(රංජන් කස්තුරි)
නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය රුපියල් කෝටි 125ක් රජය මගින් කපා හැර තිබේ.
එම කාන්තාවන් ලබාගෙන තිබූ ණය රජය මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ගෙවා ඇති අතර එම ගෙවූ බවට සහතික පත්‍රයක් කාන්තාවන්ට ලබාදීමට පියවර ගෙන ඇත.
ඒ අනුව කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කවල කාන්තාවන් 300කට ණය නිදහස් කිරීමේ සහතික පත්‍ර ලබාදීම 14 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්වේ.
නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් පරිභෝජනය නොවන කටයුතු සඳහා ලබාගත් රුපියල් ලක්ෂයකට අඩු ණය මෙලෙස කපා හැර ඇත.
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ක්ෂුද්‍ර මූල්‍ය ණය කෝටි 125ක් කපා හැරේ
lanka Tuesday, 12 February 2019 01:35 PM
ඉතාමත්ම හොඳ ක්‍රියාවක්. නමුත් නියත වශයෙන් කල යුත්තේ, මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කොට ඔවුන් විසින් ගිනි පොලියට ණය දී මිනිසුන් සුරා කෑම වලක්වීමයි.
prabha Tuesday, 12 February 2019 04:18 PM
හොද වැඩක් නමුත් සුළු ජාතික ඡන්ද බලාගෙන කරන වැඩක් වගේ පෙන්නේ. සැමටම සාධාරණයක් වෙන වැඩ පිළිවෙලක් ගෙනාවොත් නරකද?
winith Tuesday, 12 February 2019 04:41 PM
උතුරේ අයට විතරයි.. ඒත් මම බැලුවා මොකෝ මේ අනුකම්පාව කියලා..
කන්ජිපානි ඉම්රාන් Wednesday, 13 February 2019 01:52 AM
දකුණේ සිංහල ඉස්කෝලවල දෙමළ උගන්වනවා,උතුරේ -සිංහල උගන්වන්නේ නැහැ .උතුරේ ගංගා මෝය කටෙන් වැලි ගොඩ දැම්මොත් නීති විරෝදී නැහැ දකුණේ එහෙම කරන්න බැහැ මේක තමයි අවංක වික්‍රමසිංහ ගේ සංහිඳියාව.නය ගෙව්වොත් චන්දෙ හම්බෙන්නේ දකුණේ,උතුරේ ඉන්නේ ගුණ මකුවෝ
KANDEPOLA Wednesday, 13 February 2019 02:40 AM
අසරණ මිනිස්සුන්ගේ ණය ගෙවලා දැන් එක හොඳයි. නමුත් ඔය වැඩේ කොච්චර කල්, කී වතාවක් කරන්නද ? කල යුතු දේ, ලබා ගන්න ණය වෙලාවට ගෙවිය හැකි ආර්ථිකයක් මේ රටට ඇති කිරීමයි. එතකොට හැමෝම ණය ගනියි, වෙලාවට ගෙවයි.
Sanath KandyWednesday, 13 February 2019 04:01 AM
මේ මිනිස්සු ණය ගන්නේ විශේෂයෙන් ගොවිතැන් කටයුතු වලට. නියගයෙන් වගාවන් විනාශ උනාම කොහොමද මේ අය ආපහු ණය ගෙවන්නේ. රටක ආණ්ඩුවක් තියෙන්නේ මේ වගේ මිනිස්සු ආපදාවකට ලක් උනාම සහන සලස්වන්න තමයි. අපි විරුද්ධ වෙන්න ඕන දේශපාලකයනට සුකොපභෝගී ජිවිත ගත කරන්න ජනතාවගේ බදු මුදල් වලින් යාන වාහන, දීමනා, රට සවාරි ලබා දෙමින් කරන නාස්තිකාර වියදම් වලට. නැතුව මේ අසරණ මිනිස්සුන්ට සහන දෙනවට නෙවෙයි.
දිලුම් Wednesday, 13 February 2019 03:18 AM
උතුරේ හා නැගෙනහිර විතරලු මිනිස්සු ණය අරන් තියෙන්නේ. . රටත් කාල අපිත් කාල උන් විතරක් වැජඹෙනවා. දෙමලගෙ ණය ගෙවන්නත් අපි බදු ගෙවන්න ඕන. සිංහලයා උන්ට බදු ගෙවල සිංහලයාගේ ණය ගෙවන්න තෙනෙක් නෙතුව බෙල්ලෙ වැල දාගෙන එල්ලෙන්න ඕන. මෙහෙමත් සිංහල කාලකන්නි පාලකයො.
මාවිල්මඩ වජිර හිමි Wednesday, 13 February 2019 03:51 AM
ඔබගේ අදහස් ගැන ලැජ්ජයි දිලුම්. හැම දෙකටම ජාතිවාදය ඇදල ගන්න එපා. මේ පුවතේ පැහැදිලිවම කියනවා දිස්ත්‍රික්ක දොළහක කියලා. ඒ කියන්නේ උතුරු පළාතේ විතරක් නෙවෙයි. ලොකුම වාසිය ලැබෙන්නේ රජරට පළාතේ කාන්තාවන්ට. මේ ආණ්ඩුව කාලෙකට පසුව දුප්පත් ජනතාව ගැන සිතා ගත් ඉතා හොඳ තීරණයක්.
Sriyantha Gunaratne Wednesday, 13 February 2019 05:19 AM
උත්සවයට වියදම , එම පිරිස ගත්තු ණය වලටත් වඩා වැඩි වෙයි ..
samantha Wednesday, 13 February 2019 05:34 AM
දැන් කරන්න තියෙන්නේ මේ ක්ෂුද්‍ර මුල්‍යය සමාගම් නියාමනය කරන එක . ඒ සමාගම් කල යුත්තේ ව්‍යාපාර වලට ණය දීම මිස පරිබෝජනයට ණය දීම නොවේ.
Kapila Wednesday, 13 February 2019 06:47 AM
ණය නිදහස් කරනවා කියන්නේ රජයෙන් එම ණය ගෙවලා දාලා ඒ බරත් පොදු මහජනයාට දෙන එක. කරන්න ඕන ක්ෂුද්‍ර මුල්‍ය ක්‍රමවේදය හදන එකයි.
Bamunuarachchi Wednesday, 13 February 2019 04:11 PM
මෙය රටේ බදු ගෙවන ජනතාව බිල්ලට දීලා ඡන්ද රැස් කරන ව්‍යාපාරයක්.
Rohana Thursday, 14 February 2019 09:22 AM
කපාහරින ණය ප්‍රමාණයේ වටිනාකම අදාල මූල්‍ය ආයතනවලට රජයෙන් ආපසු ගෙවනවා. එතකොට එම ආයතනවලට සිදුවන පාඩුව අවමයි. ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩුවෙද්දීත් ඊයේ, පෙරේදා තෙල් මිල වැඩිකළේ බදුවලින් එම අරමුදල් සපයාගන්න නේද?