
(උපාලි ආනන්ද)
අනුරාධපුර රුවන්වැලිසෑය අබියස දන්සල් භුමියේ සත්යග්රහය පැවැති ස්ථානයේදීම සාසනයෙන් නෙරපනු ලැබූ රාජාංගනය සද්ධාරථන නැමති සිවුරු දැරූ අයකුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ හතර නමක් සහ සිවිල් පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවක මේ මස 36 දින දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිදු වික්රමරත්න මහතා නියෝග කළේය.
මෙම සැකකරුවන් ප්රතිකාර ලබමින් සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වන සහ 4 වන වාට්ටු වෙන ගිය ප්රධාන මහේස්ත්රාත්වරයා ඔවුන් නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව මෙසේ නියෝග කෙරිණ
ත්රිකුණාමලය මහේස්ත්රාත් අධිකරණය හමුවේ පසුගිය 11දා කැඳවු නඩුවටකට පෙනී නොසිටිටීම නිසා අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින පලමු සැකකාර බලංගොඩ කස්සප හිමියන් ත්රිකුණාමලය මහේස්ත්රාත්රිය අධිකරණයට ඉදිරිපත් කොට ඒ බව අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට දන්වන ලෙස ද ප්රධාන මහේස්ත්රාත්රියේ අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කලේය.
සැකකාර බලංගොඩ කස්සප භූමි ඇතුළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේ රාජාංගනනේ නැමැත්තාට පහර දී තුවාල සිදු කිරීම පොලිසියේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd