එකොළොස් වැනි වතාවටත් පැවැති කොළඹ මැරතන් තරගයේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ජාතික මැරතන් ශූරියක වන රුවිනි දීපානී සමත් වූවාය. විවෘත කාන්තා ශූරිය වූ ගුවන් හමුදාවේ රුවිනි දීපානි පැය 2 යි විනාඩි 57.28 ක කාලයකින් තරගය නිම කළාය. පළමු වරට කොළඹ මැරතන් තරගයට සහභාගි වු රුවිනි මෙම වසරේ ජාතික මැරතන් තරගයේ (කාන්තා) තුන්වැනි ස්ථානය දිනා ගත් ක‍්‍රීඩිකාවද වන්නීය. වසර දෙකකට ඉහතදී කොළඹ මැරතන් තරගයේ ශූරිය වු නාවික හමුදාවේ ලක්මිණී අනුරාධි පැය 3 යි. විනාඩි 11.35 කින් තරගය නිම කරමින් දෙවැනි ස්ථානය දිනාගත් අතර, පී.ඞී. නිලානී ප‍්‍රියදර්ශනී (පැය 3 යි. විනාඩි 11.35) තුන්වැනි ස්ථානය ද දිනා ගැනීමට සමත්වූවාය. දෙහි ඕවිට ඩඞ්ලි සේනානායක මහා විද්‍යාලයේ උසස් පෙළ විෂයන් හදාරන නිලානී නැගී එන ක‍්‍රීඩිකාවකි. පසුගිය වසරේ කොළඹ මැරතන් තරගයේ ශූරිය වු මංජුලා කුමාරසිංහ තරගය අතරමගදී නතරවීම නිසා ඇයට සුපුරුදු දස්කම් අතරට ඒමට නොහැකිවිය. දුර ධාවන ඉසව්වලදී කවදත් දස්කම් පාන කෙන්යානු කී‍්‍රඩකයන් පිරිසක් මෙවරත් තරගයට සහභාගි වු අතර එහිදී විශේෂත්වය වුයේ තරගයේ පිරිමි ශූරතාව ඇතුළු හයවැනි ස්ථානය දක්වා කෙන්යානු කී‍්‍රඩකයන් තරගය නිම කිරීමයි. එහිදී කෙන්යානු කී‍්‍රඩක ටොම් බර්ඩන් ජෙෆ්රි පිරිමි තරගය පැය 2යි. විනාඩි 28.08. ක කාලයකින් තරගය නිමකර සමස්ත ශූරතාව දිනාගත් අතර පසුගිය වසරේ කොළඹ මැරතන් ශූරයා වූ කිම්තායි කෙනඩි දෙවැනි ස්ථානයට තරගය නිම කළේ පැය 2යි විනාඩි 28. 16 කිනි. කෝගෝ කෙස්වෙටික් පැය 2යි විනාඩි 31.12 ක කාලයක් වාර්තා කරමින් තෙවැනි ස්ථානය ලැබීය. සිවු වරක් කොළඹ මැරතන් තරගය ජයගත් ජාතික ශූර අජිත් බණ්ඩාර මෙවර තරගයට සහභාගිනොවීම කාගේත් කතාබහට ලක්විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා තරගකරුවන් අතුරින් කැලූම් ධර්මරත්න හත්වැනි ස්ථානයට තරගය නිම කිරීමට සමත්විය. කැලූම් පවසන්නේ මාස එකහමාරක් වැනි කෙටි කාලයක් පුහුණුවීම්වල නිරතවී පළමුවරට ජාතික මට්ටමේ මැරතන් තරගයකට සහභාගිවු තමන් හත්වැනි ස්ථානයට තරගය නිම කිරීමට හැකිවීම පිළිබඳව සතුටුවන බව පැවසීය. කැලූම් තරගය නිම කිරීමට පැය 2යි. විනාඩි 37.45 ක කාලයක් ගත කළේය. මෙවර තරගයට කෙන්යාව, ඉතියෝපියාව, ජපානය, ප‍්‍රංශය, ඉතාලිය, ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව, ඇමරිකාව, පින්ලන්තය, ජර්මනිය, එංගලන්තය සහ තායිලන්තය ආදී රටවල්වලින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 100 කට වැඩි පිරිසක් සහභාගිවීම කැපී පෙණුනි. මෙම තරගය කොළඹ නිදහස් චතුරස‍්‍රය ඉදිරිපිටින් ඊයේ (2) පෙරවරුවේ තරගය ආරම්භ වු අතර කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 2000 පමණ විවෘත, අර්ධ, ප‍්‍රවීණ හා විනෝද යන කාණ්ඩ හතරක් යටතේ තරග කළහ. කිලෝමීටර 42.195 ක දුරකින් සමන්විත සමස්ත තරගය මීගමුව වෙරළ උද්‍යානයෙන් අවසන් විය. ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සහයෝගයද ඇතිව, ලංකා ස්පෝර්ට් රයිසන් (එල්.එස්.ආර්) ආයතනය මෙම තරගය සංවිධානය කළේය.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කොළඹ මැරතන් තරගයේ කාන්තා ඉසව්වේ පළමු ස්ථාන තුනම ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන්ට