IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදී කවුරුත් උදව් කළේ නැහැ

2016-08-14-ent-01

යොවුන් රංගන ශිල්පිනියක ලෙස මේ වන විට බොහෝ රසික පිරිසකගේ ආදරය දිනා සිටින තේජා නදිශානි සමගින් අද "සාරවිට" තරු කතාබහ අරඹන්නට අපි සුදානම් වුණෙමු. මේ වන විට ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වී ඇති තේජා ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණ බොහෝමයකින් ඔබට දැක ගැනීමටද හැකියාව පවතී.

 

තේජා නිළියක් වුණේ කොහොමද?

2016-08-13-ent-05මීට අවුරුදු දෙකකට පෙරදී කෙටි චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. "ෆේස්බුක්" සමාජ ජාලය හරහා හඳුනා ගැනීමකදී තමයි ඒ කෙටි චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසක් කරපු කෙටි චිත්‍රපටයක් ඒක. නම "සන්තාපය". ඒ හරහා තමයි රංගනය පැත්තට යොමු වුණේ.

 

ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වුණේ?

කෙටි චිත්‍රපටය දැකලා මට කතා කළා "මිණිමහිම" කියන ටෙලි නාට්‍යයට. ඒක විකාශය වුණේ ස්වාධීන රූපවාහිනී නාළිකාවේ. එම ටෙලි නාට්‍යය හරහා තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසියේ.

 

දැනට රඟපාලා තියෙන ටෙලි නාට්‍යය මොනවද?

"මිණිමහිම" ටෙලි නාට්‍යයට පස්සෙ, "ඇසිඩ්", "උතුම් පැතුම්", "ටී20", "හංස පිහාටු", "සෙල්ෆි", "කළු කුරුල්ලෝ" ටෙලි නාට්‍යවල රඟපෑවා. මේ ටෙලි නාට්‍ය ඔක්කොම දැනට විකාශය වෙලා අවසන්. ඉදිරියේදී මාව දකින්න පුළුවන් "සියපත් වසන්තය", "පිටස්තරයෝ", "දොන් රොබින්" ටෙලි නාට්‍යය තුළින්.

 

තේජා මිනිස්සු අතර වැඩිපුර කතා බහ වුණේ?

මගේ පළමු ටෙලි නාට්‍යය "මිණිමහිම" ටෙලි නාට්‍යයේ "සුලේකා", "හංස පිහාටු" ටෙලි නාට්‍යයේ "ශාලිකා" වගේම මේ දිනවල විකාශය වෙන  "කළු කුරුල්ලෝ" ටෙලි නාට්‍යයේ "බබී" කියන චරිතයට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා.

 

පුංචි කාලේ ඉඳලා මේ ක්ෂේත්‍රයට ආස කළාද?

නැහැ. මේක මගේ පුංචි කාලේ හීනයක් නෙවෙයි. අහඹු සිදුවීමක් මත තමයි රංගනය පැත්තට යොමු වුණේ. වාණිජ විෂය හරහා තමයි මම උසස් පෙළ විභාගයට පෙනී හිටියෙ. ඊට පස්සෙ මගේ ව්‍යාපාරයක් කළා. ඒත්, අද මම රංගන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්‍රයට සම්බන්ධවෙලා වැඩ කරනවා.

 

ඒ කියන්නේ දැන් වෘත්තිය වෙලා තියෙන්නේ රංගනයද?

ඔව්, මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. දැනට මගේ තියෙන ලොකුම හීනේ තමයි මේ ක්ෂේත්‍රය තුළ හොඳ සාර්ථක ගමනක් යන එක.

 

මොනවද ඉලක්ක තියෙන්නේ?

ඉක්මනින්ම සම්මානයක් ලබාගන්න එක තමයි මගේ පළමුවැනි ඉලක්කය. ඊට පස්සේ සිනමාවට සම්බන්ධ වෙලා හොඳ නිර්මාණයකට දායක වෙන එක. ඒ වගේම මගේ ව්‍යාපාරයත් හොඳින් කරගෙන එය දියුණුවට පත් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

 

අලුත් අයට මේ ක්ෂේත්‍රය මොන වගේ තැනක්ද?

අලුත් අය කියලා නැහැ අපි පිළිවෙළට හරියට තේරුම් අරන් මේ වෘත්තිය කරගෙන යනවා නම් අපිට හිමි තැන ඉබේම ලැබෙනවා. මොකද අද මේ ක්ෂේත්‍රය තුළ ඉන්න ගොඩ දෙනෙක් බුද්ධිමත් වගේම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් පිරිසක්.

 

ටෙලි නාට්‍යවලට විතරද දායකත්වය දීල තියෙන්නේ?

නැහැ, ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වලටත් දායක වෙලා තියෙනවා. මා දායක වුණ ගීත රූප රචනා දෙකක් ඉදිරි මාසයේදී තිරගත වෙන්න නියමිතයි. "ඩයලොග්", "අබාන්ස්", "හැටන් නැෂනල්", "ලිට්රෝ", "මොබිටෙල්" වෙළෙඳ දැන්වීම් වලට මම දායක වෙලා තියෙනවා.

 

ක්ෂේත්‍රය තුළදී උදව් කළ අය?

ක්ෂේත්‍රයට මම සම්බන්ධ වුණ මුල් කාලයේදී නම් මට කවුරුත් උදව් කළේ නැහැ. ඒත්, මම යම් නිර්මාණයකට දායකත්වය සැපයුවා කියලා දැනගත්තහම ගොඩක් අය උදව් කළා. ඒ වගේම මගේ පවුලේ අය නිරතුරුවම මට උදව් කළා. තිශූලදීප තඹවිට, ජයප්‍රකාශ් සීවගුරුනාදන්, තිළිණ බොරලැස්ස, චාමර ජනරාජ් යන අධ්‍යක්ෂවරුන්ව විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන.

 

බුද්ධික සේනාධීර 

 

2016-08-13-ent-04
2016-08-13-ent-03
2016-08-13-ent-02



අදහස් (0)

ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදී කවුරුත් උදව් කළේ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 573 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 666 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 370 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 263 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1077 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 913 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site