IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ක්‍ෂේත්‍රයට මුලින්ම එන්නෙ ෆේස්බුක් නිසා

2016-12-22-ent-122

නිරන්තරයෙන් දැන්වීම්වල සහ ගීත රූප රචනාවල දක්නට ලැබෙන ඇය මේ වනවිට නිවේදිකාවකි. නිරූපණය තුළින් ක්‍ෂේත්‍රයට පැමිණි ඇය, මියුසික් වීඩියෝ තුළින් ජනප්‍රියත්වයට පත්වූ අතර, මේ දිනවල සිරස රූපවාහිනිය තුළ නිවේදිකාවක ලෙසද කටයුතු කරන්නීය. ඇය නමින් ෂෙහානි විජේතුංගය. ඇයත් සමග "අද" කළ කතාබහකි මේ...

 

මේ දිනවල නිවේදනයෙන් සහ නිරූපණයෙන් කාලය ගෙවෙන්නෙ කොහොමද?

2016-12-22-ent-121නිරූපණය පැත්තට වඩා නිවේදනය කටයුතු තමයි මම වැඩිපුරම කරන්නෙ. මම මේ දවස්වල රියැලිටි වැඩසටහනක් ඉදිරිපත් කරනවා. ඒ තමයි "කෝටියක් වටිනා අදහසක්" කියලා. ජනවාරි දෙවැනි සතිය වෙද්දි එකේ අවසන් තරගය පවත්වන්න කියලා තමයි ඔවුන් සැලසුම් කරලා තියෙන්නෙ. ඒ පටිගත කිරීම් එක්ක සහ වෙළෙඳ දැන්වීමකුත් කළා. දැන් ඒවා ප්‍රචාරය වෙනවා. තව මියුසික් වීඩියෝ දෙකක් කළා. ඒවත් ජනවාරි මාසය වෙද්දි දකින්න පුළුවන් වෙයි.

 

කාලයක් වෙනවානෙ ක්‍ෂේත්‍රයට ඇවිල්ලා. ඉතිං කොහොමද එහි අත්දැකීම්?

අලුතෙන් මම කරන වැඩසටහනත් එක්ක මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම මෙතෙක් කල් කළේ සජීවී වැඩසටහන්මයි. මේ කරන රියැලිටි වැඩසටහනත් එක්ක ගොඩක් දේවල්වලට මුහුණදෙන්න පුළුවන් වුණා. අපි කන්ටෙස්ට්ලාගේ ගෙවල්වලට ගියා. ඒ මිනිසුන්ගේ ජීවිතවල තියෙන අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්තා. තව ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. මම හිතනවා ඒ දේවල් මගේ නිවේදන කටයුතු සහ අනෙකුත් දේවල්වලට රුකුලක් වෙයි කියලා.

 

නිරූපණය සහ නිවේදනය සමබරව කරගෙන යන්න පුළුවන්ද?

මම හිතන්නෙ ඒක ටිකක් අමාරුයි කරන්න. මොකද මම අධ්‍යාපන කටයුතු මේ වෙද්දි ඉවර කරලා තිබුණනම් මට සම්පූර්ණ කාලය යොදවන්න තිබුණා, නිරූපණය සහ නිවේදනය සඳහා. මම තාම අධ්‍යාපන කටයුතුත් කරන නිසා ටිකක් අමාරුයි කාලය කළමනාකරණය කරගන්න.

 

ඒ කියන්නෙ ඉගෙනීමේ කටයුතු අවසානද නැද්ද?

තාම අවසන් වෙලා නැහැ. හැබැයි මම තුන්වැනි වසරේ තමයි ඉන්නෙ. ඒ වැඩ ටිකත් ඉවරකර ගන්න පුළුවන් වෙයි කියලා තමයි මම හිතන්නෙ. අධ්‍යාපනය කටයුතුත් සමග රංගනය සහ නිරූපණය කියන කටයුතුත් එක්ක වෘත්තීය වශයෙන් කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නෙ? මම වෘත්තීය වශයෙන් නිවේදිකාවක් වෙන්න හිතලා තිබුණෙ නැහැ. මම හිතනවා මේ ලැබෙන අවස්ථා එක්ක සහ මම කරන වැඩත් එක්ක මාව ගොඩක් දෙනෙක් දන්නෙ නිවේදිකාවක් විදිහට. ඉතිං මම නිවේදිකාවක් විදිහට කටයුතු කරනවද නැත්නම් රංගන ශිල්පිනියෙක් විදිහට කටයුතු කරනවද කියලා තාම හිතල නැහැ.

 

දායක වන නිර්මාණය සහ ඒ සඳහා ඇති කැමැත්ත?

දැනටමත් සමහර නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. හැබැයි මම තෝරගන්නෙ මට පුළුවන් සහ මට ගැළපෙන දේවල් විතරයි. ඒ නිසා මම හිතනවා මට ගොඩක් දේවල් මගහැරෙනවා. ඒ මගේ රුචිකත්වයට නැති දේවල් නිසායි. ඒ මොකද ඒ දේවල් පිළිබඳව මගේ කිසිදු කැමැත්තක් නැහැ. ඒ දේවල් කළා නම් මට මීට වැඩිය මුදල් හොයන්නත් තිබුණා. මීට වැඩිය ජනප්‍රිය වෙන්නත් තිබුණා. මම මාධ්‍ය කරන්න පටන් ගත්තෙ විනෝදාංශයක් විදිහටයි. ඒකේන් මට ලැබුණෙ ආත්මතෘප්තියක්. මට බලාපොරොත්තුවක් නැහැ ඒ දේවල්වලින් මුදල් උපයන්න. මම විශ්වාස කරනවා එහෙම මුදල් උපයන්න පෙළඹුණොත් තමයි අපි අපේ ආත්ම ගරුත්වය ගැනවත් හිතන්නෙ නැතුව එකඑක දේවල් කරන්න පෙළඹෙන්නෙ කියලා.

 

ඔබ සමාජ වෙබ් අඩවිවල නිතර දකින චරිතයක්? මෙහිදී කෙනෙකුගේ චරිතයට යම්කිසි හානියක් වෙන්නෙ නැද්ද?

සාමාන්‍යයෙන් හොඳට ඉන්න කෙනෙක්ට සමාජ වෙබ් අඩවිවලින් බොරු කතා ගොතලා දානවා මම දැකලා නැහැ. සමහර වෙලාවට වෙන වෙලාවලුත් ඇති. නමුත් මට එහෙම කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. ලංකාවේ ඇතුළෙ සමහර දේවල්වලදී සමාජ වෙබ් අඩවි භාවිත කරන විදිහ වැරදි. ඒක් ඕවර් යනවා කිවුවොත් තමයි හරි. නමුත් මේ ක්ෂේත්‍රයට මුලින්ම එන්නෙ ෆේස්බුක් නිසා. මගේ ෆොටෝස් දැකලා මට මියුසික් වීඩියෝවක් හම්බවෙන්නෙ. ඒ දේවල් හරි විදිහට යොදාගත්තොත් ජීවිතයට වරදින්නෙ නැහැ. දැනටත් මගේ රසිකයන් මාත් එක්ක එකතු වෙන්නෙ මේ ෆේස්බුක් හරහායි. මං ගැන ඒ අය හිතන දේ, මම කළයුතු දේවල් සහ නොකළ යුතු දේවල් වැනි ගොඩක් දේවල් මේ අය මාත් එක්ක ෆේස්බුක් සමග සම්බන්ධ වෙද්දි කියනවා. මම හිතන්නෙ සමාජ වෙබ් අපි අයින් කරන්න ඕනෙ නැහැ. ඒකෙන් හානිවෙනවා වගේම හොඳ පැත්තකුත් තියෙන්න පුළුවන්. ඒක තෝරලා බේරලා හරිදේ කරන්න හැමකෙනාටම බුද්ධියක් තියෙනවා. ඒ නිසා හරි විදිහට භාවිත කළා නම් හරි.

 

දායක වූ වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ ගැන කිවුවොත්?

මම දැනට "ටියාරා" වෙළෙඳ දැන්වීමක් සඳහා දායක වුණා. ඒක ප්‍රචාරය වෙයි. "කෝටියක් වටිනා අදහසක්" කියන වැඩසටහනත් එක්ක ටීවී දැන්වීමක් කළා. ඊට පස්සෙ සිරස සුපර් ස්ටාර් වුණු පියත් රාජපක්ෂගේ ගීතයක් සඳහා දායක වුණා. තවත් මියුසික් වීඩියෝ කිහිපයක් සඳහා දායක වුණා.

 

ඉදිරි බලාපොරොත්තු?

ඉදිරි බලාපොරාත්තු කියන්නෙ වෙන්නෙ 2017 අවුරුද්ද ගැනණෙ. නමුත් මට එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. නමුත් මම මුලින්ම කැමැති මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරන්න. මම අනික් දේවල් එක්ක කාලය බෙදාගනිද්දි ටිකටික මගේ ඉගෙනීමේ කටයුතු පස්සට ගිය වෙලාවල් තිබුණා. මං කැමැති අධ්‍යාපනය‍ට මූලිකත්වයක් දීලා බොහොම ඉක්මනට ඒ කටයුතු ඉවර කරන්නයි. ඊට පස්සෙ මට තීරණය කරන්න පුළුවන් කොහොමද මම රැකියාව කරන්නෙ කියලා. තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න තමයි මම කැමති. ඒ නිසා ඒදේත් කරන ගමන් නිරූපණය නිවේදනය කියන දේවල් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-12-22-ent-120
2016-12-22-ent-119
2016-12-22-ent-118
2016-12-22-ent-117
2016-12-22-ent-116
2016-12-22-ent-115
2016-12-22-ent-114
2016-12-22-ent-113
2016-12-22-ent-112
2016-12-22-ent-111



අදහස් (0)

ක්‍ෂේත්‍රයට මුලින්ම එන්නෙ ෆේස්බුක් නිසා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1760 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 798 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1027 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 618 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site