
මම දන්නා තරමට මෙම චිත්‍රපටයේ අන්තිම දර්ශනය රූගත කරන එක බලන්න වෙනම පීඨිකාවකුත් හැදුවා කියලා කියනවා. (නි)
මම අහලා තියෙන විදිහට ඒ ලි පාලම හදලා තියෙන්නේ මහනුවර හල්ලොලුවේ වඩුකර්මිකයෝලු. අදටත් ඒ වගේ දක්ෂ ය එහෙ ඉන්නවා (දිල්)
මෙතන තියෙන්නේ බොරුව බොරුවෙන් වැසීමක් නොවේද? මෙම විදුලි බල ව්‍යාපෘතිය නිසා ලංකාවේ තිබෙන සුවිශේෂී සංචාරක ආකර්ෂණයක් අහිමිවෙනවා. ලී පාලමකින් එය නැවත අද්දවාගන්න බැහැ. ශ්‍රී ලංකාවේ මෙම බෝට්ටු ක්‍රීඩාව සඳහා තිබෙන එකම ස්ථානය මෙය පමණයි. මෙය ලෝකයේ මෙවන් ස්ථාන අතරිනුත් ඉහළම පිළිගැනීමක් තිබෙන තැනක්. පුහුණු නුපුහුණු ඕනෑම අයෙකුට අනතුරු අවමව උපරිම ත්‍රාසය ලබාගත හැකිතැනක්. පාලම ඉදිකිරීම හොඳයි. නමුත් නැතිවන ජාතික සම්පතේ පාඩුව පිරිමැසිය නොහැක. (නි)
ඩොලර් මිලියන 80 ක විදුලි බල ව්‍යාපෘතියක්. එහෙනම් ඉන්දියාවටත් විදුලි බලය දෙන්න පුළුවන් වෙයි. ඉස්සරහට විදුලි බිල එහෙම ගොඩක් අඩුවෙයි මගේ හිතේ. කාවද මේ රවට්ටන්නේ. (නදී)
දය අලහකෝන්, එම චිත්‍රපටයේ වීඩියෝ පටය මා ළඟ තිබෙනවා. (නි)
අපි නොදන්නා විදුලි බලේ! (නි)
ඉතාමත් අගය කළයුතු දෙයකි (නි)
ඒ ජල සම්පතත්, ඒ ගඟත්, ඒ මනරම් ක්‍රීඩාවත් විනාශයි එහෙනම්. තව මොනවද විනාශ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? ඒවත් විනාශ කරන්න (නි)
මොකක්ද අගය කළ යුතුවන්නේ? අපිට ඉන්න කියලා රටක් නැතුව යනවා (නි)
අපි නොදන්නා දේවල් තව කොච්චර නම් ඇද්ද? (නි)
බන්දුල පෙරේරා කියන දේ ඇත්ත තමා (නි)
මේ චිත්‍රපටිය දැන් ලංකාවේ තියෙනවද? රූපවාහිනියෙන් පෙන්වනවා නම් හොඳයි. (ස)
අය්යෝ කවුද මේක යෝජනා කලේ? වෝටර් රාෆ්ටින්ග් වලට එන මිනිස්සුන්ට පාලම මොකටද? පොඩි පොඩි හෝටල් වලට මොකද වෙන්නේ? පවු. (ස)
දෙයියනේ මේ ගඟ බලන්න ආපු අයගෙන් විතරක් ඩොලර් මිලියන 20ක් ලැබුණ නම් බඩු මිල කොහොම අඩු කරන්න පුවන්ද ? මේ සල්ලි වලට මොකද දෙයියනේ වෙන්නේ. අපි මෙහෙ හාමතේ මැරෙනවා. වේලක් හොදට කෑවොත් ඊලග වේල කන විදිහ ගැන හිතනවා. (ස)
විදුලිබල ව්‍යාපෘතිය කෙසේ වෙතත් පාලමක් හැදිල්ල නම් මහා විකාර අදහසක්. (ස)