සීගිරිය අභය භූමියේ ගල්ලි ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක නිධානයක් තුළ කාශ්‍යප රජුගේ ඔටුන්න සොයා ගෙන එය ලබාගැනීමට පැමිණි පුද්ගලයින් 7 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් පැමිණි මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම පුද්ගලයන් වත්තල, ගල්ගමුව, දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ඔවුන් සතුව තිබී දුරදක්නයක් සහ මාලිමා යන්ත්‍රයක්ද සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.
දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගල් ලිඳ පුරාවිද්‍යාත්මක ස්ථානය සීගිරියට කිලෝ මීටර් එක හමාරක් නැගෙනහිරින් මහ වන මැද පිහිටි ස්ථානයකි. මීට පෙරදස එම ස්ථානයේ කාශ්‍යප රජුගේ කඩුව ඇතැයි කියමින් නිදන් හෑරූ පිරිසක් අත් අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට රජ කාලේ දඬුවම් දෙන්න ඕනි. (අ)
ඉස්සර රජකාලේ රාජකුමාරයෙක් මේ කඩුව අරන් නැත්ද? කන්ගැට්ට ගෙන්වත් අහමු? (බ)
අවුරුදු 1500 පමණ ඔටුන්නක් නොදිරා තියේද? (නි)
කලින් ඕවා හොයපු අය වෙනුවට අලුත් කට්ටියක් එම පුරප්පාඩුව පුරවලා වගේ (නි)
පැරදුණු රජතුමාට ඔය ඔටුන්න ලබාදෙන්න පිරිසක් උත්සහා කරන්නේ කුමටද කියලා මිනිසුන්ට තවම තේරුම් ගන්න අමාරුයි. ඔය ඔටුන්න දාගෙනම තමයි කාශ්‍යප සියතින්ම ගෙළ සිඳගත්තේ. (නි)
මොකක්ද මේ අත්අඩංගුවට පත්වෙන්න හේතුව. දැන් වෙන අය සෙට් වෙලාද වැඩේට? කොහොම වුණත් දැන් මෙහෙම අල්ලන එක හොඳයි. (නි)
කඩුව හොයාගත්ත එකේ එයාට ඔටුන්නත් ඕනි කිව්වද? හොයාගත්තත් කොහේ දාන්නද ඔලුවක් නැතුව? (ස)
චන්න, රජකාලේ කිව්වේ පහුගිය රජතුමාගේ කාලේ වගේ දඬුවම්ද? එහෙනම් ඇමතිකමක් සමග හොඳම වරප්‍රසාද තමයි ඉතින් (නි)
කවුද දන්නේ සිගිරි ලලනාවන්ගේ රු සපුවේ රහස් වට්ටෝරු සොයන්න ගියාද කියලා. ප්‍රභූ බවලතියන් තිරිහන් වෙන්න වයස අඩුවෙන් වැදගත් ලියකියවිලි වලට දෙන රටේ ඔය ටික වුණත් වෙන්න පුළුවන්. (ම)
නියම කතාව ජෙහාන් (නි)
හැබැයි අපේ එක් කෙනෙක් නම් ඕක දැනගත්තොත් කියනවා කමක් නැහැ ඕවා තියෙන්නේ ගන්න තමා කියලා. (නි)