IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කළු කූඹි මැතිවරණ නිරීක්ෂකයාගේ නවාතැන මාරු කරයි

මහ මැතිවරණ නිරීක්ෂණයට යුරෝපා සංගමයෙන් පැමිණි නිරීක්ෂකයකු නවාතැන්ගෙන සිටි හෝටල් කාමරයට කළු කූඹීන් පැමිණීම නිසා හෝටලය මාරු කර වෙනත් හෝටලයක ඔහු නතර කිරීමට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරින්ට සිදුවිය.

ඉන්දීය ජාතිකයකු වන අදාළ නිරීක්ෂකයාට ඉහළ සැප පහසුකම් සැලසීමේ අරමුණින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් බදුල්ල නගරයේ සුපිරි හෝටලයක වායු සමනය කළ කාමරයක් වෙන් කරගෙන ඇති අතර එය හොඳින් පරීක්ෂා කර බලා නිරීක්ෂකයා එහි නතර කර ඇත.

කාමරයේ නවාතැන්ගත් නිරීක්ෂකයා ටික වේලාවකින් වැල නොකැඩී පැමිණෙන කළු කූඹින් දැක බියට පත්ව තමන් රැගෙන ආ බඩු මුට්ටුද එහි දමා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් පැමිණිලි කර වෙනත් හෝටලයක නවාතැන් පහසුකම් සපයන ලෙස ඉල්ලා ඇත.

වහාම ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් අදාළ හෝටල් කාමරයට ගොස් පරීක්ෂා කර බැලූ විට කළු කූඹින් සිටිනු දැක ඇත. හෝටලයේ සේවකයින්ද පුදුමයට පත්ව තිබෙන්නේ මීට පෙර කිසිදු දිනයක මෙවැනි සිදුවීමක් නොවූ හෙයිනි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල සේවකයින් නිරීක්ෂකයාට වෙනත් හෝටලයක නවාතැන් පහසුකම් සලසා දී එදින රැය පහන්වන තුරු කළු කූඹින් පැමිණෙන්නේදැයි විමසිල්ලෙන් සිටි බවද දැනගන්නට ඇත.

 

 



අදහස් (0)

කළු කූඹි මැතිවරණ නිරීක්ෂකයාගේ නවාතැන මාරු කරයි

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 28 August 2015 03:04 PM

ඉන්දියාවෙන් ඇවිත් හිටපු ඉන්දියානු සම්බවයක් තිබු පරණ මියගිය ප්‍රාණකාරයන් ද කොහෙද ....නෑකමට සොයාගෙන ඇවිත්.... (අ)

:       0       0

ප්‍රසාද් Sunday, 30 August 2015 04:00 PM

දැන් ඉන්න ඉන්දියන් කාරයෝ හිතන් ඉන්නේ එයාල සුද්දන්ටත් වඩා ලොකු අය කියල. නිකන් බොරු ෂෝ දානවා. (බ)

:       0       0

ශේන් - මෙල්බන් Friday, 28 August 2015 09:01 AM

බදුල්ලේ සුපිරි හෝටල් මෙහෙම නම් සාමාන්‍ය මට්ටමේ හෝටල් කාමරවල තත්ත්වය හිතාගත හැකියි (අ)

:       0       0

ට්‍රිලෝක Friday, 28 August 2015 09:15 AM

අනේ මේ... ඉන්දියාවේ පාරවල් අයිනේ මල පහ කරනවා. කිසිම පිරිසිඳු කමක් නැති රටක්. එහෙ ඉඳන් ඇවිත් කළු කූඹින්ට බයේ නටනවා.... (ම)

:       0       0

දමයන්ති Thursday, 27 August 2015 05:45 PM

ඉන්දියාවේ මනුස්සයෙක් කළු කුඹින්ට බය වෙලා (නදී)

:       0       0

ඉමාක් Tuesday, 01 September 2015 06:57 PM

නියම වැඩේ තමයි ඒකත්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 23 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 79 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 272 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 950 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 704 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1441 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site