සුවඳ විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අනුමැතියකින් තොරව ගබ්සා පෙති, මනස විකෘති කිරීමේ පෙති ඇතුළු විවිධ ඖෂධ වර්ග මෙරටට ආනයනය කළ කොළඹ ගෑන්ඩ් පාස් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ අසුවක දඩයක් නියම කළ රේගුව එම ඖෂධ තොගය රාජසන්තක කර සෞඛ්‍ය හා පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එන්.සී ලියනගේ මහතා විසින් සිදු කළේය.
පසුගිය 6 වෙනිදා විටමින් වර්ගයක් ලෙස රේගුවට ප්‍රකාශ කොට කටුනායක ගුවන් බඩු පර්යන්තයට රුපියල් දාහතර දහස් හාරසිය අනු හයක බදු මුදලක් ද ගෙවා සැකකරු මෙම ඖෂධ තොගය ඉන්දියාවේ චෙන්නායි නුවර සිට නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබියදී නයිකන්ද රේගු නිවාරන කාර්යාලයේ නීලධාරීන් විසින් අත් අඩංගුවට ගැනිණි.
ඖෂධ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් බවට රේගුව ගනන් බලා ඇතත් මෙම ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීම නිසා තරුණ පරපුරට වන විනාශය රේගු පරික්ෂණයේදී විශේෂයෙන් සැලකිල්ලට ගත් බව රේගුව කියයි.
සැකකරු මෙරටට ඖෂධ ආනයනය කිරීම සඳහා ලියාපදිංචි පුද්ගලයෙකු නොවන බවද මේ පිළිබඳව සිදු කළ රේගු පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂක කේ.ඒ.ඩී.ආර් ක්‍රිස්ටි මහතාගේ උපදෙස් මත ප්‍රධාන සහකාර නිවාරණ නිලධාරී ලලන්ත රාජපක්ෂ, සහකාර නිවාරණ නිලධාරී ඩන්කන් හෙට්ටිආරච්චි, ඩී.එම්.ජී ඩැනියෙල්, යු.ඩී.ෙජ් මොන්ටි, අමිල ප්‍රනාන්දු, ෙජ්.කේ අරඹේවෙල සහ මිලින්ද ජයසුරිය යන නිලධාරීහු සිදු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයගේ බලපත්‍ර අවලංගු කිරීමත් නැවත ව්‍යාපාර වලට ඇති හැකියාවත් නතර කරන්න ඕනෑ. දැන දැන වැරදි කිරීම අපරාධයක්. (නි)
මාලි රේගුවේ නීතිය ඒක තමයි එහෙම නම දාන්න නම දෙන්නේ නැහැ. ඔය විදියට කතා කරන්න එපා (නදී)
මෙයට මුල්වුණු නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය , ගොඩක් පින් ! රේගු දඩයට අමතරව මේ කළ ජාතිද්‍රෝහී ක්‍රියාවට සුදුසු පරිදි ක්‍රියා කිරීමට උසාවිත් දැම්මනම් තමා හොද,(අ)
බලධාරිනේ....සිව් කොනෙන්ම මේ සූදානම් වන්නේ ......ප්‍රභාකරන්ට කරගන්නට බැරිවූදේ .. ටිකින් ටික කරන්නයි...කට්ටියක් කුඩු ගෙනත් ජාතිය වනසනවා අනිත් පැත්තෙන් කලලයේ ඉඳන් වනසන්න සූදානම් වෙනවා. දම්පල් තුමා කිව්වා වගේ කුඩු මිරිස් කාපු රිලව් වගේ නියවන්න බලාගෙන ඉන්නේ නැතිව .....මොන සේනාවෙන් හරි කමක් නෑ ජාතිය ආරක්ෂා කරගන්නට හැකිවේවා. (ස)
නම පොඩ්ඩක් දාන්නකෝ බලන්න,මොන ජාතිකයෙක්ද කියලා බලා ගන්න. (ස)
මේ වගේ ව්‍යාපාර කරන්නේ කවුද කියලා අපි දන්නවා. ඒත් අනිත් අයගේ දැනගැනීමට මොවුන්ගේ නම් හෙළි කළානම් වටිනවා (නි)
සිංහල ජාතිය අඩු කිරීමේ එක කොටසක්. (නදී)
බල්ලෝ මරල හරි කමක් නැහැ සල්ලි හම්බ කරන්න ඇත්නම් නේද.(අ)
බඩු එන්න කලින් ලෑස්ති කරගත් "ක්‍රමවේදය" ගැස්සිලා වගෙයි. (නදී)
ලංකාවට කුඩු ගේන්නේ සුවඳ විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අනුමැතියකින් තොරව ගබ්සා පෙති, මනස විකෘති කිරීමේ පෙති ඇතුළු විවිධ ගේන්නේ සිංහලයා විනාස කිරීමේ යටි අරමුණ මේක තමයි.(නදී)