(බිමල් ශ්‍යාමන් ජයසිංහ,සුමිත් පොතුපිටිය සහ ඉන්දිකා රාමනායක)
කළුතර නගරයේ ලැගුම්හලකි ඇද වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය
දකුණු කළුතර සිසිලියන් වෝක් හෝටලයයේ පස් වන මහලින් දැරිය ඇද වැටී මියගොස් තිබුණේ ඉකුත් 6 වෙනි දිනය.
එම අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට දැරිය හෝටලේට රැගෙන ගිය බව කියන විසි නව හැවිරිදි විවාහක පුද්ගලයා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන අතර ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ සහ දැරිය හෝටලයට රැගෙන යාමට උදව් උපකාර කළ බව කියන තරුණයා සහ තරුණිය රිමාන්ඩ් භාරයට පත්කර ඇත
පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද 11 සවස දැරියගේ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබිණි
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කළුතර දැරියගේ පරීක්ෂණ සි.අයි.ඩීයට
උපාලි සඳරුවන් Thursday, 11 May 2023 09:47 PM
මේ දැරියට සිදුවු ශෝකජනක සිද්ධිය ගැන කණගාටුවට ප්‍රකාශ කරමි. එය එසේ සිදුනොවීමට මෙසේ කටයුතු කලානම් හොඳයි ලෙස සමාජ මාධ්‍යය වල දෙමාපියන් ඇසුරු කල අයලුවන් හොටල් හිමිකරුවන්ට චෝදනා එල්ල කර තිබිණි . මා දකින්නේද එම මාධ්‍යය වල පලවු දෙයමය. එහෙත් පරික්ෂණ අංශ මගින් තවම එක් කරුණක් ඉස්මතුව නැති යමක් මට පෙනේ. එයනම් 5මහල් සියලු පහසුකම් සහිත සුබෝපභෝගී හෝටලයක යමකුට පැනීමට හැකි පරිදි අනාරක්ෂිත ජනේලයක් තිබීම ගැටලුවකි
Chamila Friday, 12 May 2023 05:10 AM
සී.අයි.ඩී එක සුපිරියට හොයයි .මහ පාරේ මහ දවල් බෙල්ල හිරකරලා මරපු එකා තාම හොයනවා
Anura Friday, 12 May 2023 08:58 AM
බලදාරීන්‌ගේ ඇස් ඇරෙත්වා !