IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ගී කෙත පොබ කල කිතුනු පියවරු

2016-12-24-ent-60

ලෝ පුරා විසිරී සිටින කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය සමරන අදවන් නත්තල් දිනයක, ලොව පුරා වෙසෙන සියලුම ජන කොටස් අපේක්ෂා කරන්නේ සැබෑ සාමයයි. අපේ රටේ ජනතාවගේ එකම ප්‍රාර්ථනයද සැබෑ සාමයයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සමාජයේ පණිවිඩය රැගත් දේශන පාදක කොටගෙන ක්‍රෝධය, වෛරය, පළිගැනීම අපේ සිත්වලින් තුරන්කොට ආදරය, මෛත්‍රිය හා කරුණාවේ මහිමය අර්ථවත් කරමින්. මෙරට ගරු කිතුණු පූජකවරුන් විසින් රචනා කරන ලද ගීත, කාව්‍ය හා ගීතිකා පිළිබඳව විමසන්නට අපි අදහස් කළෙමු.

අරුත් බර වදනින් හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කිරීමට සමත්වූ ගරු මර්සලින් ජයකොඩි පියතුමන් හෙළ කිතුනු සාහිත්‍යයට මෙන්ම පොදුවේ ශ්‍රී ලාංකික ගීත සාහිත්‍යයට දායකත්වය ප්‍රබල සාධකයකි.

පන්සලේ පියතුමා යන විරුදාවලිය ලත් ගරු මර්සලින් ජයකොඩි පියතුමන් තරම් ගීතයෙන් සහ කවියෙන් මෙරට ජනතාවගේ සිත්සතන් වශී කළ අන් කතෝලික පූජකවරයෙකු නැති තරම්ය. සාහිත්‍ය කෙරෙහි උන්වහන්සේ තුළ තිබූ සුවිශේෂී හැකියාවන් මෙන්ම එතුමන් තුළ තිබූ සංගීත ප්‍රතිභාවන් අතිමහත්ය.

2016-12-24-ent-61

“ මගේ නත්තල දුගියා බත් කන දාය

මගේ නත්තල වැරහැලි නැතිවන දාය

මගේ නත්තල ඔබෙ දුක නැතිවන දාය

මගේ නත්තල පව පල්ලිය යන දාය”

 

එදා 1948 දී, නිදහස ලත් ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකික රජය විසින් පිළිගත් ‘නමෝ නමෝ මාතා’ ජාතික ගීතය දොරට වැඩීමේ මංගල ගායනය නිදහස් දින සමරැ දිනයේදී ඉදිරිපත් කිරීමට කොළඹ මියුසියස් විදුහලේ සිසුවියන් 100 දෙනෙකු පුහුණු කිරීමේ භාරදූර වගකීම රජය පැවරැවේ ගරැ මර්සලින් ජයකොඩි පියතුමන් හටය. එම කාර්යය ඔහු කෘතහස්ත ලෙස ඉටු කළේය. ගරැ මර්සලින් ජයකොඩි පියතුමා ප්‍රකාශයට පත් කළ කාව්‍ය සංග්‍රහය රුසක ගැබ්වූ ඔහුගේ අපූර්ව වාග් ශෛලිය හා නිර්මාණශීලී භාවිතය ඉතා විවිත්‍රවත්ය.

 

“ඉද්ද මලුයි සමන් මලුයි නුඹේ ඇස් වාගෙයි

හෙමින් යන්නකෝ මැණිකේ ඔසරිය පෑගෙයි.”

 

1983 දී ආසියානු නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන පිලිපීනයේ රුමෝන් මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලත් ගරැ ජයකොඩි පියතුමන් අතින් ලියැවුණු බොදු බැති ගීතද සුවිශේෂී විය.2016-12-24-ent-62

 

“වෙසක් වෙලා ඇයි උඩවැඩියා මල

ගසක් උඩට වී මල් පිපුණේ

සඳවත නරඹා සුපුන් පොහෝදා

පූජා වන්නද වන මුදුනේ”

 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ ආරාධනයෙන් චිත්‍රපට ගී රචනයට අවතීර්ණවූ ගරැ මර්සලින් ජයකොඩි පියතුමා අතින් ලියවුණු ගීත අතර "සුදු සඳ එළියේ නල මත පොපියන", "ඕලු නෙළුම් නෙරිය රඟාලා", "වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ", වැනි ගීත ඇතුළු මනමාලයෝ, ආදරවන්තයෝ, හිතක පිපුණු මල්, කොළඹ සන්නිය, රෝමියෝ ජුලියට් චිත්‍රපට සඳහා එතුමන් ගීත රචනා කර තිබේ. 1968 දී තිරගත වූ "රෝමියෝ ජුලියට්" සඳහා "My Dreams Are Roses" නැමැති ඉංග්‍රීසි ගීතය මුල්වරට සිංහල චිත්‍රපටයක් සඳහා රචනා කළේ එතුමා තුළ තිබූ ද්විභාෂා ප්‍රතිභාව ප්‍රකට කරමිනි.

සිංහල කැරොල් ගීතිකා රුසක්ද ගරැ මර්සලින් ජයකොඩි පියතුමා රචනා කර ඇත.

2016-12-24-ent-63මිනිස්කම අගය කිරීම, මිනිස්කමට ගරැ කිරීම, මිනිස්කම ආරක්ෂා කිරීම වැනි ගුණාංගයන් හරහා මනුෂ්‍යත්වයේ උත්තරීතර බව රුකීම පිළිබිඹු කරමින් කිතුනු හා දේශීය සාහිත්‍යයට සුවිශාල මෙහෙයක් ඉටුකළ ගරැ මෝසැසි පෙරේරා පියතුමන්ද අපට අමතක කළ නොහැකි චරිතයකි. බයිබලයේ එන ප්‍රශස්ති හා තෙහිලි ගී හෙළ බසට නැඟීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමේ ගෞරවය ගරැ මෝසැසි පෙරේරා හිමිපාණන්ට හිමිවේ. එතුමාගේ නිර්මාණවලට පාදක වූයේ සැබෑ මානව දයාවයි. උන්වහන්සේ ලියූ ගීත බොහොමයකට සංගීත දායකත්වය ලබාදුන්නේ ඔහුගේ ඥාති පුත් සුනිල් සාන්තයන්ය.

"මොනවට ඔබ මට පඬුරැ ගෙනාවේ කිළිටි නේද ඔබ හිත ඇතුළේ සහෝදර හා ඔබේ හිතේ කහට බැඳී ඇත අමනාපේ පුදසුන ළඟ ඔබෙ පඬුර තියාලා සොහොයුරැ ඔබගේ යන්න සොයාලා එන්න ඔවුන් හා සමගිවෙලා පිරිසිදු සිතකින් පුදනට මා"

ඉහතින් උපුටා දැක්වූයේ ගරැ මෝසස් පෙරේරා පියතුමන් රචනා කළ නිර්මාණයකි. කිතුනු බැති ගී සිය ගණනාවක් රචනා කළ ගරැ ලීනස් මෙන්ඩිස් පියතුමන්ද ලාංකික ගීත ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කතෝලික පූජකවරයෙකි.

සතුට සාමය, කන්කලු රසබර, සොඳුරැ ලස්සන වැනි ජනප්‍රිය ගීතිකා රචනා කළ ගරැ ලීනස් මෙන්ඩිස් පියතුමන් නත්තල් ගී හා පාස්කු ගී රුසක්ද නිර්මාණය කර තිබේ. එතුමන් විසින් රචිත බොහෝ ගීත ටී.එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ, ප්‍රියා සූර්යසේන, එඩ්වඩ් ජයකොඩි, ඉන්ද්‍රානි පෙරේරා, ෆීලික්ස් ඇන්ටන් වැනි ශිල්පීන් ගායනා කළහ.

ගරැ ලීනස් මෙන්ඩිස් පියතුමා විසින් රචිත අනෙකුත් ජනප්‍රිය ගීත අතර රැක්මණී දේවි හා ෆීලික්ස් ඇන්ටන් ගැයූ, "නිලම්බරේ කැළුම් පිරී සරා සඳ වගේ", මිල්ටන් මල්ලවාරච්චි ගැයූ, "මා දයාබර ප්‍රියාවියේ", චන්ද්‍රකුමාර් කඳනආරච්චි ගැයූ, "සිතේ සතුට ජීවිතයේ", කීර්ති පැස්කුවල් ගැයූ, "සුදු මගෙ වස්තුව" සුවිශේෂී වේ. දුර්ගා චිත්‍රපටයේ ප්‍රියංකර පෙරේරා ගයන තේමා ගීතය රචනා කළේද එතුමන්ය.

2016-12-24-ent-64ගරැ ලක්ප්‍රිය ද සිල්වා පියතුමන් අතින්ද කිතුනු බැති ගී මෙන්ම වෙනත් ගී රුසක් රචනා වී තිබේ. ක්ලැරන්ස් විජේවර්ධන එදා ගැයූ "ගමෙන් ලියුමක් ඇවිල්ලා" ගීතයට පිළිතුරැ ගීතය "මගෙ ආදර අක්කා වෙතයි", පද රචනය කළේ එතුමාය. ලාංකිකා පෙරේරා ගයන මොළකැටි පුතුනේ වාගේම කුමරැණි බෙත්ලෙහෙමේ, ආදරයක් මට නැතැයි ඇතුළු ගීතද උන්වහන්සේ රචනා කර තිබේ.

ගරැ ඇන්ජෙලෝ විජේවික්‍රම පියතුමාද ගී පද රචනය, සංගීත නිර්මාණය, ගායනය යන ත්‍රිත්වයම ජයගත් ප්‍රතිභාපූර්ණ පියතුමෙකි. එතුමන්ගේ නිර්මාණ රුගත් කැසට් පට කිහිපයක් නිකුත් වී ඇත.

කිතුනු බැති ගී, ගීතිකා හා කිතුනු සාහිත්‍ය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබෙන අනෙකුත් කතෝලික පූජකවරැන් අතර ගරැ එඩ්මන්ඩ් පීරිස් බිෂෝප්තුමා, ගරැ මොල්ලිගොඩ මොසස් පෙරේරා පියතුමා, ගරැ දේවප්‍රිය ද සිල්වා, ගරැ ශ්‍රියානන්ද ප්‍රනාන්දු පියතුමා, ගරැ බෙන්ඩික්ට් ජෝශප් පියතුමා, ගරැ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා, ගරැ අර්නස්ට් පෝරැතොට පියතුමා සුවිශේෂී වේ.

 

රමේෂ් උවයිස්

 

 

 
 



අදහස් (0)

ගී කෙත පොබ කල කිතුනු පියවරු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 363 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 952 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 294 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 191 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4632 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 966 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site