රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් සැරයන්වරයකුගේ පහර කෑමට ලක් වු බව කියන වීදී කත සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නීතීවේදී උදුල් ප්‍රේමරත්න මහතා සමඟ අද (03) කොළඹ පොලිස් මුලස්ථානයට පැමිණියාය
රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් සැරයන්වරයකුගේ පහර කෑමට ලක් වු බව කියන වීදී කත සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නීතීවේදී උදුල් ප්‍රේමරත්න මහතා සමඟ අද (03) කොළඹ පොලිස් මුලස්ථානයට පැමිණියාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගොල්ලන්ගේ බොරුව මෙයින්ම පෙනෙනවා. (නි)
උදුල් ප්‍රේමරත්න කියන්නේ අර ජ.වි.පි. කාරයා නේද (අ)
උදුල් ප්‍රේමරත්න කියන්නේ ජේවීපී එක්කෙනෙක්. මේක අවුස්සන්න ඕන එයාලට. (අ)
අරුණ ඒ වගේම නීතිය කරන අයටත් නීතිය කියල දෙන්න ඕනි.ඕනෑම තරා තිරමක කෙනෙකුට ඔය වගේ ගහන්න තලන්න බැ හොදේ.සිද්ද වුණේ දේ ඔයාල දන්නවා ඇතිනේ ඇයි ගැහුවේ කියල නේද ? රට අප කීර්තියට පත් වෙලා තියෙන්නේ දේශ පාලකයෝ කරන දේවල් නිසා පොලිසිය කරන දේවල් නිසා (අ)
අනිත් ගණිකාවොත් කෝටි ගණන් අලාභ ඉල්ලයි තමා, අර පොලිස් කාරයා වගේ මුර්ග විදිහට ඔවුන්ට මහා පාරේ දාගන ප්‍රසිද්ධියේ තඩි බැවෝත්. අරුණ කතා කරනවා වීදි කාන්තාවන් ගැන. අර මහා ලොකු හෝටල්වල ලොකුලොක්කන්ගේත් අනුග්‍රහය ඇතුව කොරන ඒවා හොඳයි වගේ නේද? බලපුවාම මේ ගොල්ලෝ හරි සුද්ධවන්තයෝ වගෙයි. මෙම කාන්තාව තමන්ගේ තත්වය පිළි ගෙන තිබීම ගැන මම ඇයට ගෞරව කරනවා. නඩුවෙන් ජය ලැබේවා! (අ)
දෙන්නගෙම රස්සාවේ වෙනසක් මමනම් දකින්නේ නැහැ.. දෙකම එකයි..කොහොම වුණත් කාන්තාවගේ එක අනෙක් එකට වඩා යම්තාක් දුරකට හෝ නම්බු කාරයි.(අ).
කීප දෙනෙක් උදුල්ගෙ ජාතකය සොයන්න මහන්සි වෙනවා වගේ. එයා පෙරටුගාමිද ජවිපෙද කියන එක නොවේ වැදගත් සමාජ අසාදාරනය නිසා නින්දාවටද, පසුව ශාරීරික හිංසනයටද පත්වූ කෙනෙක් වෙනුවෙන් තිබෙනවා යයි කියන යුක්තිය ඉටුකරවා ගැනීම වෙනුවෙන් පෙනී සිටීමයි. මම අහල තිබුන විදියට අන්තරේ හිටපු උදුල් දන්ත වෛද්‍ය පීටයේ සිසුවෙක්. (නදී)
ඔන්න මම අද නම් බන්දුල පෙරේරාට මල් මාලයක් දානවා. යථාර්ථය තේරුම්ගෙන ලියු අදහසට මම එකඟයි. සමහරු හරියට මාර්ග ඵල ලබලා වගේ අභිසරු කාන්තාවටම විතරක් ඇඟිලි දික්කරනවා. සේවාව ගන්න එන පිරිමියා ගැන කතාවක් නැහැ. ඒ අය බ්‍රහ්මචාරි වෙන්න ඇති. (නි)
කොහොමත් ජේ.වී.පී. එක තමයි මෙහෙම වෙලාවට උදවුවට ඉන්නේ. නැත්නම් අර මනුස්සයා අසරණයි. (නි)
අරුණ,වැදි බණ නොකියා ඉන්න (නි)
ලංකාවේ පොලිස් නිලධාරියෙකු මේ විදිහට කාන්තාවකට පහරදීම මුළු පොලිස් දෙපාර්තමේන්තුවට වගේම ශ්‍රී ලාංකිකයන්ටත් මහා අපකීර්තියක්. මහ දවල් දහස් ගණන් ජනතාව ඉදිරියේ වීදි කාන්තාවකට මේ කළ පහරදීම පහත් ක්‍රියාවක් හැටියට තමයි ශිෂ්ටසම්පන්න ජනතාව දකින්නේ. පොලිස් සැරයන්ගේ මේ ප්‍රහාරය අපි තරයේ හෙළාදකිමු. මොහු පොලිස් නිල ඇඳුමට නුසුදුස්සෙකු බව ඔප්පුවී හමාරයි. මව්කුසෙන් බිහිවුවෙකු මේ ප්‍රහාරය අනුමත නොකරන බව මගේ විශ්වාසයයි. (නි)
බන්දුල, මටත් හිතෙන්න එහෙමයි. හැබැයි කාන්තාවගේ වෘත්තියට ලොකු ඉතිහාසයක් තියෙනවා. ලංකාවට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කාර්යාලයක අවශ්‍යතාවය දැනෙනවා පොලිසියෙන් අය කරන වැඩ දැක්කාම (නි)
පොලිස් නිලධාරියා මොකද ඒ ස්ත්‍රියට පෙරළාගෙන ගැහුවේ? එහෙම වැඩ වෙනවා ලංකාවේ! (නි)
නීතීවේදියෙක් එක්ක පොලිසියට ආපු නිසා බේරුනා. නැතිනම් ආයුධ පෙන්නන්න එක්ක යාවි. (නදී)
කව්රු මොනවා කිවත් ගැහැණි අහිංසකයි. හනික වැරැද්ද මොනවා වුනත් මෙහෙම මිනිසුන්ට ගහන්න, පොලිසිය මොනවද හිතාගෙන ඉන්නේ. මේකේ ඉතිරි කොටස තමයි අන්න පිටකොටුවේ කොල්ලෝ ටිකක් එකතුවෙලා හොඳට දීල තියෙනවා පොලිසියට (නදී)
අප්පා හරිම පුදුමයි. අද බන්දුලට මොකද වෙලා තියෙන්නේ මිනිහ ඇත්ත නැත්ත තේරුම් අරගෙන වත්ද?ගණිකාවක් ඒ වෘතියට එන්න හේතුව හොයල බැලුවොත් අනිවාර්යෙන්ම එතන දේශපාලක තුමෙක් ඉන්නවාම තමයි. එහෙමත් නැත්නම් කවුරුන්ගේ හෝ රැවටීමකට අහුවුන කෙනෙක්. ඒක නිසා අපි ඒ අයට අපහාස වෙන විදියට කතා කරන්න හොද නැහැ නේද?මේ මගේ සිතුවිල්ලක් පමණි. (නදී)
හෙට අනිද්දා වෙනකොට කොළඹින් තව වටරවුමක් වෙන්කරන්න වෙයි. (නදී)
පොලිස් කියන වචනයේ තේරුම දන්නේ නැති පොලිසිය වීදි ගණිකාවකගේ තත්වයට පත්කරපු බලවතුන්ට දෙන දඩුවමද මේ නඩුව ? (නදී)
කට්ටිය වරදවා වටහාගෙන ..මම කිවේ මේ කාන්තාව සහ උදුල් ප්‍රේමරත්න ගැන. මේ සිදුවීම ගැන සවිස්තර තොරතුරු සති අන්ත පත්තර වල තියෙනවා. මේ කාන්තාව පොලිස් නිලධාරියා කුපිත කල ආකාරය අනෙක් අය ඉදිරියේ අසරන කල ආකාරය වගේම මේ කාන්තාව ප්‍රසිද්ධියේ එම ස්ථානයේ වපුරපු අශෝභන වාග් මාලාව ගැන විස්තර හොදින් දක්වල තියෙනවා. මේ ගහපු එක සාධාරණයි. මම ඔය පොලිස් සැරයන් උනා නම් මාත් කරන්නේ ඕක තමයි. ඊට පස්සේ වෙන දේ ගැන හිතන්නේ හිතේ හැටියට පත බෑවට පස්සේ. (නදී)
අන්තර් විශ්ව විද්‍යාලයේ හිටපු කැදවුම්කරු. ජවිපෙ හිටපු ප්‍රබලම සාමාජිකයෙක්. මේ වගේ පීඩිත නිර්ධන පංතියේ සිදුවීමකට මැදිහත්වීම හොදයි. (ස)
වීදි කාන්තාවන්ගේ සමාජ විරෝධී ක්‍රියාවන්ට මුලික අවධියේම ක්‍රියා නොකිරීමනිසා රටේ ළමා පරපුරත් විනාශවෙන අතරම රටත් දැන් අපකීර්තියට පත්වෙමින් පවතිනවා. (ස)
අනිත් ගණිකාවොත් කෝටි 5 ඒවා ඉල්ලලා පාරවල් හරස් කරලා උද්ගෝෂණ කරයිද දන්නේ නෑ පිටිපස්සෙන් ඉන්න අයගේ උපදෙස් පිට. මොනවා වුනත් පොලිසිය කරපු දේ වැරදි. වරදවා හිතන්න එපා ගණිකාව හරි කියල නම් මම කියන්නේ නෑ. (ස)
දිනේෂ්ගේ කතාව ඇත්ත (නි)
හෙට අනිද්දා වෙනකොට මොනවා කියයිද දන්නෙ නැහැ (නි)
මොකද දිනේෂ්, ඔයත් පොලිස්ද? (නි)
අපි අප්‍රිකානු රටක සිට මේ සිද්ධිය දෙස බලාගෙනයි ඉන්නේ (නි)
දැන් එතකොට කවුද කියන්නේ මේ කාන්තාව පොලිස් සැරයන්වරයෙක්ගෙන් ගුටි කෑවා කියලා? කවුද මේ සිද්ධිය දැක්කේ?අනේ අපි නම් දැක්කෙත් නැහැ. දැක්කත් අපිට නම් ඕවා මතකත් නැහැ. (නි)
මොකද්ද මේ නම වීදි කත. සිංහල භාෂාවේ වෙන වචනයක් තිබුනෙම නැද්ද ? (ස)
අරුණ ප්‍රශ්නය එ්ක නෙවෙයි. පොලිස් නිලධාරිය අළුගෝසු ක්‍රියාකාරකම් කොරපු එක. මෙතන එම කාන්තාවගේ රැකියාවගන ප්‍රශ්නයක් පැන නැගී නැහැ. ඇය ගණිකාවක් නම් ගණිකා වෘත්තියේ යෙදෙන එකම ගණිකාව ඇය නොවෙයි. කොළඹ සල්ලිකාර මිනිස්සුත් ගණිකා වෘත්තියට අනුබලදීල තිබුන හැටි අපි පත්තර වල කියෙවුව. (ස)
නීතිවේදී සමග ආපු නිසා හොඳයි. නැත්නම් පොලිසිය දනී සලකන හැටි. (ස)
ගණිකා වෘත්තිය නීතිගත කරලා තිබුනානම් ම්ගොල්ලොත් බෙන්ස් කාර් වලින් යාවි ලංකාවේ මිනිසුන්ගේ උවමනාවෙ හැටියට. (ස)
පොලිස් කාරය එහෙම පිටින්ම වැරද්යි, කාන්තාව ගණිකා වෘතියේ යෙදුනානම් අල්ලලා උසාවි එදිරිපත් කරන්න තිබුන , දඬුවම් කරන්නේ උසාවියෙන් පොලිසියට කවුද එ් බලය දුන්නේ ? අනික මිනිස්සු තමන්ගේ හැඟීම් පාලනය කර ගත්තනම් ගණිකාවෝ කියල කොට්ඨාශයක් නැහැනේ , එතකොට තරු පහේ හෝටල් වලටත් පොලීසිය පැනල ගණිකාවෝ අල්ලනවද ? (ස)
උදුල් ප්‍රේමරත්න කියන්නේ අර විශ්ව විද්‍යාලයේ කෙනාද? (නි)
මේවා අහනකොට මට 'නයි නළගන' මතක් වෙනවා. (නි)
ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුනේ. (නදී)
අපෝ මෙයාට ලැජ්ජාවක් නැහැ වගේ (නදී)
99% ගණිකාවන් වෙන්නේ ආශාවට නොවන බවත් තම දිවිය සරි කරගන්න බවත් ඉල්ලුම හා සැපයුම න්‍යායට අනුව ඔවුන්ගෙන් මුදල් ගෙවා සේවාව ලබා ගන්නේ ඔය මහා සුචරිතවාදී පුරුෂ පක්ෂයම බවත් අමතක නොකරන්න. (නි)
මෙතන නිකම් අපිට හොරා පොලිස් සෙල්ලම් පෙන්වන්න එන්න එපා. මේ සිද්ධියේදී තනිකරම ඒ පොලිස් නිලධාරියා වැරදියි. මේ විදිහට පහරදෙන්න ඕනෑ කියලා ලංකාවේ කොයි පොතේද සඳහන් වෙලා තියෙන්නේ? ලංකාවේ තව ඕනෑතරම් ගණිකාවෝ ඇති. හැබැයි පාරට බැහැල උද්ඝෝෂණය කරන්න තරම් නම්, ඒ අයගේ ඔළුගෙඩි අවුල් වෙලා නැතුව ඇති. (නි)