මාංශ පේශි වර්ධනය නොවීමේ දුර්ලභ රෝගයෙන් පෙළෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා වාණිජ්‍ය පීඨයේ පළමු වසරේ කසුන් චාමර ශිෂ්‍යයාට ලැප්ටොප් පරිගණකයක් අද කොළඹ මහානාම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පරිත්‍යාග කැරිණි. ශ්‍රී ලංකා සෙනෙහස පදනම මගින් මෙම පරිත්‍යාගය කෙළේය. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා ප්‍රධාන ආරාධිතයා විය. සෙනෙහස පදනමේ අනුශාසක ගලගම ධම්මරාංසි, එහි සභාපති ඉතෝ කියො යන හිමියෝ ද අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද ඊට එක් වූහ.
ලංකාදීප එසැණ පුවත් ඇතුළු සියළු මාධ්‍යවලින් අපේ පුතාගේ ධෛර්‍යය ගැන ලොකු ප්‍රචාරයක් ලබා දුන් නිසා දැන් පුතාට ලෝකේ හැම තැනින්ම කථා කරලා උදව් කරන්න සූදානම් කියල තියනවා. ඒක අපිට ලොකු හයියක් හැමටම ස්තූතිවන්ත වෙනවා. කසුන් චාමර ගේ මවුපියන් වන මංගලිකා රාජපක්ෂ සහ කේ.ඒ. පියසිරි යන දෙපළ පැවැසූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නබිල්, ෆේස්බූක් නෙවෙයි මොන දේ වුනත් වැරදියට යොදා ගත්තොත් තමයි හානියක් වෙන්නේ. ගූගල් එක වුනත් වැරදි දේවල් වලට යොදා ගන්න පුළුවන්. ඒකනේ අරාබිකරයේ ගූගල් වලටත් සීමා පනවලා තියෙන්නේ. නමුත් ඔය මොන සීමාවල් දැම්මත් බලන්න ඕනි කෙනා ඒ සයිට් වලට යනව. අනික කැම්පස් එකක් කියන්නේ පරිඝණක , ඉන්ටර්නෙට් නැති තැනක් නෙවෙයිනේ. ඒ නිසා මේ ළමයාට ලැප්ටොප් එකක් දුන්නා කියලා ඔයා බයවෙන්න එපා. ඒ ළමයා හොද නරක දන්න කෙනෙක්. (ස)
දේශපාලනය සම්බන්ධ නොවුනානම් මේ උත්සවය කොච්චර ලස්සනද ? (ස)
නියමයි..(ස)
අගය කල යුතු වැඩක් ......ගොඩක් පින් (ස)
ගොඩක් හොඳ වැඩක් (ස)
මේක හරිනම් දෙන්න තිබුණේ ඇමතිතුමාගේ වියදමින්. කමක් නැහැ. කොහොමහරි දරුවට යමක් ලැබුණනේ. (නි)
සෑම විටම ජනතා සේවයට කැපවූ ලංකාදීපයට තුති මල මිටක්.. සතුටුයි සෙනෙහස පදනමට පිං.. මේ දාලා තියෙන අයගේ අදහස් වලින්ම තේරෙනවා ජනතාව හිතන විදිය..!(නු)
මේ වගේ පුද්ගලයින්ට රැකියාවක් ලැබේවිද ??? (ස)
දන් ඉතිං පටන් ගනියි ෆේස් බුක් යන්න. (නි)
අපේ මේ ඇමති තුමන්ලාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනි මේ වගේ පින්කම් කරන්න (ස)
මල්ලිට හොඳට ඉගෙන ගන්න ලැබේවා .(ස)
කොයි දේ කරත් හරහට හිතන පිරිසක් ඉන්නවනේ ,තමන්ට බැරි දේ කවුරු කරත් හොඳ දෙයක් නම් අගය කල යුතුයි (ස)
නබිල් මෝඩයෙක් වගේ. ඇයි මේ මල්ලි ෆේස් බුක් ගියා කියලා ඔයාට මොකද ? ඇයි එයාට සමාජ ආශ්‍රය හොඳ නැද්ද? අනිත් අයට ඊර්ෂියා කරන්න එපා (ස)
මේ අහිංසක සිසුවා දිරිමත් කිරීම අගය කරනවා , ඒත් ඔහු වෙළඳ භාණ්ඩයක් කර ගන්න එපා (ස)
හරි වටිනවා
කසුන්ගේ රෝගී තත්ත්වය ගැන බලන්න සෞඛ්‍ය ඇමතිට ඉදිරිපත් වෙන්න බැරිද? (නි)
මෙහේ නම් වියදම් කරපු කෙනගෙ නමවත් කියන්නෙ නෑ. අපේ රටේ වෑඩියෙන් තියෙන්නේ බොරු ශෝභන.(ස)
හොද වැඩක්
ජයවේවා
කසුන් ඔබට සුබ පතනවා (ස)
උතුම් වැඩක්
ලොකු පිනක්. තව උදවු දෙන්න. (නි)
සෙනෙහස හොඳයි , පරිත්‍යාගය හොඳයි , මේ ළමය ඕය තැනට අවේ නිදහස් අධ්‍යාපනය නිසා, සල්ලි ගෙවල කවදාවත් ඔය දරුවට කැම්පස් යන්න ඉගෙනගන්න වෙන්නේ නැහැ, ඒත් මොකටද නිදහස් අධ්‍යාපනය නැති කරන්න හදන අයත් මෙතනට ආවේ (ස)
අගය කළ යුතු වැඩක්. (නි)
අයියෝ! ලැප්ටොප් එක දෙන්නේ ඔය පැත්තට හරවලා නෙමෙයි. (නි)
උතුම් ක්‍රියාවක්! මනුස්සයාට පිහිට වන්න අවශ්‍ය මනුස්සයාමයි. ශාරීරික ශක්තිය ඉක්මවා ගිය මහා යෝධ ශක්තියක් මිනිස් හිතකට තියනවා. කසුන් ඒ බව ඔප්පුකර තිබෙනවා. කය නිරෝගී වුණත් මනස නිරෝගී නොවන්නේ නම් ඔහු තමන්ට පමණක් නොව මුළු සමාජයට විපත්තිදායක රෝගියෙක් වෙන්න පුලුවන්. තමන්ගෙ වීර්යෙන් ආත්ම ශක්තියෙන් වැඩනොගෙන හැමදේම දෙවියන්ට පවරා බලා සිටින හැමට කසුන් හොද ආදර්ශයක්. කර්මය වුණත් උත්සායෙන් වෙනස්කළ හැකි බවත් ඔහු රාහුගෙන් මිදුණු සදු මෙන් ලොව බැබලෙන බවත් බුදුන්වහන්සේ දේශනාකළේ මේ නිසයි. ඔබට බුදු සරණයි! (නි)
කොහොම වුණත් අපේ රටේ මනුස්සකම තවමත් තියෙනවා. ඔබ හොදට ඉගෙනගෙන රටට වැඩදායක පුරවැසියෙක් වෙන්න බලන්න. (නි)
කසුන්, ඔබට සුභ පැතුම්! උත්සාහය අත් නොහරින්න. (නි)
ඉතා හොද දෙයක්. (නි)
මේ වගේ අවස්ථාවකට ඇයි මේ අයත් ගෑවුනේ (ස)
ලැප් ටොප් එකක් දුන්න එක නම් හොදයි. ඒත් ඇමතිතුමන්ලා ගෙන්වන්න කොච්චර වියදමක් යන්නත් ඇද්ද? (නි)
කරුණාකර ඔහුගේ බැංකු ගිණූම් අංකය පළකරන්න. (නි)
ලංකාදීප වාර්තාකරු තෙළිතුඩින් කළ මෙහෙයට මල් මිටක්! (නි)
අනේ වාසනාවන්. ලංකාවේ මීඩියා වලට ගොඩාක් පින්. (නි)
මේ වගේ ප්‍රවෘත්තියක් දකින් ලැබීමත් සතුටක්. පරිගණකය අරන් දුන්න/දායක වුණ කෙනෙක්ම අතින්ම ලබා දුන්නා නම් තමා වටින්නේ. (නි)
ලොකු පිනක් කවුරු කළත්... (නි)
හොඳ දෙයක්. ශ්‍රී ලංකා සෙනෙහස පදනම නම් දෙන්නේ ඇයි මේ දේශපාලනය මේකට ගාවා ගත්තේ? (නි)
ඇමතිතුමෝ මෙයට විදුලියෙන්ක්‍රියාකරන රෝද පුටුවක් වත් පරිත්‍යාග කරලා මාධ්‍යවලට ආවනම් හොදයි.. (නු)
වැඩේ නම් ඉස්තරම්. ඒත් මොකටද මේ දේශපාලනයක් ගාවාගත්තේ? (නි)