කහවත්ත කොටකෙතන ගැහැණු ඝාතනයක් සම්බන්ධයෙන් 2009දී සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හළ පතල් සේවකයකුගේ සිරුරක් කහවත්ත ඕපාත පාරේ තිබී අද උදේ සොයා ගැණිනි. කැපුම් තුවාල සහිතව මැරී සිටි මොහු අභය ප්‍රියන්ත (32) වශයෙන් හඳුනාගෙන ඇත. 2009දි ඩබ්ලිව් ඒ ආරියවතී නම් කාන්තාවක මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන මාස කීපයක් රිමාන්ඩ් බාරයේ ද තැබීමෙන් පසු සාක්කි නැතැයි නීතිපතිගේ නිර්දේශ අනුව ඔහු මුදා හැර සිටියේය. කොටකෙතන ගැහැණුන් 15ක් අභිරහස් ලෙස මරා දැමීමෙන්පසු පොලීසිය, හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, හමුදාවේ විශේෂ බලෑණි ඇතුළු 700ක් පමණ දිවා රෑ ගම මුර කරති. ප්‍රියන්ත මරා දමා තිබුණේ කොටකෙතන සිට කිලෝමීටර් 2ක් ඈත පාරක් අසලය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරපු අයට ජීවිත කාලයටම මතක හිටින්න හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
නියමයි. ඔහොම යමු. (නි)
මිනීමරුවන්ට නිදහසේ ඉන්න පුලුවන් රට මෙහේ විතරක්යෑ? ඇයි තව තැන්වලත් ඉන්න පුලුවන්නේ. (නි)
නීතිය වල්වැදී ඇති නිසා ඒ ආකාරයට හෝ මරණ දඩුවම ක්‍රියාත්මක වුණාට කමක් නැහැ. (නි)
මිණී මරුවටන් නිදහසේ ඉන්න පුළුවන් එකම රට (ස)
නිතීයට බැරි වුණාට කල කම් ඵලදෙනවා (ස)
අර කට්ටිය තමයි ඕක කරන්න ඇත්තේ (ස)
ගෑනු මරල චන්ඩි වෙන්න බෑ. මට හිතෙනවා මේක ඇතුලේ මොකක් හෝ ලොකු හේතුවක් ඇති කියලා (ස)
සැම්. අප වෙනුවෙන් චන්ද්‍රිකාවක් යව්වලු.එහි ජාතික කොඩිය ඔසවා තිබුනාලු.(ස)
වරදට දඩුවමනම් හොඳයි. කවුද දන්නේ නෑ මේක කරේ (ස)
ඉස්සරකාලේ චන්ඩි කියන්නේ " මම දකුණෙ ඩෝ" කියලා..... අදකාලේ චන්ඩි කියන්නේ "මම කොටකෙතනින් ඩෝ"...... (ස)
නෑ නෑ වෙන්න බෑ... මොකද ලංකාව කියන්නේ දියුණු රටක් හරිද??? ඔය වගේ ම්ලේච්ඡ දේවල් මෙහේ වෙන්නේ නෑ... අපි ලඟදි අහසට රොකට් එකකුත් යැව්වා ඒකෙ චන්ද්‍රිකාවක් ගැටගහලා... ඒකේ ලංකාවේ කොඩියත් අලවලා තිබුණලු.... (ස)
ඉතුරු කට්ටියත් බලාපොරොත්තුවෙන් ඉන්න (ස)
කොටකෙතන දැන් ලෝකෙම ප්‍රසිද්ධයි. මිණී මැරුම් වලට (ස)
දැන් ඔක්කොමල්ල අයෙත් කතා කරනවා කොටකෙතන ගැන. පාර්ලිමේන්තුවේ වෙන්නේ මොනවද කියල හොයන්නේ නැහැ අනේ මෙහෙමත් රටක් (ස)
දිට්ඨ ධම්ම වේදනීය කර්ම තමයි මේ (ස)
රටේ ලොකු ලොක්කෝ වැරදි කරද්දී සාමාන්‍ය මිනිස්සු ගැන කතා කරන්න දෙයක් නැහැ. (නි)
මේ මොන අපරාධයක්ද
දැන් ලංකාව ජේ.වී.පී., එල්.ටී.ටී.ඊ. කාලවලට වැඩිය භයානකයි. (නි)
මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. මිනිස්සු නීතිය අතට අරගෙන . කවදද නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ (ස)
අජිත් හරි , වෙන කරන්න දෙයක් නෑ ...(ස)
30 වසරක යුද්දය නිමාකල විරුවාණනි නුඹේ අඩුව පාලකයින්ට දැනෙනවානම් ................ අද නුඹේ වටිනාකම වෙනදාට වඩා දැනෙනවා විරුවානනේ sf (ස)
දැන් ඉන්න අයගෙන් මේවට කිසිම සමාවක් නෑ (ස)
මරණ දඩුවම ක්‍රයාත්මක කරලා වගේ . නරක උනත් දඩුවමනම් නියමයි (ස)
LTTE එක පරද්දපු හමුදාව ගම මුර කරද්දිත් මෙහෙම දේවල් වෙනඑකනම් හොඳ නෑ (ස)