IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කැළණි ගඟට තව පාලමක්

කොළඹ නගරය හා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සෘජුවම සම්බන්ධ කෙරෙන පරිදි කැළණි ගග හරහා නව පාලමක් ඉදිකිරීමේ සැලසුමකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ සදහා වන යෝජනාව ඉදිරිපත් කර තිබෙනුයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ආගමනයත් සමග කොළඹට නගරයට වාහන ඇතුල්වීමේදී වැඩිවී ඇති තදබදය අවම කිරීමට මින් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පාලම මංතීරු 6 කින් සමන්විත වනු ඇත.

පාලම ඉදිකෙරෙනු ඇත්තේ නව කැළණි පාලම හා සමාන්තරවය.ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අවශ්‍ය උපදෙස් හා රුපියල් බිලියන 45.5 ක මුල්‍ය ආධාර සැපැයීමට ජපාන රජය ඉදිරිපත්ව සිටී.



අදහස් (0)

කැළණි ගඟට තව පාලමක්

ආරියසේන වික්‍රමසිංහ Sunday, 23 February 2014 04:15 PM

ඉතාම හොඳ චොලොචිත තීරණයක් මම පුද්ගලිකව ඒ ගැන සතුටු වෙමි. (අ)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Sunday, 23 February 2014 04:41 PM

අධිවේගී මාර්ගය හදද්දී වාහන තදබදය ගැන හිතල නෑ කියමුකෝ. එත් ඉතින් දැන් ඒක කියල එකට නිසි පිළිතුරක් හැටියට මුළු රටටම වැදගත් නගරයට ඇතුල් වෙන්න තවත් පහසු වෙන්න නවීන පාලමක් හදන එක මොනතරම් ඉදිරියට ප්‍රයෝජන වෙනවද. ඒ පාලම පොදුවේ සියලු මහජනයා වෙනුවෙන් කරන දෙයක්. එහෙම පාලමක් අත්‍යවසයයි. බොහොම හොද වැඩක් මමනම් දකින්නේ. (දිල්)

:       0       0

අල්විස් Sunday, 23 February 2014 06:36 PM

හොඳ දේට හොඳයි කියමු. මෙය කාලයක සිට අපට අවශ්‍ය වූ දෙයක්. මෙහි කටයුතු ඉක්මණින් සාර්ථකව අවසන් කිරීමට ලැබේවා. (දිල්)

:       0       0

රොෂාන් Sunday, 23 February 2014 08:28 PM

රටක සංවර්දනයට, පලමුවෙන් හොද මාර්ග පද්දතියක් අවශ්‍යයි.(නදී)

:       0       0

සමන්_ඕමානය Sunday, 23 February 2014 08:41 PM

විධුෂක, හැම දේකම වැරදි පැත්ත හිතන්නේ නැතුව යමක් දෙස ධනාත්මකව බලන්න පුරුදුවෙන්න. ධනාත්මකව රට හා අවට සමාජය දෙස බැලීම ඔබගේ පෞද්ගලික දියුණුවටද හේතුවක් වෙනවා.(නදී) ව්‍යාපෘතියක් අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම, කොළඹ වැනි දියුණුවන නගරයක මෙවැනි සංවර්ධන අත්‍යවශ්‍යයි. මෙය හොඳ පියවරක්. එය සාර්ථක වේවායි පතමු.

:       0       0

ටෝනි Sunday, 23 February 2014 08:57 PM

අපේ කොළඹ ලස්සණ වෙනකොට ඇතුල්වීම තියෙන්ඩ ඕනා සින්ගප්රුවට එහා ගිය ලස්සණකට. යෝජනාව අපේ ජනාධිපතිතුමාගේ ජොබ් එක කරන්නේ ජපානෙන්. බත් දාගෙන කන්ඩ පුළුවන් ලස්සණකට වැඩේ කෙරෙයි.(නදී)

:       0       0

සංජය Sunday, 23 February 2014 09:15 PM

වැඩක් කරනවානම් හරියට කරන්න ඕනේ. ඔය කියන, පාලම උනත්,ප්‍රමිතියට හදනවනම් හොඳයි. (නදී)

:       0       0

ජයසුන්දර Sunday, 23 February 2014 11:39 PM

අපිනේ දන්නේ උදේට හවසට තියෙන තදබදය.(නදී)

:       0       0

ප්‍රදීප් Monday, 24 February 2014 02:56 AM

මෙය ඉතාම අවශ්‍ය දෙයක්. නමුත් මෙයින් සල්ලි පිල්ලි ගහන අයගේ පරම්පරාවටම පව් පලදේවා! රටේ මුදල් දැක්ක තැන සාක්කුවට ඔබාගන්න කපටියන් ලංකාවට සාපයක්. (නදී)

:       0       0

සතයයා Monday, 24 February 2014 06:57 AM

"හොඳ දේට හොඳයි" කියන අය ඕන තරම් ඉන්න හින්ද තමයි මේ ගොල්ලෝ හැම චන්දයක්ම දිනන්නේ. අනේ මහතුනේ සුඛෝපභෝගී වාහන වලට මං තීරු හයක් හදන කොට, තව කාගේ හරි හොද්දත් බොරවෙන කොට ගමේ සුවාරිස් ටත් ගඟෙන් එගොඩ වෙන්න පා මං තීරුවකුත් හදන්න අමතක කරන්න එපා. මොකද බිලියන 45 හේ පොලිය ගෙවන්න පයින් හරි එන්න ඒ මිනිසුන්ටත් ඉඩක් දෙන්න එපා යැ. (නධී)

:       0       0

ජයලත් Monday, 24 February 2014 07:36 AM

බුදු අම්මේ රුපියල් බිලියන 45 ක්. ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක්. ලංකාවේ ශ්‍රමය බොහොම අඩු වියදමක්. ඒ උනාට පාරක් හදන්න පුදුම වියදමක්නේ කරන්නේ. රත්තරන් වලින්ද හදන්නේ .(නදී)

:       0       0

ඉෆාම් Thursday, 27 February 2014 10:36 AM

හොද වැඩක් (අ)

:       0       0

පෙරුමාල් Monday, 24 February 2014 08:25 AM

මේ සූදානම ෆේස් බුක් විප්ලවයටද? (අ)

:       0       0

ජානක Monday, 24 February 2014 08:43 AM

අපි මේක පෙරුම් පුර පුර හිටියේ ඉක්මනට ඉවර කරන්න ශක්තිය ලැබෙව (අ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 24 February 2014 09:22 AM

ජනාධිපතිතුමනි,ඒක ඉතාම හොඳ වැඩක්. ඒවගේම බියගම - කඩුවෙල වාහන තදබදය අඩුකරන්නත් දැනට තිබෙන කඩුවෙල පාලම පුළුල් කරන්න වෙනවා. ඒගැනත් ඔබතුමාගේ අවධානය යොමුවේවායි පතමි. (අ)

:       0       0

ඉන්දික Monday, 24 February 2014 09:39 AM

ඔය බිලියන 45 යොදල කොළඹ නගරයේ නවීන ප්‍රවාහන සේවයක් ආරම්භ කලානම් කොළඹට ඇතුල්වෙන වාහන ඉබේම පාලනය වෙනවා . අලුත් පාලමක් හැදුව කියල කොළඹ ඇතුලේ මාර්ග පළල වෙන්නේ නැත්තම් වාහන තදබදය එලෙසම හෝ වැඩිවෙයි .(අ)

:       0       0

අල්විස් Sunday, 23 February 2014 02:13 PM

කළ යුතුම වැඩක්. නමුත් මේසා විශාල මුදලක් වැය කරන මේ මාර්ගය ආවාට ගියාට නඩත්තු කිරීමට හෝ අත්හැර දමා සිටින්නට ඉඩ නො දී සිංගප්පුරුවේ කොරියාවේ ජපානයේ වගේ පුද්ගලික අංශයට දීලා හෝ හොඳින් බලා කියාගන්ට සලස්වන්ට කියලත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.(නදී)

:       0       0

ජයතිලක Monday, 24 February 2014 12:20 PM

මේ වගේ පාලම් හදනවා වගේ ලංකාවේ ට්‍රැෆික් ලයිට් ටිකත් හරි විදියට හදනවානම් කොච්චර හොදද. මොලේ කොලොප්පම් වෙන ට්‍රැෆික් ලයිට් ක්‍රමයක් තමයි ලංකාවේ තියෙන්නේ.ඔක්කොටම ඉස්සල්ලා මේවා සැලසුම් කරන ඉංජිනේරුවන්ට විදේශීය පුහුණුවක් ලබා දිය යුතුයි..ඒ පුහුණුව නිලධාරීන්ට නොව ඉංජිනේරුවන්ට ලබා දිය යුතුයි. (අ)

:       0       0

විධුෂක Sunday, 23 February 2014 03:46 PM

අධිවේගී මාර්ගය හදන්න සැලසුම් කරන කොටම මේ වාහන තද බදය ගැන හිතල මතල නැද්ද? රුපියල් බිලියන 45.5 ක් වියදම් කරලා ජනගහනයෙන් බහුතරයකට වැදගත් වන වැඩක් පටන්ගන්න පුළුවන්නේ. කොළොඹ රථ වාහන තදබදය ජනගහනයෙන් ඉතා සුළු ප්‍රතිෂතයකටනේ අදාළ වෙන්නේ. අනේ මට නං තේරෙන්නේ නෑ(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5064 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 192 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 121 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 916 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1468 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3186 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16042 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site