(යොහාන් භාසුර)

කොළඹ නරගය ජලයෙන් යටවීමට බලපාන ජලය බැසීමේ අවහිරතා පවතින ස්ථාන 60 ක් හදුනාගෙන ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය අද පැවසීය.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් මැතවරණ කොට්ඨාස 5 වන උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල සහ මැදකොළඹ යන ප්‍රදේශවල කළ පරීක්‍ෂාවේදී එම ස්ථාන හදුනාගත් බවත් එම සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

කොළඹ නගරය වැසි වතුරෙන් යටවීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ඒකාබද්ධව ගංවතුර සහ ජල ගැලීම් පාලනයට ක්‍රියාත්මක කර ඇති ඒකාබද්ධ වැඩසටහනේදී මෙම තොරතුරු හෙළිවූ බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් කීය.

පසුගිය 6 වැනිදා පස්වරුවේ ඇඳහැලුණු වාර්ෂාව හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් තුළ කොළඹ නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවිය.