IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කිසියම් අපහසුතාවක් ඇත්නම් රෝහල්ගත වන්න

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ ආසාදිතව නිවසේ සිටින රෝගියකුට කිසියම් අපහසුතාවක් ඇත්නම් රෝහල්ගත වීම අනිවාර්ය යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු සහ පරීක්‍ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිකාර ඒකකය ප්‍රධානී විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

රෝහල්ගත වීමට පැමිණෙන ඕනෑම රෝගියකු බාරගත යුතු බවට රෝහල් ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවත් එය රෝහල් කාර්ය මණ්ඩලයේ වගකීමක් බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියයි.

තාවකාලික ස්ථානවල පදිංචිව සිටින පුද්ගලයන් එම ස්ථානවලම රැදී සිටීම වඩාත් යෝග්‍ය බවත් නිවෙස්වලට හෝ ස්ථාර පදිංචි ස්ථානවලට යෑම රෝගය පැතිරවීමට අනුබලයක් බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීය.

නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ වර්ෂාව හේතුවෙන් ආපදාවලට ලක්වීමේ වැඩි ඉඩක් ඇති බවත් ජනතාව ඒ පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත්ය.

 



අදහස් (10)

කිසියම් අපහසුතාවක් ඇත්නම් රෝහල්ගත වන්න

Buddika Saturday, 22 May 2021 06:22 AM

මොනවද මෙයා කියන්නේ...? මම දන්න කාන්තාවකට කොවිඩ් හැදිලා දවස් 11ක්.. ඒත් අදටත් ඉන්නේ ගෙදර.. රෝහල් ඉඩ නැතිලු...

:       1       12

Rata Perata Saturday, 22 May 2021 06:22 AM

දැන් රෝගියාටම රෝග තත්වය ගැන තීරණය කරන්නයි වෙලා තියෙන්නේ.. මේ සෞඛ්‍ය අංශ පාලනය කරන්නේ හමුදාවෙන්නේ.. රජා පිස්සු වුණත් එකයි, පිස්සා රජ වුණත් එකයි කියන්නේ මේකට තමයි.

:       1       16

රට වැසියා Saturday, 22 May 2021 06:40 AM

මෙතුමන්ලා මෙසේ කීවාට රෝහල්වල තත්වය අද වන විට ඉතාම පහත් තත්වයකට වැටිලා...! පවතින තත්වය යටතේ සෞඛ්‍ය සේවාව දුෂ්කර බව පැහැදිලිය...!!! එහෙත්, රෝගීන්ව නොසලකා හරින තත්වයක් දැකිය හැකියි. බොහෝ සායන, බාහිර රෝග අංශ ඉතාම ආකාර්යක්ෂමයි.. මනුෂ්‍යයින්ට සලකන විදිය ඉතාම කණගාටුදායකයි! - කරුණාකර රෝහලකට ගොස් බලන්න. මිනිස්සු රෝහල්වලට යාමට බියක් දක්වන්නේ, බඩේ අමාරුවකට රෝහලට ගියත්, කොරොනා පිට දාලා රෝගින්ට සලකන නිසා!!! පිළිකා රෝහලට ගිහින් සැබෑ තත්වය අවබෝධ කරගන්න. මුත්‍රා පරීක්ෂණයකට තුණ්ඩුව ලියාගෙන සායනයට වේලාවක් ලබාගන්න දිනක් ගත වෙනවා!!!... ප්‍රමුඛත්වය දෙන්නේ වෛද්‍යවාරයාව පුද්ගලිකව චැනල් කරලා යන අයටයි...! එහි සිටින අය රෝගීන් ගැන කිසිම තැකිමක් කරලා, ඔවුන්ගේ කාර්යය ඉටුකරලා ඉක්මණින් රෝගියා එතැනින් පිට කිරීමට කිසිඳු උත්සාහයක් ගන්නේ නැහැ!... මේ තොරතුරු අප සටහන් කලේ පිළිකා රෝහලේදී මුහුණ දුන් අත් දැකීමක් මුල් කරගෙනයි..! රට වැසියෙකු ලෙස එක දෙයක් කිව යුතුයි. රට අරාජීක වී ඇත. එක් එක් නිලධාරියා තමාට ඇති බලය තමන්ට කැමැති, පහසු ආකාරයට යොදවා වගකීමෙන් ගැලවෙයි. මාධ්‍යයේ ඔබ දකින, අසන දේ සැබැ ලෝකයේ ක්‍රියාත්මක නොවේ!

:       1       23

ජයන්තිSaturday, 22 May 2021 07:56 AM

කාට... කුමන ප්‍රතිකාරය. කුමන වේලාවට ලබා දෙනවාද, කුමන වෙලාවක් රෝගියා පෝලිමේ තබනවාද? තුන්ඩුව දෙන්නේ කුමන වෙලාවටද? පරීක්ෂණ වාර්තා බලනවාද නැද්ද? ඊළඟ සායනයට දින දෙන්නේ කුමන වෙලාවට ද ආදිය තීරණය කරන්නේ එදින සායනයේ සිටින වෛදවරයාය. සෙසු සේවකයින් හැසිරන්නේ වෛද්‍යවරයා ක්‍රියා කරන ආකාරය අනුවයි. රෝගියාගේ රෝගයේ උත්සන්න බව.., රෝගියාගේ අවශ්‍යතාවයේ තිව්‍රතාවය, මානුෂික අවශ්‍යතාවය, රෝගියා ඒ වෙලාවේ පත්ව ඇති පීඩාව ආදි තොරතුරු වෛද්‍යවරයාට අදාලම නැත. ඒ වැනි කරුණුවලට සංවේදි වන්න තරම් වුවමනාවක් ද නැත. අද පිලිකා රෝහලේ බාහිර සායන වල තත්වය මෙයයි. කරුණාකාර එහි ගොස් බලන්න - සියලු රෝගීන් කොරොනා රෝගීන් ලෙස නොසලකන්න! - අපේ රටේ වෙනත් රෝග උත්සන්න වී බොහෝ දෙනකු දිනපතා මිය යයි. එසේ මිය යන කොරොනා ලැයිස්තුවට දමා, අත හොදාගන්න එපා..! සියල්ලටම පෙර මනුෂ්‍යත්වය ආරක්ෂා කරන්න. මේ වෙලාවේ රටේ වෛද්‍ය අංශ කරන සේවය ආචාර කරමි.

:       0       11

රෝගි රට වැසියෙක් Saturday, 22 May 2021 07:38 AM

කුමන අපහසුතාවයට රෝහලට ගියත් වඳින්නේ කොරෙනා ලේබලය..! ලංකාවේ සොයාගත් අලුත්ම වෛද්‍ය ගැලවිජ්ජාව - කොරෙනාව. අද වන විට අක්ෂිරෝහලේ සේවා සීමා කර ඇත. ප්‍රතිකාර අතර මැද නැවති පීඩා විඳින අක්ෂි රෝගින් ඉතාම භයානක තත්වයට පත්ව ඇත! වෙනත් සායන ද එසේමය. මේ වෙලාවේ කොරොනා වසංගතය බලවත් වුවත්, රජයේ රෝහල් වලින් ලබාදෙන වෙනත් සේවාවන් අඩාල කර ඇත්තේ ඇයි? විශේෂයෙන්ම සායන බොහෝමයක් නවතා දමා ඇත. වසංගතය නිසා මෙවන් සේවා අඩාල කිරීම කිසිසේත්ම අනුමත කළ හැකිද? සායනවලට පැමිණෙන රෝගී ජනතාව මේ ආකාරයට අසරණ කරන්නේ ඇයි? .

:       0       11

පප්ප Saturday, 22 May 2021 10:37 AM

අපි කොච්චර බලාපොරොත්තු තියාගෙනද මෙතැනට ජනාධිපති ගෙනාවේ.. අපි හිතුවා අපේ රටේ ශාපය ඉවරයි කියලා. නීතිය කාටත් එකයි, ඥාති සංග්‍රහ ඉවරයි කියලා. බලන්න මේ මනුස්සයා වෙද්‍යවරුන්ටත් කන්දෙන්නෙත් නැහැනේ. දවසකට කොච්චර මැරෙනවද?, රජයේ සංඛ්‍යා ලේඛන කවුරුත් පිළිගන්නේ නැහැ. මේ රට විනාශය කරා ඇදෙනවා...

:       0       15

Sri Lanka Saturday, 22 May 2021 11:24 AM

මොකද කට්ටිය මදිද මාධ්‍ය සංදර්ශනයට...

:       0       7

තිස්ස රන්දුනු Saturday, 22 May 2021 12:32 PM

රෝග ලක්ෂණ පෙන්වන කොරෝනා අසාධිතයින් ඇතුළත් කළයුත්තේ ඒ සඳහාම සකස්කර ඇති රෝහල් හෝ වෙන්කරන ලද වාට්ටු ඇති රෝහල්වලට මිස දිවයින තුළ අවම පහසුකම් සහිත කුඩා රෝහල්වලට නොවෙයි එයට හේතු 1. මේ සඳහා සකස් කර ඇති රෝහල් සේවක ආරක්ෂාව සැලසෙන පරිදි විශේෂයෙන් සකස්කර ඇති අතර යම් පුහුණුවක් සහ අවශ්‍ය ආරක්ෂක උපකරණ ප්‍රමාණවත්ව සපයාදීමක් සිදුකර අැත 2. අනිකුත් සාමාන්‍ය රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර කරන කුඩා රෝහල්වල ඉහත පහසුකම් නොමැති තත්වයක් තුළ කොවිඩ් අසාදිත රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්ට ප්‍රතිකාර කරන්නට ගියහොත් සේවක මණ්ඩලයද, අනිකුත් රෝගීන්ද දැඩි අනතුරක හෙලීමක් සිදුවන අතර කොරෝනා රෝගියාද අපහසුතාවයකට පත්වනු නොඅනුමානයි. මෙය මහ පොළවේ යථාර්තය දන්නා අයට වැටහෙන කරුණක් බැවින් දීර්ඝව අදහස් ඉදිරිපත් නොකළත් මෙසේ ඕනෑම රෝහලක කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න නම් සේවක ආරක්ෂාව කොරෝනා රෝගීන් සඳහා වෙන්කළ රෝහල් තත්වයටම තිබිය යුතුයි. මොකද හැමෝම තමන්ගේ ජීවිතයට ආදරෙයි. එතැනදී තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම සාධාරණයි. ඇත්තම තත්වය නම් කුඩා රෝහල් දැඩි අවදානමක් තුළ තමයි දැනටත් ප්‍රතිකාර කරන්නේ.. මොකද ප්‍රතිකාර කරන රෝගීන් අතර හඳුනා නොගත් කොරෝනා රෝගීන්...

:       2       3

සකලබුජං Sunday, 23 May 2021 02:45 AM

අපහසුතාවය ඉතින් මුදල් නැති එක තමයි..

:       0       0

nimal Sunday, 23 May 2021 05:11 AM

කතාව නම් සිංගප්පූරුවේ ඉන්නවා වාගේ, බාබාලා මේ අය දන්නේ නෑ රටේ තත්වේ. රට බල්ලට ගිහිල්ලා, රටේ පරිපාලනයක්, නිතීයක්, රෙගුලාසියක් නෑ.. කල දුටු තැන හැම කෙනාම වල ඉහගන්නවා. යහපාලනයට වඩා හැම අතින්ම අන්ත පිරිහුණු තත්වයක් තියෙන්නේ. පාලකයින් බොරුව වහන්න ඇඟ බේරගන්න බොරු ප්‍රචාර වලට නම් ගොඩක් වියදම් කරනවා. එ්ක පැහැදිලිව පෙනුණා. ඉටුකම අරමුදලෙන් කෝටි 6.7ක් වියදම් කරලා තිබ්බා මීඩියාවලට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි
2024 නොවැම්බර් මස 07 1 0

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව


‘නැණ ඉසුර අරමුදලට’ විතාරන්දෙණියේ කස්සප නාහිමි කෝටියක්
2024 නොවැම්බර් මස 07 99 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බි්‍රතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 444 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි


’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 767 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 415 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 288 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 54 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1384 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site