කොස්ගම සාලාව ගින්නෙන් හානියට පත් ගෙවල් හා කම්හල්වලට අද පවතින මිල අනුව වන්දි ගෙවීමට තීරණය කළ බව සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එච්.සී. බණ්ඩාර මාපා මහතා කියයි.
යුද හමුදා ඉංජිනේරු බළකා හමුදාව මගින් කැඩුණු නිවෙස් සාදා ගැනීමට කැමති අයට ගෙවල් සාදා දෙන බවත් එසේ අකමැති අයට වන්දි දෙන බවත් අද පැවැති සාකච්ඡාවකදී තීරණය විය. ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහත්වරුන් සමග පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගැනිණි.
අලාබ හානි වූ කම්හල් සම්බන්ධයෙන් ජනපති හා අගමැති තීරණයක් ගනු ඇතැයි ප්‍රාදේශීය ලේකම් කීවේය.
රජයේ තක්සේරු නිලධරයන් 70 දෙනකු පමණ සමග සෙනසුරාදා එම දේපොළ තක්සේරු කිරීම අරඹන බවත් මාපා මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හොඳ වෙලාව නිවාස නවීකරණය කරගන්න. (නි)
මේක විහිළුවක් කර ගන්න එපා..ඒ මිනිස්සුන්ට විපතක් වුන නිසයි වන්දි ගෙවන්නේ..නැතුව ඒ මිනිස්සු ඉල්ලලා නෙවෙයි..(හේ)
ගෙවල් විතරක් හදලා මදි ඒ ගෙවල් වල බඩු මුට්ටුත් හදලා දෙන්න.(හේ)