දෙස් විදෙස් සංචාරකයන්ගෙන් සීගිරිය අද (15) පිරී ඉතිරී ගියේය. සීගිරි ගලට නැගීම සඳහා පැය එක හමාරක් පමණ පෝලිමේ සිටීමට සිදුවිය. විදෙස් සංචාරකයන් මේ පිරිස අතර වැඩිපුරම සිටිනු දක්නට ලැබුණි.
දෙස් විදෙස් සංචාරකයන්ගෙන් සීගිරිය අද (15) පිරී ඉතිරී ගියේය. සීගිරි ගලට නැගීම සඳහා පැය එක හමාරක් පමණ පෝලිමේ සිටීමට සිදුවිය. විදෙස් සංචාරකයන් මේ පිරිස අතර වැඩිපුරම සිටිනු දක්නට ලැබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ අද කස්සපගේ උපන් දිනයද? (බ)
ඉතාම ලස්සන දසුනක්. ලංකාවේ අයට වැඩ පිටරට කට්ටිය අගය කරන සීගිරිය, පිරිසිදුව තබා ගැනීම අපගේ යුතුකමයි. (නි)
මෙපමණ සංචාරකයින් සංඛ්‍යාවකට එකවර ඇතුළුවෙන්න අවසරපත් නිකුත් කරනවා. හදිසියේ සිදුවෙන බඹර ප්‍රහාරයකින් ගැළවීමට ඔවුන් සියලු දෙනාටම සෑහෙන ආරක්ෂක කබා මේ ස්ථානයේ තිබිය යුතු බව නිලධාරීන්ට මතක් වෙන්නේ බඹරු ඇවිස්සිලා අනිනකොටයි (නි)
ඉතිහාසය මත යැපෙන පෞඪ ජාතියක් අපි. එදා රජවරු අද සිටියා නම්.... (නි)
මේසා විශාල කළුගලක් මුදුනේ මනරම් මාලිගාවක් තනවලා ඒ අවට වටපිටාව මනාව සකස්කර, ජල තටාක, පොකුණු, වතුර මල් ආදී නොයෙක් විශ්මකර්ම කරපු අපේ මුතුන් මිත්තන්ගේ විස්මිත හැකියාවන් දැකබලා ගන්න පැමිණෙන දේශීය/විදේශීය සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ටිකවත් හරියට සපයාගන්න බැහැ අද ඉන්න අයට. අපි ඒ ශ්‍රේෂ්ඨ පරම්පරාවෙමද කියලා අපිට අපෙන්ම අහගන්න සිදුවෙනවා. කාශ්‍යප රජු අදටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සල්ලි හොයලා දෙනවා. එ්ත් අද ඒ අතීත අභිමානයත් හීනවන ආකාරයෙන් කටයුතු සිදුවෙනවා. (නි)
මම සිටින රටේ මම වැඩකරන අායතනයේ තරුණියකට ලංකාවට විත් විශේෂයෙන්ම සීගිරිය සහ ශ්‍රිපාදය නැරඹීමට උවමනාවෙලා මගෙන් විස්තර අහද්දි මම දන්න දේ අැයට කියලා දුන්නා. එ් වගේම අන්තර්ජාලය හරහාත් තොරතුරු ලබාදුන්නා. දින දෙකකට පසුව අර තරුණිය නැවතත් මා හමුවී පැවසුවේ ලංකාවට යන අදහස කල්දැමු බවයි. වැඩිවිස්තර විමසූවිට දැනගනනට ලැබුනේ සීගිරිය ගලක්ය, ශ්‍රීපාදය කන්දක්ය, මේ දෙකම ඉතාදුෂ්කර ගමනක්ය, කට පරිස්සම් කරගෙන යායුතුය කියා අයෙක් මෙම තරුණියව අධෙෙර්මත් කර තිබීමයි. (නි)
මෙවැනි දසුන් දකින්න ලැබීමත් වාසනාවක්.(හේ)
මහා රාවණ රජුගේ එක් භූගත රාජධානියක් මේ පොළොව යට පවතිනවා යයි පවතින මතය ඇත්තද බොරුද ?මේ ගැන සත්‍යවාදී ගවේෂණයක් සිදුවී තිබේද ?දන්නා කෙනෙක් ඇත්නම් අපවත් දැනුවත් කරන්න .(හේ)
අබේරත්නට අපේ ඉතිහාසය ගැන එතරම් තෘප්තියක් නැතුව වගේ. (ර)
ගොඩක් විදේශිකයෝ මේ වගේ ස්ථාන නරඹන්න ලංකාවේදී ලොකු මුදලක් වියදම් කරනවා . ලාංකිකයෙකුට සහ විදේශිකයෙකුට මෙවැනි ස්ථානවල විකුණන ටිකට් පතේ මිල අහසට පොලොව වගේ . සමහර තැන වල ලාංකිකයෙකු නම් රුපියල් 50 ක් අයකරද්දී විදේශිකයෙක් නම් රුපියල් 2000 ක් හෝ ඊට වැඩි මුදලක් අයකරනවා . රටේ හැමතැනම මේ වෙනස තියෙනවා . නමුත් විදේශිකයන්ගෙන් එතරම් විශාල මුදලක් අය කලත් ඔවුන් වෙනුවෙන් ඊට සරිලන සේවයක් කිසිම තැනකින් ලැබෙන්නේ නැහැ . උදාහරණයක් විදියට වැසිකිලි පහසුකම වත් පිරිසිදුව ලබාදෙන්නේ නැහැ . ගොඩක් විදේශිකයන් ලංකාවට කැමැත්තෙන් ආවත් නැවත රටෙන් යන්නේ කලකිරිලා . රට ගැන නෙමෙයි. අය කරන මුදලේ හැටියට ලැබෙන සේවාවන් ගැන කලකිරිලා . (හේ)
ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානය. (ර)
මෙතරම් දුෂ්කර වූත් අහසට තරම් උස්වූත් පර්වතයක් මුදුනෙහි නරපතියකු ජීවත් වූ අයුරු මම කදුළු පිරි දෙනෙතින් යුතුව බලාසිටියෙමි. (ර)
අද දවසේ කාශ්‍යප නිරිඳුන් හිටියා නම් කළු ගලක් උඩ මාළිගාවක් හැදුවා කියලා අත්අඩංගුවට ගනීවි (නි)
සීගිරියේ විදේශිකයන්ට නිකුත් කරන ටිකට් එක රුපියල් 4200. විජේපාල ඔබ අද සතුටු විය යුතුය. එදා අපේ හෙළ රජ දරුවන් මෙවැනි අරුම පුදුම නිර්මාණ කළේ නැතිනම් අද අපේ රටේ ආර්ථිකය මීටත් වඩා පිරිහිලා. අපි තවමත් ඉතිහාසය විකුණගෙන කන ජාතියක්. ටිකට් එක 4200ක් වුනාට සිගිරිය අවට මහා පාරේ විදුලි පහනක්වත් නැ. (බ)
විදේශිකයින් කොහොමත් මගේ සුන්දර රටට ආදරෙයි (නි)